Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 扎勒亚提   段:

අස්සාරියාත්

每章的意义:
تعريف الجن والإنس بأن مصدر رزقهم من الله وحده؛ ليخلصوا له العبادة.
ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අල්ලාහ්ට පමණක් අවංකව නැමදුම් පුද කිරීමට හැකි වනු පිණිස සැබැවින්ම ඔවුන්ගේ පෝෂණයේ කේන්ද්රය අල්ලාහ් විසින් පමණක් සිදු වන්නක් බව ඔවුනට දන්වා සිටීම.

وَالذّٰرِیٰتِ ذَرْوًا ۟ۙ
දූවිලි නංවාලමින් හමන සුළඟ මත අල්ලාහ් දිවුරා සිටියි.
阿拉伯语经注:
فَالْحٰمِلٰتِ وِقْرًا ۟ۙ
මහා වැසි ජලය උසුලා යන වළාකුළු මත ද දිවුරයි.
阿拉伯语经注:
فَالْجٰرِیٰتِ یُسْرًا ۟ۙ
සැහැල්ලුවෙන් හා පහසුවෙන් සාගරයේ යාත්රා කරන නැව් මත ද දිවුරයි.
阿拉伯语经注:
فَالْمُقَسِّمٰتِ اَمْرًا ۟ۙ
ගැත්තන්ගේ කටයුතු බෙදා හරින මෙන් අල්ලාහ් ඔවුනට නියෝග කළ දෑ බෙදා හරින මලක්වරුන් මත ද දිවුරයි.
阿拉伯语经注:
اِنَّمَا تُوْعَدُوْنَ لَصَادِقٌ ۟ۙ
සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්රතිඥා දී ඇති විනිශ්චය හා ප්රතිඵල සත්යයකි. එහි කිසිදු සැකයක් නැත.
阿拉伯语经注:
وَّاِنَّ الدِّیْنَ لَوَاقِعٌ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ගැත්තන්ගෙන් විනිශ්චය කිරීම සිදු වන්නක්මය. එහි සැකයක් නැත.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الاعتبار بوقائع التاريخ من شأن ذوي القلوب الواعية.
•ඉතිහාසයේ සිදු වූ සිදුවීම් තුළින් පාඩම් ලැබීම සවිඥානී හදවත් ඇත්තන්ගේ කටයුත්තකි.

• خلق الله الكون في ستة أيام لِحِكَم يعلمها الله، لعل منها بيان سُنَّة التدرج.
•අල්ලාහ්ගේ දැනුමෙහි පවතින ප්රඥාවක් හේතුවෙන් දින හයක දී ඔහු මුළු විශ්වයම මැව්වේය. ඇතැම් විට අදියරයෙන් අදියර ක්රියාත්මක වීමේ ක්රියාවලිය පිළිබඳ පැහැදිළි කිරීම සඳහා විය හැකිය.

• سوء أدب اليهود في وصفهم الله تعالى بالتعب بعد خلقه السماوات والأرض، وهذا كفر بالله.
•අහස් හා මහපොළොව මැවීමෙන් පසු අල්ලාහ් වෙහෙසට පත්ව ඇතැයි යුදෙව්වන් ඔහු ගැන විස්තර කිරීමේ නපුරු පුරුද්ද. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම ද එලෙසමය.

 
含义的翻译 章: 扎勒亚提
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭