Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (96) Surah: Al-Baqarah
وَلَتَجِدَنَّهُمْ اَحْرَصَ النَّاسِ عَلٰی حَیٰوةٍ ۛۚ— وَمِنَ الَّذِیْنَ اَشْرَكُوْا ۛۚ— یَوَدُّ اَحَدُهُمْ لَوْ یُعَمَّرُ اَلْفَ سَنَةٍ ۚ— وَمَا هُوَ بِمُزَحْزِحِهٖ مِنَ الْعَذَابِ اَنْ یُّعَمَّرَ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا یَعْمَلُوْنَ ۟۠
අහෝ නබිවරය! මෙලොව ජීවිතය කොතරම් පහත් අල්ප වූවත් මිනිසුන් අතර එයට වඩාත් ආශා කරන්නන් ලෙස නුඹ යුදෙව්වන් දකිනු ඇත. ඔවුන් යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස කරන දහම් ලද්දන් ලෙස සිටිය ද යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස නොකරන දෙවියන්ට සමානයන් තැබූ අයට වඩා දැඩි ලෙස එයට ආශා කරති. ඔවුන් අතර සිටින අයකු තමන් වසර දහසක් ආයුෂ ලැබිය යුතු යැයි ප්රිය කරයි. නමුත් කෙතරම් කාලයක් ආයුෂ ලැබුණද අල්ලාහ්ගේ දඬුවමින් දුරස්වන්නට අවස්ථාවක් ඔහුට නොලැබෙනු ඇත. අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඉන් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• المؤمن الحق يرجو ما عند الله من النعيم المقيم، ولهذا يفرح بلقاء الله ولا يخشى الموت.
• සැබෑ දේව විශ්වාසවන්තයා අල්ලාහ් වෙතින් සදාතනික සැප සම්පත අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් අල්ලාහ් හමුවීම ගැන සතුටට පත් වෙයි. ඔහු මරණයට බිය නොවෙයි.

• حِرص اليهود على الحياة الدنيا حتى لو كانت حياة حقيرة مهينة غير كريمة.
• මෙලොව ජීවිතය කිසිදු ගරුත්වයක් නැති අල්ප පහත් ජීවිතයක් වුවද යුදෙව්වන් මෙලොව ජීවිතයට වඩාත් ඇලුම් කරයි.

• أنّ من عادى أولياء الله المقربين منه فقد عادى الله تعالى.
• අල්ලාහ්ට සමීපතයින් සමග සතුරු වන්නා සැබැවින්ම අල්ලාහ් සමග සතුරුකම් පෑවේය.

• إعراض اليهود عن نبوة محمد صلى الله عليه وسلم بعدما عرفوا تصديقه لما في أيديهم من التوراة.
යුදෙව්වන් තම සන්තකයේ ඇති පුස්තකයේ මුහම්මද් තුමාණන් පිළිබඳ තහවුරු කරමින් සඳහන් කරුණු පිළිබඳ දැනගත් පසු පවා ඔවුන් එයට පිටුපෑම.

• أنَّ من لم ينتفع بعلمه صح أن يوصف بالجهل؛ لأنه شابه الجاهل في جهله.
තම දැනුමෙන් ප්රයෝජනය නොලබන්නා අඥානයෙකු ලෙස වර්ණනා කිරීම වඩාත් නිවැරැදිය. හේතුව ඔහු ඔහුගේ මෝඩකමෙහි අඥානයාට සමාන වන බැවිනි.

 
Salin ng mga Kahulugan Ayah: (96) Surah: Al-Baqarah
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara