《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 译解目录


含义的翻译 段: (8) 章: 赛拜艾
اَفْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا اَمْ بِهٖ جِنَّةٌ ؕ— بَلِ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ فِی الْعَذَابِ وَالضَّلٰلِ الْبَعِیْدِ ۟
මේ මිනිසා අල්ලාහ් මත බොරු ගොතා අප මිය ගිය පසු ව අප ව යළි අවදි කරන්නා පිළිබඳ ඔහු තරයේ පවසා සිටින දෑ ඔහු තිරසාර ලෙස පවසන්නේ ද? එසේ නැතහොත් ඔහු කිසිදු සත්යයක් නැති උමතුවෙක් ද? මොවුන් විශ්වාස කරන පරිදි කරුණ නැත. එය සිදු වන්නේමය. සැබැවින්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමෙහි සිටිනු ඇත. එමෙන්ම මෙලොවෙහි ද සත්යයෙන් දුරස් ව අන්ත මුළාවෙහි පසුවනු ඇත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تكريم الله لنبيه داود بالنبوة والملك، وبتسخير الجبال والطير يسبحن بتسبيحه، وإلانة الحديد له.
•නබිත්වය හා පාලන බලය මගින් ගරු කළ අතර, කදු හා පක්ෂීන් ඔහු (සමඟ අල්ලාහ්ට) සුවිශුද්ධ කොට ගුණගායනා කිරීමෙන් හා ඔහු වෙනුවෙන් යකඩ මොලොක් කර දීමෙන් අල්ලාහ් දාවූද් නබි තුමාට කළ ගෞරවය.

• تكريم الله لنبيه سليمان عليه السلام بالنبوة والملك.
•නබිත්වය හා පාලනය බලය තුළින් අල්ලාහ් තම නබිවරයකු වූ සුලෙයිමාන් අලයිහිස් සලාම් තුමාට කළ ගෞරවය.

• اقتضاء النعم لشكر الله عليها.
•පිරිනමන ලද ආශිර්වාද සඳහා අල්ලාහ්ට කෘතඥවීමේ අවශ්යතාව.

• اختصاص الله بعلم الغيب، فلا أساس لما يُدَّعى من أن للجن أو غيرهم اطلاعًا على الغيب.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂිත වූවකි. සැබැවින්ම ජින්නුන් හා වෙනත් අයට ද එම ගුප්ත දෑ පිළිබඳ දැනුම ඇත්තේ යැයි වාද කරනු ලබන දෑට කිසිදු පදනමක් නැත.

 
含义的翻译 段: (8) 章: 赛拜艾
章节目录 页码
 
《古兰经》译解 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 译解目录

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

关闭