Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (247) Surah: Al-Baqarah
وَقَالَ لَهُمْ نَبِیُّهُمْ اِنَّ اللّٰهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوْتَ مَلِكًا ؕ— قَالُوْۤا اَنّٰی یَكُوْنُ لَهُ الْمُلْكُ عَلَیْنَا وَنَحْنُ اَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ یُؤْتَ سَعَةً مِّنَ الْمَالِ ؕ— قَالَ اِنَّ اللّٰهَ اصْطَفٰىهُ عَلَیْكُمْ وَزَادَهٗ بَسْطَةً فِی الْعِلْمِ وَالْجِسْمِ ؕ— وَاللّٰهُ یُؤْتِیْ مُلْكَهٗ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘සැබවින්ම නුඹලා තාලූත්ගේ යටතේ සටන් කිරීම සඳහා නුඹලාට රජකු ලෙස අල්ලාහ් ඔහු පත් කර ඇත’ යැයි පැවසීය. නමුත් එම තේරීමට විරුද්ධතාව පල කරමින් එයට පිටුපාමින් ඔවුන් අතර සිටි ප්රභූවරු: ‘අප පාලනය කරන්නට ඔහුට බලය හිමිවිය හැක්කේ කෙසේද? එම පාලනයට ඔහුට වඩා සුදුස්සෝ වන්නේ අපමය. වෙනත් රජ දරුවන් මෙන් ඔහු නැත. තම රාජ්ය පාලනයට උදව් වනු වස් විශාල ධනයක් ඔහුට පිරිනමා නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුන්ගේ නබිවරයා: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා දී ඇත. ඔහුගේ දැනුමේ පුළුල් බව හා ශරීර ශක්තිය ඔහුට වර්ධනය කොට දී ඇත. අල්ලාහ් තම කරුණාව හා ප්රඥාව තුළින් තමන් අභිමත කරන අය වෙත රාජ්ය පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ඔහු කැමති අයට එම භාග්යයන් පිරිනමනු ඇත. මැවීම් අතර එම භාග්යයයට වඩාත් සුදුස්සන් කවුරුන්දැයි ඔහු මැනවින් දන්නාය.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• التنبيه إلى أهم صفات القائد التي تؤهله لقيادة الناس؛ وهي العلم بما يكون قائدًا فيه، والقوة عليه.
•යුද සෙන්පතියෙකු තම සේනාව මෙහෙයවීමේදී ඒ සඳහා ඔහු සතු ව තිබිය යුතු අති වැදගත් ගුණාංග අවධාරණය කරයි. එනම්, තමන් මෙහෙයවන දෑ පිළිබඳ දැනුම හා ඒ කෙරෙහි තිබිය යුතු බලයයි.

• إرشاد من يتولى قيادة الناس إلى ألا يغتر بأقوالهم حتى يبلوهم، ويختبر أفعالهم بعد أقوالهم.
•ජනයා පාලනය කරන්නන්හට මග පෙන්වීම, එනම්: ඔවුන් පරීක්ෂාවට පත් වන තරමට ඔවුන්ගේ ප්රකාශ තුළින් ඔහු මුළාවට පත් නොවිය යුතුය. එමෙන්ම ඔවුන්ගේ ප්රකාශ වලට පසු ඔවුන්ගේ ක්රියාවන් පරීක්ෂාවට භාජනය කෙරෙනු ඇත.

• أن الاعتبارات التي قد تشتهر بين الناس في وزن الآخرين والحكم عليهم قد لا تكون هي الموازين الصحيحة عند الله تعالى، بل هو سبحانه يصطفي من يشاء من خلقه بحكمته وعلمه.
•ජනයා සෙස්සන් පිළිබඳ ප්රමාණයෙන් හා දැනුමෙන් තක්සේරු කිරීමේදී ඔවුන් අතර ප්රචලිත ව ඇති ක්රමවේද හා ප්රකාශ නිසිලෙස එම තක්සේරුව මත ම පිහිටන්නේ නැත. නිවැරදි දෑ ඇත්තේ අල්ලාහ් අබියසය. එහෙයින් ඔහුගේ මැවීම් අතුරින් ඔහු කැමති කෙනෙකු ඔහුගේ ප්රඥාවෙන් හා දැනුමෙන් තෝරා ගනු ඇත.

 
Salin ng mga Kahulugan Ayah: (247) Surah: Al-Baqarah
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara