Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (32) Surah: Al-Mā’idah
مِنْ اَجْلِ ذٰلِكَ ؔۛۚ— كَتَبْنَا عَلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ اَنَّهٗ مَنْ قَتَلَ نَفْسًا بِغَیْرِ نَفْسٍ اَوْ فَسَادٍ فِی الْاَرْضِ فَكَاَنَّمَا قَتَلَ النَّاسَ جَمِیْعًا ؕ— وَمَنْ اَحْیَاهَا فَكَاَنَّمَاۤ اَحْیَا النَّاسَ جَمِیْعًا ؕ— وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِالْبَیِّنٰتِ ؗ— ثُمَّ اِنَّ كَثِیْرًا مِّنْهُمْ بَعْدَ ذٰلِكَ فِی الْاَرْضِ لَمُسْرِفُوْنَ ۟
කාබීල් තම සහෝදරයා ඝාතනය කළ හේතුවෙන් සැබැවින්ම සමප්රතිචාර දැක්වීමක් වශයෙන් හා දේව ප්රතික්ෂේපය හෝ මංකොල්ලය වැනි මහපොළොවේ කලහකාරී ව හැසිරීමට දඬුවමක් වශයෙන් විනා සාධාරණ හේතුවකින් තොර ව ආත්මයක් නැසීම මුළු මිනිස් සංහතියම නැසුවා හා සමාන බව අපි ඉස්රාඊල් දරුවන්හට ඉගැන්වූයෙමු. හේතුව එහිදී නිරපරාධියා හා පැහැරගන්නා අතර වෙනසක් නැත. ආත්මයක් නැසීමේ තහනම් දැඩිසේ සිතට ගෙන අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේද ඔහු සියලු මිනිසුන් ජීවත් කළා හා සමානය. එසේ කටයුතු කිරීම සියලු මිනිසුන්ට ආරක්ෂිත වන්නේය. අපගේ දූතවරු ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි සමග පැමිණියහ. ඒ සමගම ඔවුන්ගෙන් විශාල පිරිසක් පාපකම් සිදු කරමින් ඔවුන්ගේ දූතවරුන්ට පිටුපාමින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් වූහ.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• حرمة النفس البشرية، وأن من صانها وأحياها فكأنما فعل ذلك بجميع البشر، وأن من أتلف نفسًا بشرية أو آذاها من غير حق فكأنما فعل ذلك بالناس جميعًا.
•මිනිස් ආත්මයක ගරුත්වය කවරෙකු එය ආරක්ෂා කොට ජීවත් වන්නට සලස්වන්නේද මුළු මිනිස් සංහතියම එසේ ආරක්ෂා කළා හා සමාන වන්නේය. එමෙන්ම කවරෙකු මිනිස් ආත්මයක් විනාශ කිරීම හෝ කිසිදු සාධාරණයකින් තොර ව එයට වදවේදනා දෙන්නේද ඔහු සියලු මිනිසුන්හට එවැන්නක් සිදු කළා හා සමාන වන්නේය.

• عقوبة الذين يحاربون الله ورسوله ممن يفسدون بالقتل وانتهاب الأموال وقطع الطرق هي: القتل بلا صلب، أو مع الصلب، أو قطع الأطرف من خلاف، أو بتغريبهم من البلاد؛ وهذا على حسب ما صدر منهم.
•ඝාතනය කරමින් මුදල් පැහැර ගනිමින් මංකොල්ලකමින් මිහිතලයේ කලහකම් කරන්නන් අතරින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් වදින්නන්හට හිමි දඬුවම වනුයේ 'එල්ලමින් හෝ එල්ලීමකින් තොර ව හෝ ඝාතනය කිරීම අවයව මාරුවෙන් මාරුව කපා හැරීම හෝ රටින් පිටුවහල් කිරීමයි. මෙය ඔවුන්ගෙන් මතු වන දෑට සරිලන අයුරින් දඬුවම් දෙන ලබන්නක් වන්නේය.

• توبة المفسدين من المحاربين وقاطعي الطريق قبل قدرة السلطان عليهم توجب العفو.
•එසේ සටන් වදින්නන් හා මංකොල්ලකරුවන් මත බලය යොදවනු ලැබීමට පෙර ඔවුන් පාප ක්ෂමාව අයැද සිටියේ නම් සමාව දීම අනිවාර්යය වන්නේය.

 
Salin ng mga Kahulugan Ayah: (32) Surah: Al-Mā’idah
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara