Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አር-ረዕድ   አንቀጽ:
وَیَسْتَعْجِلُوْنَكَ بِالسَّیِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلٰتُ ؕ— وَاِنَّ رَبَّكَ لَذُوْ مَغْفِرَةٍ لِّلنَّاسِ عَلٰی ظُلْمِهِمْ ۚ— وَاِنَّ رَبَّكَ لَشَدِیْدُ الْعِقَابِ ۟
දෙවියන්ට ආදේශ තබන්නන් දඬුවම ඉක්මණින් පතති. ඔවුනට අල්ලාහ් නියම කළ ආශිර්වාදයන් සම්පූර්ණ වීමට පෙර එම දඬුවම ඔවුනට පහළ වීම ප්රමාද වෙයි. ඔවුනට පෙර ඔවුන් මෙන් දඬුවමට ලක් වූ බොරුකාර සමූහයන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් ඒ ගැන සිතා ඔවුන් පාඩම් ලැබිය යුතු නොවේ ද? අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ජනයා අපරාධ කරමින් සිටිය ද ඔවුන්ගේ වැරදි නොසලකා හරින ස්වභාවයෙන් යුක්තය. ඔවුන් අල්ලාහ් වෙත සමාව ඉල්ලා යොමු වීම සඳහා ඔවුනට ඔහු දඬුවම ඉක්මන් කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපයේ දිගටම පසුවන්නන් පාප ක්ෂමාව ඉල්ලා ඔහු වෙත යොමු නොවූයේ නම් සැබැවින්ම ඔහු දඬුවම් කිරීමේ ඉතා බලවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُ الَّذِیْنَ كَفَرُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ؕ— اِنَّمَاۤ اَنْتَ مُنْذِرٌ وَّلِكُلِّ قَوْمٍ هَادٍ ۟۠
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් මුරණ්ඩකම හා උඬගුකමෙහි ඉක්මවා යමින්, "මූසා හා ඊසාට පහළ වූවාක් මෙන් ප්රාතිහාර්යයක් මුහම්මද්ට ඔහුගේ පරමාධිපතිගෙන් පහළ වන්නට තිබුණා නොවේද?" යි කියති. අහෝ දූතය! සැබැවින්ම ඔබ හුදෙක් අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුන් බිය ගන්වා අවවාද කරන්නෙක් පමණි. අල්ලාහ් ඔබට පිරිනැමූ එය මිස වෙනත් ප්රාතිහාර්යයන් ඔබ සතු ව නැත. සෑම සමූහයකටම ඔවුන්ට සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන හා එය නිරූපණය කරන වක්තෘවරයෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ یَعْلَمُ مَا تَحْمِلُ كُلُّ اُ وَمَا تَغِیْضُ الْاَرْحَامُ وَمَا تَزْدَادُ ؕ— وَكُلُّ شَیْءٍ عِنْدَهٗ بِمِقْدَارٍ ۟
සෑම කාන්තාවක්ම ඇයගේ කුසෙහි රඳවා ගෙන සිටින දෑ අල්ලාහ් දනී. ඒ ගැන සෑම දෙයක්ම ඔහු දනී. කුස තුළ හීන වන දෑ වර්ධනය වන දෑ ආරෝග්යමත් දෑ විකෘති වන දෑ යනා දී ලෙස ඇතිවන සියලු වෙනස්කම් ඔහු දනී. සෑම දෙයක්ම අල්ලාහ් අබියස අඩු වැඩි නොවන පරිදි නියම කරනු ලැබූ ප්රමාණයකින් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ الْكَبِیْرُ الْمُتَعَالِ ۟
සැබැවින්ම ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ මැවීම් හි සංවේදිතාවන්ට ලක් නොවන ගුප්ත ව පවතින සියලු දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම ඒවායෙහි සංවේදිතාවන්ට ලක්වන සියලු දෑ ද ඔහු දන්නාය. ඔහුගේ ගුණාංග, ඔහුගේ නාම හා ඔහුගේ ක්රියාවන් තුළ සර්වබලධාරීය. ඔහුගේ ගුණාංගයෙන් හා ඔහුගේ ස්වභාවයෙන් ඔහුගේ සෙසු මැවීම්වලට වඩා ඔහු උත්තරීතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَوَآءٌ مِّنْكُمْ مَّنْ اَسَرَّ الْقَوْلَ وَمَنْ جَهَرَ بِهٖ وَمَنْ هُوَ مُسْتَخْفٍ بِالَّیْلِ وَسَارِبٌ بِالنَّهَارِ ۟
ඔහු රහසිගත දෑ හා සැඟ වී පවතින දෑ දනී. අහෝ ජනියිනි! නුඹලා අතර වචන සගවන්නා ද හා එය හෙළි කරන්නා ද ඔහුගේ දැනුමෙහි සමානය. එමෙන්ම මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී රාත්රී අන්ධකාරයෙහි සැඟවී කටයුතු කරන්නා ද මහ දහවලෙහි ප්රසිද්ධියෙහි කටයුතු කරන්නා ද ඔහුගේ දැනුමෙහි එක සමානය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهٗ مُعَقِّبٰتٌ مِّنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖ یَحْفَظُوْنَهٗ مِنْ اَمْرِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ لَا یُغَیِّرُ مَا بِقَوْمٍ حَتّٰی یُغَیِّرُوْا مَا بِاَنْفُسِهِمْ ؕ— وَاِذَاۤ اَرَادَ اللّٰهُ بِقَوْمٍ سُوْٓءًا فَلَا مَرَدَّ لَهٗ ۚ— وَمَا لَهُمْ مِّنْ دُوْنِهٖ مِنْ وَّالٍ ۟
මිනිසුන් වෙත පිරිසකගෙන් පසු තවත් පිරිසක් වශයෙන් පැමිණෙන මලක්වරුන් උත්තරීතර අල්ලාහ් සතු ව ඇත. ඔවුන්ගෙන් ඇතැමුන් රාත්රි කාලයේ පැමිණෙති. ඇතැමුන් දහවල් කාලයේ පැමිණෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව ඔහු කවර කරුණක් මිනිසාගෙන් වැළැක්විය යුතු දැයි නියම කරන ලද්දේ ද එවන් සියලු නියමයන්ගෙන් ඔවුහු ඔහු ආරක්ෂා කරති. ඔවුහු ඔහුගේ ක්රියාවන් හා ප්රකාශයන් සටහන් කරති. සැබැවින්ම අල්ලාහ් පිරිසක් කෘතවේදී තත්ත්වයෙන් ඔවුන් වෙනස් වන තෙක් යහපත් තත්ත්වයකින් ඔවුනට සතුටු නොවන වෙනත් තත්ත්වයකට වෙනස් කරන්නේ නැත. ශුද්ධවන්ත අල්ලාහ් යම් පිරිසකට විනාශය අභිමත කළේ නම් ඔහුගේ අභිමතයට විරුද්ධ වන කිසිවෙකු නැත. අහෝ ජනයිනි! අල්ලාහ්ගෙන් තොර ව නුඹලාගේ කටයුතු භාර ගන්නා වෙනත් භාරකරුවකු නැත. එහෙයින් නුඹලාට අත්වන දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා නුඹලා ඔහු වෙතම යොමු වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ یُرِیْكُمُ الْبَرْقَ خَوْفًا وَّطَمَعًا وَّیُنْشِئُ السَّحَابَ الثِّقَالَ ۟ۚ
අහෝ ජනයිනි! අකුණු එළිය නුඹලාට දිස්වන්නට සළස්වනුයේ ඔහුය. අකුණු හඬින් බිය ද, වර්ෂාව තුළ ආශාව ද ඔහු එමගින් නුඹලාට එකට ලබා දෙයි. අධික ලෙස වර්ෂාව ඇති කරන ජලයෙන් ඝණ වළාකුළු බිහි කරනුයේ ඔහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهٖ وَالْمَلٰٓىِٕكَةُ مِنْ خِیْفَتِهٖ ۚ— وَیُرْسِلُ الصَّوَاعِقَ فَیُصِیْبُ بِهَا مَنْ یَّشَآءُ وَهُمْ یُجَادِلُوْنَ فِی اللّٰهِ ۚ— وَهُوَ شَدِیْدُ الْمِحَالِ ۟ؕ
අකුණු හඬ තම පරමාධිපතිට ඔහුගේ ප්රශංසා හා බැඳුණු පිවිතුරු කිරීමකින් විභූතිමත් කරයි. මලාඉකාවරුන් තම පරමාධිපතිට බියෙන් කීර්තියෙන් හා ඔහු ට ගෞවරය පුදමින් විභූතිමත් කරයි. ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අය වෙත ගිණිබත් කර දමන අකුණු සැර පහළ කර ඔහුව විනාශ කර දමනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් තත්ත්වය වෙනස් කිරීමේ හා එය බලවත් කිරීමේ ඉතා දැඩිය. එහෙයින් ඔහු සිදු කරන දෙයක් මිස අපේක්ෂා කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظيم مغفرة الله وحلمه عن خطايا بني آدم، فهم يستكبرون ويَتَحَدَّوْنَ رسله وأنبياءه، ومع هذا يرزقهم ويعافيهم ويحلم عنهم.
•ආදම්ගේ දරුවෝ ඔවුන්ගේ දූතවරුන් හා නබිවරුන්හට අභියෝග කරමින් හා අහංකාරයෙන් සිටිය ද ඔවුන්ගේ වැරදි සම්බන්ධයෙන් අල්ලාහ්ගේ රිස්සීම හා සමාවේ බලවත්කම.

• سعة علم الله تعالى بما في ظلمة الرحم، فهو يعلم أمر النطفة الواقعة في الرحم، وصَيْرُورتها إلى تخليق ذكر أو أنثى، وصحته واعتلاله، ورزقه وأجله، وشقي أو سعيد، فعلمه بها عام شامل.
•අඳුරු ගර්භාෂය තුළ ඇති දෑ පිළිබඳ අල්ලාහ්ගේ දැනුමේ විශාලත්වය. ගර්භාෂය තුළ වැටෙන ශුක්රාණුවේ ක්රියාකාකාරිත්වය ඔහු දනී. පිරිමියෙකු හෝ ස්ත්රියකගේ ස්වරූපයෙන් හැඩ ගැසීම, එහි ආරොග්යමත්භාවය හා ව්යාකූලභාවය එහි පෝෂණය හා ආයු කාලය, ඔහු දැහැමියෙකු ද එසේ නැතිනම් අභග්යවන්තයෙකු ද යන වග වැනි සියලු ක්රියාකාරිත්වයන් පොදුවේ ඔහු පූර්ණ ලෙස දනී.

• عظيم عناية الله ببني آدم، وإثبات وجود الملائكة التي تحرسه وتصونه وغيرهم مثل الحَفَظَة.
•ආදම්ගේ දරුවන් කෙරෙහි වූ අල්ලාහ්ගේ දැඩි සැලකිල්ල. ඔවුන් ආරක්ෂා කරන, ඔවුනට රැකවරණය ලබා දෙන මලක්වරුන් ඇතැයිද ආරක්ෂා කරන්නන් මෙන්ම ඒ හැර වෙනත් කටයතු වල නිරත වන මලක්වරුන් ඇතැයි ද ස්ථීර කිරීම.

• أن الله تعالى يغير حال العبد إلى الأفضل متى ما رأى منه اتباعًا لأسباب الهداية، فهداية التوفيق منوطة باتباع هداية البيان.
•ගැත්තෙකුගෙන් ඔහු යහමග ලැබීමේ හේතු සාධක පිළිපඳිනු අල්ලාහ් දකින විට, උත්තරීතර අල්ලාහ් ඔහුගේ තත්ත්වයන් වෙනස් කරයි. යහමගෙහි ආශිර්වාදය පැහැදිලි යහමග පිළිපැදීමෙන් පිහිටන බව විස්තර කර ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አር-ረዕድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት