Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (107) Surah: Al-Baqarah
اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
අහෝ නබිවරය! අහස් හා මහපොළොවේ හිමිකරු සැබැවින්ම අල්ලාහ් බව ඔබ දන්නෙහිය. ඔහු කැමති දෑ නීතිගත කරයි. ඔහු අභිමත කරන දෑ තම ගැත්තන් හට නියෝග කරයි. ඔහු අභිමත කරන දැයින් ඔහු ඔවුන් වළක්වයි. ඔහු අභිමත කරන දෑ සහතික කරයි. ඔහු අභිමත කරන දෑ වෙනස් කරයි. අල්ලාහ්ගෙන් පසු නුඹලාගේ කරුණු භාරගන්නට කිසිදු භාරකරුවකු නැත. ඔබට ඇතිවන හානියක් ඔබෙන් වළක්වන්නට කිසිදු උදව්කරුවකු නැත. ඒ සියල්ලෙහි භාරකරු මෙන්ම ඒ සඳහා බලය ඇත්තා ද අල්ලාහ් පමණි.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• أن الأمر كله لله، فيبدل ما يشاء من أحكامه وشرائعه، ويبقي ما يشاء منها، وكل ذلك بعلمه وحكمته.
සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔහුගේ තීන්දු හා ෂරීආ පිළිවෙත් ඔහු කැමති පරිදි වෙනස් කරයි. ඒවායින් ඔහු කැමති දෑ ඉතිරි කරයි. මේ සියල්ල සිදු වනුයේ ඔහුගේ අනුදැනුමෙන් හා ඔහුගේ ප්රඥාවෙනි.

• حَسَدُ كثيرٍ من أهل الكتاب هذه الأمة، لما خصَّها الله من الإيمان واتباع الرسول، حتى تمنوا رجوعها إلى الكفر كما كانت.
ආගම් ලත් ජනයා අතර බොහෝ දෙනා මෙම සමූහයා සමග ක්රෝධය හා ඊර්ෂ්යාව ඇති කර ගත්හ. දේව විශ්වාසය හා රසූල්වරයා පිළිපදින මෙන් අල්ලාහ්ගේ නියෝගය ඔවුන් වෙත පැමිණි පසු පවා ඔවුන් නැවත එම සමූහයා පෙර සිටි දේව ප්රතික්ෂේපයේ තත්ත්වයට යොමු කරන්නට ආශා කරන තරම් එම ඊර්ෂ්යාව හා ක්රෝධය පිහිටින.

 
Salin ng mga Kahulugan Ayah: (107) Surah: Al-Baqarah
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara