Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (41) Surah: An-Nahl
وَالَّذِیْنَ هَاجَرُوْا فِی اللّٰهِ مِنْ بَعْدِ مَا ظُلِمُوْا لَنُبَوِّئَنَّهُمْ فِی الدُّنْیَا حَسَنَةً ؕ— وَلَاَجْرُ الْاٰخِرَةِ اَكْبَرُ ۘ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟ۙ
දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් තමන්හට හිංසා පීඩා ඇති කොට තමන් පීඩනයට පත්වූවායින් පසු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දේව ප්රතික්ෂේපිත දේශයෙන් ඉස්ලාමීය දේශය වෙත තම නිවෙස් පවුල් හා තම දේපොළ අතහැර දමා නික්ම ගිය මුහාජිර්වරුන් වනාහි, සැබැවින් අපි ඔවුනට මෙලොවෙහි ගෞවරයෙන් යුතු ව සිටිය හැකි නිවහනක පදිංචි කරවන්නෙමු. ස්වර්ගයේ ඇති පිරිනැමීම් හේතුවෙන් මතුලොව තිළිණ වඩාත් උතුම් වන්නේය. හිජ්රත්-නික්ම- යාමෙන් පසුබැස්සවුන් එම නික්ම ගිය මුහාජිර්වරුන් සතු තිළිණ පිළිබඳ දැන ගන්නේ නම්, ඔවුන් ද එයින් පසු නොබසිනු ඇත.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• العاقل من يعتبر ويتعظ بما حل بالضالين المكذبين كيف آل أمرهم إلى الدمار والخراب والعذاب والهلاك.
•බුද්ධිමතා යනු නොමග ගිය බොරුකාරයින්ට අත් වූ ඉරණම හා ඔවුන් සුන්බුන් බවට පත්වීම, ගරා වැටීම, දඩුවම හා විනාශයේ මුඛයට පත් වූයේ කෙසේ දැයි සැලකිලිමත් වී ඒ ගැන පාඩම් ලබන්නාය.

• الحكمة من البعث والمعاد إظهار الله الحقَّ فيما يختلف فيه الناس من أمر البعث وكل شيء.
•යළි නැගිටුවීම, ගෙන්වා ගැනීම යනාදියෙහි යථාර්ථය වනුයේ ඔවුන් මතභේද ඇති කර ගත් යළි නැගිටුවීම හා අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් සත්යය අල්ලාහ් හෙළි කිරීමය.

• فضيلة الصّبر والتّوكل: أما الصّبر: فلما فيه من قهر النّفس، وأما التّوكل: فلأن فيه الثقة بالله تعالى والتعلق به.
•ඉවසීමේ හා සියල්ල භාර කිරීමෙහි මහිමය. ඉවසීම යනු ස්වයං පාලනය අන්තර්ගත වන්නකි. සියල්ල අල්ලාහ් වෙත භාර කිරීම යනු අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය හා ඔහු සමග සියල්ල සම්බන්ධ කිරීම අන්තර්ගත වන්නකි.

• جزاء المهاجرين الذين تركوا ديارهم وأموالهم وصبروا على الأذى وتوكّلوا على ربّهم، هو الموطن الأفضل، والمنزلة الحسنة، والعيشة الرّضية، والرّزق الطّيّب الوفير، والنّصر على الأعداء، والسّيادة على البلاد والعباد.
•හිංසා පීඩාවන් ඉවසා දරා, තම පරමාධිපති මත සියල්ල පවරා, තම නිවෙස් හා තම දේපොළ සම්පත් හැර දමා නික්ම ගිය මුහාජිර්වරුන් සතු ප්රතිඵල. එනම් විශිෂ්ඨ පදිංචි ස්ථානය, යහපත් නිවහන, නැවුම් ජීවිතය, සාරවත් පිරිපුන් පෝෂණ සම්පත්, සතුරන්ට එරෙහිව උදව් උපකාර, දේශයන් හා ගැත්තන් මත දරණ නායකත්වය යනාදියයි.

 
Salin ng mga Kahulugan Ayah: (41) Surah: An-Nahl
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara