Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an * - Mục lục các bản dịch


Ý nghĩa nội dung Câu: (121) Chương: Ali 'Imran
وَاِذْ غَدَوْتَ مِنْ اَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِیْنَ مَقَاعِدَ لِلْقِتَالِ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟ۙ
අහෝ! නබිරවය, දහවල් කාලයේ ආරම්භයේදීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීම සඳහා මදීනාවේ සිට උහද් යුද පිටියට පිටත් ව ගිය අවස්ථාව මෙනෙහි කර බලනු. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් යුද පිටියේ සීරුවෙන් පෙළ ගස්වා ඔවුන් සෑම කෙනෙකුගේම ස්ථානය ඔබ ඔවුනට පැහැදිලි කළෙහිය. අල්ලාහ් නුඹලා කරන ප්රකාශයන්ට සවන් දෙන්නාය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.
Các Tafsir tiếng Ả-rập:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• نَهْي المؤمنين عن موالاة الكافرين وجَعْلهم أَخِلّاء وأصفياء يُفْضَى إليهم بأحوال المؤمنين وأسرارهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීම ඔවුන් හිතමිතුරන් ලෙස හා සුදනන් ලෙස ගැනීම දෙවියන් විශ්වාස කරන්නන්ගේ තත්ත්වයන් හා ඔවුන්ගේ රහස් ඔවුන් වෙත ගෙන යෑම දෙවියන් විශ්වාස කරන්නන්හට තහනම් කිරීම.

• من صور عداوة الكافرين للمؤمنين فرحهم بما يصيب المؤمنين من بلاء ونقص، وغيظهم إن أصابهم خير.
•දෙවියන් විශ්වාස කරන්නන්හට යම් අභාග්යයක් හෝ යම් දොසක් ඇති වූ විටෙක තමන් සතුටු වීමත් ඔවුනට යම් යහපතක් ඇති වූ විටෙක තමන් කෝප වීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් දෙවියන් විශ්වාස කරන්නන්හට දක්වන සතුරුකමෙහි ස්වරූපයකි.

• الوقاية من كيد الكفار ومكرهم تكون بالصبر وعدم إظهار الخوف، ثم تقوى الله والأخذ بأسباب القوة والنصر.
• ඉවසීම ප්රගුණ කිරීමෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට භීතිය හෙළි නොකිරීමෙන් ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ කූට උපක්රම වලින් ආරක්ෂාව ලබන්නේය. පසු ව අල්ලාහ් කෙරෙහි හැඟීමෙන් යුතු ව කටයුතු කරමින් බලය හා උපකාරය සාධක ලෙස භාවිත කළ යුතු වේ.

 
Ý nghĩa nội dung Câu: (121) Chương: Ali 'Imran
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala về diễn giải ngắn gọn Kinh Qur'an - Mục lục các bản dịch

Do Trung tâm Diễn giải Nghiên cứu Kinh Qur'an phát hành.

Đóng lại