Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版 * - Mục lục các bản dịch


Ý nghĩa nội dung Câu: (265) Chương: Al-Baqarah
وَمَثَلُ الَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمُ ابْتِغَآءَ مَرْضَاتِ اللّٰهِ وَتَثْبِیْتًا مِّنْ اَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ اَصَابَهَا وَابِلٌ فَاٰتَتْ اُكُلَهَا ضِعْفَیْنِ ۚ— فَاِنْ لَّمْ یُصِبْهَا وَابِلٌ فَطَلٌّ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවක් යැයි සිත් ස්ථාවරයට පත් කර ගනිමින් කිසිදු අකමැත්තකින් තොර ව තම වස්තුව වියදම් කරන දේව විශ්වාසවන්තයින්ට උපමාව සාරවත් උස් තැනිතලාවක පිහිටි වතුයායකි. එයට ධාරානිපාත වැස්සක් හට ගනී. බවභෝග ගුණ කර දෙයි. ධාරානිපාත වැස්සක් නොලැබී පොද වැස්සක් ලැබුණත් එම සාරවත් පොළවට එය සෑහෙයන්නේය. අවංක සිත් ඇත්තන් කරන වියපැහැදම්ද එලෙසමය. එය ස්වල්ප වශයෙන් පිහිටිය ද අල්ලාහ් එය පිළිගනී. එහි ප්රතිඵල ගුණ කර පිරිනමයි. නුඹලා සිදු කරන දෑ අල්ලාහ් නිරීක්ෂා කරමින් සිටියි. අවංක ව දන් දෙන්නන් හා මූණිච්චාවට දන් දෙන්නන්ගේ තත්ත්වයන් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
Các Tafsir tiếng Ả-rập:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• المؤمنون بالله تعالى حقًّا واثقون من وعد الله وثوابه، فهم ينفقون أموالهم ويبذلون بلا خوف ولا حزن ولا التفات إلى وساوس الشيطان كالتخويف بالفقر والحاجة.
•සැබෑ ලෙසින් අල්ලාහ් විශ්වාස කරන්නෝ අල්ලාහ්ගේ ප්රතිඥා හා ඔහුගේ කුසල් පිළිබඳ ව ස්ථාවර ව සිටිති. ඔවුහු ඔවුන්ගේ ධනය කිසිදු බියකින් හෝ දුකකින් තොර ව විය පැහැදම් කරති. ෂෙයිතාන් සිත් තුළ ඇති කරන දිළිඳුකම හා අව්යශතාව වැනි කුකුස් වෙත හැරී නොබලති.

• الإخلاص من أعظم ما يبارك الأعمال ويُنمِّيها.
•සිදු කරන කටයුතු වල වර්ධනය සහ අභිවෘද්ධිය පිහිටන්නට වඩාත් වැදගත් වනුයේ ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධියයි.

• أعظم الناس خسارة من يرائي بعمله الناس؛ لأنه ليس له من ثواب على عمله إلا مدحهم وثناؤهم.
•මිනිසුන් අතුරින් වඩාත් පාඩු ලබනුයේ තම ක්රියාවන් මිනිසුනට පෙන්වමින් මූණිච්ඡාවට කටයුතු කරන්නාය. හේතුව එවැන්නන් ප්රශංසාව හා ප්රාණමය පමණක් බලාපොරොත්තු වන බැවින් ඔවුන්ගේ ක්රියාවන් සඳහා කුසල් හිමි වන්නේ නැත.

 
Ý nghĩa nội dung Câu: (265) Chương: Al-Baqarah
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注僧伽罗语版 - Mục lục các bản dịch

由古兰经研究释义中心发行

Đóng lại