Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (93) 章: 玛仪戴
لَیْسَ عَلَی الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جُنَاحٌ فِیْمَا طَعِمُوْۤا اِذَا مَا اتَّقَوْا وَّاٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ثُمَّ اتَّقَوْا وَّاٰمَنُوْا ثُمَّ اتَّقَوْا وَّاَحْسَنُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟۠
තහනම් කිරීමට පෙර පරිහරනය කළ අයට කිසිදු විපාකයක් නැත. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වනු පිණිස දැහැමි කටයුතු සිදු කළවුන්හට, මත්ද්රව්ය තහනම් කිරීමට පෙර එය පරිහරණය කිරීමෙන් ඇති වූ පාපය ඔවුනට නැත. අල්ලාහ්ගේ කෝපයට බිය වී ඔහු ව විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් ඉටු කරමින් තහනම් දැයින් වැළකුණු විට පසු ව ඔවුන් අල්ලාහ් බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔහුට නැමදුම් කරන තරමට ඔහු පිළිබඳ අවධානය වැඩි කර ගත් විට අල්ලාහ්ගේ අඛණ්ඩ පාලක සංවේදකය ඔවුනට හිමි වනු ඇත. එසේ වනුයේ දේව විශ්වාසවන්තයා තම ක්රියාවන් විධිමත් ව භක්තියෙන් යුතු ව ඉටු කරන බැවිණි. අල්ලාහ් ව ඔවුන් දකින්නාක් මෙන නැමදුම් කරන්නන්හට ඔහු ප්රිය කරයි.
阿拉伯语经注:
这业中每段经文的优越:
• عدم مؤاخذة الشخص بما لم يُحَرَّم أو لم يبلغه تحريمه.
තහනම් කරනු නොලැබූ දෙයක් හෝ යමක් තහනම් බව තමන්ට දැන ගන්නට නොලැබුණු දෙයක් හේතුවෙන් පුද්ගලයකු වරදකරවකු බවට පත් වන්නේ නැත.

• تحريم الصيد على المحرم بالحج أو العمرة، وبيان كفارة قتله.
හජ් හෝ උම්රා වන්දනා අවස්ථාවෙහි ඉහ්රාම් තත්ත්වයේ සිටින්නාට දඬයම් කිරීමේ තහනම හා එසේ දඬයම් කොට සතෙක් මරා දැමීමේ දී ඒ සඳහා කළ යුතු ප්රතිකර්මය විස්තර කිරීම.

• من حكمة الله عز وجل في التحريم: ابتلاء عباده، وتمحيصهم، وفي الكفارة: الردع والزجر.
යමක් තහනම් කිරීමේදී අල්ලාහ්ගේ ප්රඥාව වනුයේ ඔහුගේ ගැත්තන් පරීක්ෂණයට හා විභාගයට ලක් කිරීමය. එහි ප්රතිකර්මය සංයමය හා වැළකීමයි.

 
含义的翻译 段: (93) 章: 玛仪戴
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭