Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (159) 章: 艾奈尔姆
اِنَّ الَّذِیْنَ فَرَّقُوْا دِیْنَهُمْ وَكَانُوْا شِیَعًا لَّسْتَ مِنْهُمْ فِیْ شَیْءٍ ؕ— اِنَّمَاۤ اَمْرُهُمْ اِلَی اللّٰهِ ثُمَّ یُنَبِّئُهُمْ بِمَا كَانُوْا یَفْعَلُوْنَ ۟
සැබැවින්ම තම දහමින් කොටසක් පිළිපැද තවත් කොටසක් අතහැර දමමින් යුදෙව්වන් හා කිතුනුවන් අතර තම දහම වෙන්කර ගත්තවුන් වනාහි, ඔවුහු මතභේද වලින් පිරුණු පිරිසක් බවට පත් වූහ. අහෝ දූතය! ඔවුන්ගෙන් කිසිවක ඔබ නැත. ඔවුන් කවර මුළාවක පසුවන්නේද එයින් ඔබ නිදොස්ය. ඔබට ඇත්තේ ඔවුනට අවවාද කිරීම පමණි. ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත භාර කරනු ලැබේ. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු ඔවුනට දන්වා ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි.
阿拉伯语经注:
这业中每段经文的优越:
• أن الدين يأمر بالاجتماع والائتلاف، وينهى عن التفرق والاختلاف.
•සැබැවින්ම දහම එකමුතුකම හා ලෙන්ගතුකම පිළිපදින මෙන් නියෝග කරයි. නමුත් එය වෙන් වීම හා මත ගැටුම් ඇති කර ගැනීම වළක්වාලයි.

• من تمام عدله تعالى وإحسانه أنه يجازي بالسيئة مثلها، وبالحسنة عشرة أمثالها، وهذا أقل ما يكون من التضعيف.
•අල්ලාහ් පාපයකට ඒ හා සමාන ප්රතිවිපාකයක් පිරිනැමීමෙන් හා යහපතකට ඒ හා සමාන ප්රතිඵල දහයක් පිරිනැමීමෙන් ඔහුගේ පූර්ණ සාධාරණත්වය ඔහුගේ ත්යාගශීලීභාවය විදහා පාන්නේය. ගුණ කර දීමේ දී එහි අවම ප්රමාණය මෙය වන්නේය.

• الدين الحق القَيِّم يتطَلب تسخير كل أعمال العبد واهتماماته لله عز وجل، فله وحده يتوجه العبد بصلاته وعبادته ومناسكه وذبائحه وجميع قرباته وأعماله في حياته وما أوصى به بعد وفاته.
•සැබෑ ඍජු දහම ගැත්තාගේ සියලු ක්රියාවන් හා වැදගත් කටයුතු සියල්ල අල්ලාහ්ට පමණක් පිළිගන්වන මෙන් ඉල්ලා සිටියි. ගැත්තා තම සලාත් නැමදුම් අනෙකුත් නැමදුම් හා වන්දනාවන් ඔහුගේ සත්ව කැපකිරීම් ඔහුගේ සියලු පිළිගැන්වීම් ඔහුගේ මෙලොව ජීවිතයේ සියලු ක්රියාවන් හා ඔහු මිය ගිය පසු ව ඔහුගේ අන්තිම කැමැත්ත යනාදී සියල්ල අල්ලාහ්ට පමණක් පිළිගැන්විය යුතුය.

 
含义的翻译 段: (159) 章: 艾奈尔姆
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭