Check out the new design

《古兰经》译解 - 僧伽罗语翻译 - 拉瓦德翻译中心。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 讨拜   段:
یٰۤاَیُّهَا النَّبِیُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنٰفِقِیْنَ وَاغْلُظْ عَلَیْهِمْ ؕ— وَمَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ නුඹ අරගල කරනු. තවද ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. තවද ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය.
阿拉伯语经注:
یَحْلِفُوْنَ بِاللّٰهِ مَا قَالُوْا ؕ— وَلَقَدْ قَالُوْا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوْا بَعْدَ اِسْلَامِهِمْ وَهَمُّوْا بِمَا لَمْ یَنَالُوْا ۚ— وَمَا نَقَمُوْۤا اِلَّاۤ اَنْ اَغْنٰىهُمُ اللّٰهُ وَرَسُوْلُهٗ مِنْ فَضْلِهٖ ۚ— فَاِنْ یَّتُوْبُوْا یَكُ خَیْرًا لَّهُمْ ۚ— وَاِنْ یَّتَوَلَّوْا یُعَذِّبْهُمُ اللّٰهُ عَذَابًا اَلِیْمًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— وَمَا لَهُمْ فِی الْاَرْضِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
තමන් නො පැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. එහෙත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝ ය. ඔවුහු ඉස්ලාමය පිළිගත් පසු එය ප්‍රතික්ෂේප කළෝ ය. ඔවුනට නො ලැබුණු දෑ අපේක්ෂා කළෝ ය. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන්ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නො වීය. එහෙත් ඔවුන් පසුතැවිලි වී යොමු වන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. එමෙන් ම ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත.
阿拉伯语经注:
وَمِنْهُمْ مَّنْ عٰهَدَ اللّٰهَ لَىِٕنْ اٰتٰىنَا مِنْ فَضْلِهٖ لَنَصَّدَّقَنَّ وَلَنَكُوْنَنَّ مِنَ الصّٰلِحِیْنَ ۟
“ඔහුගේ භාග්‍යයෙන් ඔහු අපට පිරිනමා ඇත්නම් සැබැවින් ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින් ම අපි දැහැමියන් අතරින් වන්නෙමු” යැයි අල්ලාහ් සමඟ ගිවිස ගත් අය ද ඔවුන් අතරින් වෙති.
阿拉伯语经注:
فَلَمَّاۤ اٰتٰىهُمْ مِّنْ فَضْلِهٖ بَخِلُوْا بِهٖ وَتَوَلَّوْا وَّهُمْ مُّعْرِضُوْنَ ۟
එහෙත් ඔහු ඔවුනට ඔහුගේ භාග්‍යයෙන් පිරිනැමූ කල්හි ඔවුහු ඒ පිළිබඳව මසුරුකම් පෑහ. තවද ඔවුහු පිටුපාන්නන් ලෙසින් හැරී ගියෝ ය.
阿拉伯语经注:
فَاَعْقَبَهُمْ نِفَاقًا فِیْ قُلُوْبِهِمْ اِلٰی یَوْمِ یَلْقَوْنَهٗ بِمَاۤ اَخْلَفُوا اللّٰهَ مَا وَعَدُوْهُ وَبِمَا كَانُوْا یَكْذِبُوْنَ ۟
අල්ලාහ් වෙත කළ ප්‍රතිඥාව ඔවුන් කඩ කළ බැවින් ද ඔවුන් බොරු පවසමින් සිටි බැවින් ද ඔහුව ඔවුන් හමු වන දිනය තෙක් ඔවුන්ගේ හදවත් තුළ කුහකත්වය ඔවුන් පසුපස හබා යන්නට ඔහු ඉඩ හැරියේ ය.
阿拉伯语经注:
اَلَمْ یَعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَعْلَمُ سِرَّهُمْ وَنَجْوٰىهُمْ وَاَنَّ اللّٰهَ عَلَّامُ الْغُیُوْبِ ۟ۚ
නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන්ගේ රහස්‍ය දෑ හා රහස් සාකච්ඡාවන් දන්නා බවත් තවද නියත වශයෙන් ම අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නා බවත් ඔවුහු නො දැන සිටියෝ ද?
阿拉伯语经注:
اَلَّذِیْنَ یَلْمِزُوْنَ الْمُطَّوِّعِیْنَ مِنَ الْمُؤْمِنِیْنَ فِی الصَّدَقٰتِ وَالَّذِیْنَ لَا یَجِدُوْنَ اِلَّا جُهْدَهُمْ فَیَسْخَرُوْنَ مِنْهُمْ ؕ— سَخِرَ اللّٰهُ مِنْهُمْ ؗ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
දේවත්වය විශ්වාස කරන්නන් අතරින් දානයන් සම්බන්ධයෙහි සිය කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන්හට හා තම ශ්‍රමය හැර වෙනත් කිසිවක් නො ලබන්නන්හට ඔවුහු දොස් නගා ඔවුනට අවමන් කරන අය වනාහි අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කළේ ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
阿拉伯语经注:
 
含义的翻译 章: 讨拜
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译 - 拉瓦德翻译中心。 - 译解目录

由拉瓦德翻译中心团队与拉布瓦 الدعوة协会和伊斯兰内容服务协会合作翻译。

关闭