《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (34) 章: 阿里欧姆拉尼
ذُرِّیَّةً بَعْضُهَا مِنْ بَعْضٍ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟ۚ
මෙසේ සඳහන් කරනු ලැබූ නබිවරුන් හා ඔවුන්ගේ පියවර මත අනුගමනය කළ ඔවුන්ගේ පරම්පරාව වනාහි අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමේ හා දැහැමි ක්රියාවන් සිදු කිරීමේ ඔවුන් එකිනෙකා සම්බන්ධකම් ඇති උදවිය වෙති. ගතිගුණ හා මහිමයන්ට ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උරුමකම් කියති. අල්ලාහ් තම ගැත්තන් පවසන ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන් අතරින් තමන් කැමති අය තෝරා ගන්නේත් ඔවුන් අතුරින් තමන් කැමති අය උසස් කරන්නේත් එබැවිණි.
阿拉伯语经注:
这业中每段经文的优越:
• عظم مقام الله وشدة عقوبته تجعل العاقل على حذر من مخالفة أمره تعالى.
•අල්ලාහ්ගේ ස්ථාවරත්වයේ විභූතිය හා ඔහුගේ දඬුවමේ බිහිසුණුකම බුද්ධිමත් අයකු ඔහුගේ නියෝග වලට විරුද්ධ වීමෙන් ආරක්ෂා වන්නට ඉඩ සලසනු ඇත.

• برهان المحبة الحقة لله ولرسوله باتباع الشرع أمرًا ونهيًا، وأما دعوى المحبة بلا اتباع فلا تنفع صاحبها.
•දහම්ගත කොට ඇති නියෝග හා තහනම් දෑ පිළිපැදීම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ආදරය කිරීමේ සාධක වන්නේය. යමෙකු එසේ පිළිපැදීමකින් තොර ව දෙවියන් කෙරෙහි ආදරය ඇති බවට වාද කරන්නේ නම් එය ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත.

• أن الله تعالى يختار من يشاء من عباده ويصطفيهم للنبوة والعبادة بحكمته ورحمته، وقد يخصهم بآيات خارقة للعادة.
•අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අය තෝරා ගන්නේය. නබිත්වය නොහොත් දේව මෙහෙවර හා නැමදුම සඳහා ඔහුගේ ප්රඥාවෙන් හා දයාලුභාවයෙන් ඔවුන් තෝරා පත් කරන්නේය. අසාමාන්ය සාධක තුළින් ඔවුන් විශේෂගත කරනු ඇත.

 
含义的翻译 段: (34) 章: 阿里欧姆拉尼
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭