Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (56) Surah: Ghāfir
اِنَّ الَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِ اللّٰهِ بِغَیْرِ سُلْطٰنٍ اَتٰىهُمْ ۙ— اِنْ فِیْ صُدُوْرِهِمْ اِلَّا كِبْرٌ مَّا هُمْ بِبَالِغِیْهِ ۚ— فَاسْتَعِذْ بِاللّٰهِ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟
අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කිසිදු සාධකයක් හෝ සාක්ෂියක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙහෙසෙමින් වාද කරන්නන් වනාහි, ඒ සඳහා ඔවුනට උර දුන්නේ සත්යයට එරෙහි ව ඔවුන් තුළ තිබූ මහත් අහංකාරය මිස වෙනෙකක් නොවීය. එයින් ඔවුන් පතන උසස්භාවය වෙත කිසිවිටෙක ඔවුන් ළඟා වන්නේ ම නැත. අහෝ දූතය! ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ බලා සිටින්නාය. ඒවායින් ඔහුට කිසිවක් අතපසු වන්නේ නැත. ඒවා සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• نصر الله لرسله وللمؤمنين سُنَّة إلهية ثابتة.
•අල්ලාහ් තම ධර්ම දූතවරුන්ට හා දේව විශ්වාසී ජනයාට උපකාර කිරීම ස්ථීර වූ දිව්ය පිළිවෙතයි.

• اعتذار الظالم يوم القيامة لا ينفعه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්හට ඔවුන් නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් වන්නේ නැත.

• أهمية الصبر في مواجهة الباطل.
•නිෂ්ඵල හා ව්යාජ දෑ හි මුහුණ දීමේදී ඉවසීමේ වැදගත්කම.

• دلالة خلق السماوات والأرض على البعث؛ لأن من خلق ما هو عظيم قادر على إعادة الحياة إلى ما دونه.
•අහස් හා මහ පොළොව මවා තිබීම යළි අවදි කරනු ලැබීමට සාධකයකි. ඊට හේතුව වඩාත් බලගතු දෙයක් මවන්නාට ඊට වඩා පහත් දෙයකට නැවත ජීවය ලබා දීමට බලය ඇති බැවිණි.

 
Salin ng mga Kahulugan Ayah: (56) Surah: Ghāfir
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara