Check out the new design

《古兰经》译解 - 僧伽罗语翻译 - 拉瓦德翻译中心。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 奈哈里   段:
وَتَحْمِلُ اَثْقَالَكُمْ اِلٰی بَلَدٍ لَّمْ تَكُوْنُوْا بٰلِغِیْهِ اِلَّا بِشِقِّ الْاَنْفُسِ ؕ— اِنَّ رَبَّكُمْ لَرَءُوْفٌ رَّحِیْمٌ ۟ۙ
නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිත ය. මහා කාරුණික ය.
阿拉伯语经注:
وَّالْخَیْلَ وَالْبِغَالَ وَالْحَمِیْرَ لِتَرْكَبُوْهَا وَزِیْنَةً ؕ— وَیَخْلُقُ مَا لَا تَعْلَمُوْنَ ۟
තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේ ය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත.
阿拉伯语经注:
وَعَلَی اللّٰهِ قَصْدُ السَّبِیْلِ وَمِنْهَا جَآىِٕرٌ ؕ— وَلَوْ شَآءَ لَهَدٰىكُمْ اَجْمَعِیْنَ ۟۠
තවද ඍජු මාර්ගය පහදා දීම අල්ලාහ් සතු ය. තවද මාර්ග අතරින් වැරදි මාර්ග ද ඇත. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි.
阿拉伯语经注:
هُوَ الَّذِیْۤ اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً لَّكُمْ مِّنْهُ شَرَابٌ وَّمِنْهُ شَجَرٌ فِیْهِ تُسِیْمُوْنَ ۟
අහසින් ජලය පහළ කළේ ඔහු ම ය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත.
阿拉伯语经注:
یُنْۢبِتُ لَكُمْ بِهِ الزَّرْعَ وَالزَّیْتُوْنَ وَالنَّخِیْلَ وَالْاَعْنَابَ وَمِنْ كُلِّ الثَّمَرٰتِ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
ඔහු නුඹලාට එමඟින් ගොයම ද, ඔලිව් ද, ඉඳි ද, මිදි ද තවත් සියලු බවභෝගවලින් ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.
阿拉伯语经注:
وَسَخَّرَ لَكُمُ الَّیْلَ وَالنَّهَارَ ۙ— وَالشَّمْسَ وَالْقَمَرَ ؕ— وَالنُّجُوْمُ مُسَخَّرٰتٌ بِاَمْرِهٖ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟ۙ
තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබ ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවන් ඇත.
阿拉伯语经注:
وَمَا ذَرَاَ لَكُمْ فِی الْاَرْضِ مُخْتَلِفًا اَلْوَانُهٗ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّقَوْمٍ یَّذَّكَّرُوْنَ ۟
තවද මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ණයෙන් වෙනස්ව බිහි කළ දෑ ද (ඔහු වසඟ කර දුන්නේ ය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.
阿拉伯语经注:
وَهُوَ الَّذِیْ سَخَّرَ الْبَحْرَ لِتَاْكُلُوْا مِنْهُ لَحْمًا طَرِیًّا وَّتَسْتَخْرِجُوْا مِنْهُ حِلْیَةً تَلْبَسُوْنَهَا ۚ— وَتَرَی الْفُلْكَ مَوَاخِرَ فِیْهِ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
තවද ඔහු වනාහි මහ මුහුද නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින ආභරණ එයින් ගොඩ ගනු පිණිස ද වසඟ කර දුන්නේ ය. තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන් ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ය.
阿拉伯语经注:
 
含义的翻译 章: 奈哈里
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译 - 拉瓦德翻译中心。 - 译解目录

由拉瓦德翻译中心团队与拉布瓦 الدعوة协会和伊斯兰内容服务协会合作翻译。

关闭