Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an * - Mục lục các bản dịch


Ý nghĩa nội dung Câu: (228) Chương: Al-Baqarah
وَالْمُطَلَّقٰتُ یَتَرَبَّصْنَ بِاَنْفُسِهِنَّ ثَلٰثَةَ قُرُوْٓءٍ ؕ— وَلَا یَحِلُّ لَهُنَّ اَنْ یَّكْتُمْنَ مَا خَلَقَ اللّٰهُ فِیْۤ اَرْحَامِهِنَّ اِنْ كُنَّ یُؤْمِنَّ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— وَبُعُوْلَتُهُنَّ اَحَقُّ بِرَدِّهِنَّ فِیْ ذٰلِكَ اِنْ اَرَادُوْۤا اِصْلَاحًا ؕ— وَلَهُنَّ مِثْلُ الَّذِیْ عَلَیْهِنَّ بِالْمَعْرُوْفِ ۪— وَلِلرِّجَالِ عَلَیْهِنَّ دَرَجَةٌ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
දික්කසාද කරනු ලැබූ කාන්තාවන් ඔසප් තත්ත්වයෙන් පිරිසිදුවීම් වාර තුනක් පොරොත්තුවෙන් සිටිය යුතුය. ඒ අතරවාරයේ විවාහයක් සිදු කර නොගත යුතුය. ඔවුන් සැබෑ ලෙසින්ම අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන කාන්තාවන් නම් ඔවුන්ගේ කුස තුළ අල්ලාහ් මවා ඇති කිසිවක් සැඟවීම ඔවුනට සුදුසු නොවන්නේය. නැවත සමගි වීමෙන් ආදරය හා දික්කසාද වීමට හේතු වූ කාරණා ඉවත් වනු ඇත යන අපේක්ෂාවෙන් නියමිත කාලය තුළ ඔවුන් නැවත ගෙන්වා ගැනීමට වඩාත් සුදුස්සෝ දික්කසාද කළ ඔවුන්ගේ සැමියන් වෙති. මිනිසුන් පොදුවේ දැන හඳුනා ඇති පරිදි සැමියා බිරියට ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇති සේම බිරියටත් තම සැමියා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇත. පවුල් ජීවිතය පවත්වාගෙන යෑමේදී් සහ දික්කසාදය කිරීමේදී පිරිමියා කාන්තාවනට වඩා තරාතිරමින් උසස්ය. අල්ලාහ් සර්ව බලධාරීය. ඔහු ව අබිබවා යන කිසිවක් නැත. ඔහුගේ පිළිවෙත් හා සැලසුම්හි ඔහු මහා ප්රඥාවන්තය.
Các Tafsir tiếng Ả-rập:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• بيَّن الله تعالى أحكام النكاح والطلاق بيانًا شاملًا حتى يعرف الناس حدود الحلال والحرام فلا يتجاوزونها.
•ජනයා හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් සීමාවන් වටහා ගෙන ඉන් ඔබ්බට නොයන තරමට අල්ලාහ් විවාහයේ හා දික්කසාදයේ නීති රීති ඉතා පැහැදිලි ව පූර්ණ ලෙස පහදා දී ඇත.

• عظَّم الله شأن النكاح وحرم التلاعب فيه بالألفاظ فجعلها ملزمة، وألغى التلاعب بكثرة الطلاق والرجعة فجعل لها حدًّا بطلقتين رجعيتين ثم تحرم عليه إلا أن تنكح زوجا غيره ثم يطلقها، أو يموت عنها.
•විවාහ කටයුත්ත අල්ලාහ් ගරු කොට ඇත. ඒ සම්බන්ධ ව හාස්යයට ලක් කරන ප්රකාශ තහනම් කොට ඇත. අධික වශයෙන් තලාක් කිරීම ඉන්පසු නැවත ගෙන්වා ගැනීම යනාකාරයෙන් එය විහිළුවට කිරීමද තහනම් කර ඇත. ඒ්වාට සීමාවන් පනවා ඇත. එනම් තලාක් කොට නැවත ගෙන්වා ගැනීමට අවස්ථා දෙකක් ලබා දී අවසාන තලාක් වාරයත් සමග ඇය ඔහුට තහනම් වනු ඇත. නැවත ඇය අනුමත වනුයේ ඇය නිත්යනුකූලව තවත් විවාහයක් සිදු කර ගෙන ඔහු සමග පවුල් ජීවිතය ගත කොට ඔහු ඇය ව දික්කසාද කළ පසු නව විවාහ ගිවිසුමක් මගිනි.

• المعاشرة الزوجية تكون بالمعروف، فإن تعذر ذلك فلا بأس من الطلاق، ولا حرج على أحد الزوجين أن يطلبه.
•පවුල් ජීවිතය යහපත් විය යුතුය. එය හිරිහැරයක් නම් තලාක් සිදු කිරීමේ වරදක් නැත. අඹු සැමියන් අතර කවරෙකු හෝ එය ඉල්ලා සිටියද ඔහුට හෝ ඇයට වරදක් නැත.

 
Ý nghĩa nội dung Câu: (228) Chương: Al-Baqarah
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an - Mục lục các bản dịch

Do Trung tâm Diễn giải Nghiên cứu Kinh Qur'an phát hành.

Đóng lại