《古兰经》译解 - 僧伽罗语翻译。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 杜哈   段:

සූරා අල් ළුහා

وَالضُّحٰی ۟ۙ
පෙරවරු ව මත දිවුරමින්,
阿拉伯语经注:
وَالَّیْلِ اِذَا سَجٰی ۟ۙ
තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,
阿拉伯语经注:
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰی ۟ؕ
නුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත.
阿拉伯语经注:
وَلَلْاٰخِرَةُ خَیْرٌ لَّكَ مِنَ الْاُوْلٰی ۟ؕ
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
阿拉伯语经注:
وَلَسَوْفَ یُعْطِیْكَ رَبُّكَ فَتَرْضٰی ۟ؕ
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
阿拉伯语经注:
اَلَمْ یَجِدْكَ یَتِیْمًا فَاٰوٰی ۪۟
ඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද?
阿拉伯语经注:
وَوَجَدَكَ ضَآلًّا فَهَدٰی ۪۟
තවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය.
阿拉伯语经注:
وَوَجَدَكَ عَآىِٕلًا فَاَغْنٰی ۟ؕ
තවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය.
阿拉伯语经注:
فَاَمَّا الْیَتِیْمَ فَلَا تَقْهَرْ ۟ؕ
එහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු.
阿拉伯语经注:
وَاَمَّا السَّآىِٕلَ فَلَا تَنْهَرْ ۟ؕ
තවද අයදින්නා ව පලවා නො හරිනු.
阿拉伯语经注:
وَاَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ۟۠
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
阿拉伯语经注:
 
含义的翻译 章: 杜哈
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译。 - 译解目录

古兰经僧伽罗文译解,拉瓦德翻译中心团队与伊斯兰之家网站合作翻译

关闭