Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አር-ረዕድ   አንቀጽ:
اَفَمَنْ یَّعْلَمُ اَنَّمَاۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ الْحَقُّ كَمَنْ هُوَ اَعْمٰی ؕ— اِنَّمَا یَتَذَكَّرُ اُولُوا الْاَلْبَابِ ۟ۙ
අහෝ දූතය! නුඹේ පරමාධිපති වන අල්ලාහ්ගෙන් නුඹ වෙත පහළ වූ දෑ කිසිදු සැකයකින් තොර ව සත්යයක් බව දන්නා පුද්ගලයා අල්ලාහ්ට පිළිතුරු දුන් දේව විශ්වාසියෙකි. ඔහු හා අන්ධයෙකු ලෙස කටයුතු කරන අල්ලාහ්ට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයා සමාන වන්නේ ද? මෙයින් උපදෙස් ලබා පාඩම් ලබනුයේ මනා බුද්ධියක් ඇත්තවුන් පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یُوْفُوْنَ بِعَهْدِ اللّٰهِ وَلَا یَنْقُضُوْنَ الْمِیْثَاقَ ۟ۙ
අල්ලාහ්ට පිළිතුරු දුන් අය වනාහි, ඔවුහු අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම් හා ඔහුගේ ගැත්තන් සමග ඇති කර ගත් ගිවිසුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් සමග හෝ වෙනත් අය සමග විශ්වාසනීය ලෙස ඇති කර ගත් ගිවිසුම් ඔවුහු කඩ නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَصِلُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیَخْشَوْنَ رَبَّهُمْ وَیَخَافُوْنَ سُوْٓءَ الْحِسَابِ ۟ؕ
තවද ඔවුන් වනාහි කවර ඥාතී සම්බන්ධකම් පවත්වන මෙන් අල්ලාහ් නියෝග කර සිටියේ ද ඒ සියල්ල සමග සම්බන්ධකම් පවත්වන්නෝ වෙති. ඔහුගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම යන විෂයය තමන්ට මග හැරෙනු ඇතැයි යන බියෙන් ඔවුන්ගේ පරමාධිපතිට බිය වෙති. ඔවුන් උපයන පාපකම් සියල්ල පිළිබඳ විභාගයට ලක් කරනු ඇතැයි ඔවුහු බියවෙති. එහෙයින් කවරෙකුට විභාගයක් ඇත්තේ ද ඔහු විනාශයට පත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ صَبَرُوا ابْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَاَقَامُوا الصَّلٰوةَ وَاَنْفَقُوْا مِمَّا رَزَقْنٰهُمْ سِرًّا وَّعَلَانِیَةً وَّیَدْرَءُوْنَ بِالْحَسَنَةِ السَّیِّئَةَ اُولٰٓىِٕكَ لَهُمْ عُقْبَی الدَّارِ ۟ۙ
තවද ඔවුන් වනාහී අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු ඔවුනට නියම කළ සතුටු දායක මෙන්ම අසතුටු දායක දෑහි ද ඉවසීමෙන් කටයුතු කරන්නෝ වෙති. එමෙන්ම අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පාපයක් සිදු කිරීමෙන් ඈත් ව ඉවසති. සලාතය පූර්ණ අයුරින් ඉටු කරති. අපි ඔවුනට දුන් ධනයෙන් අනිවාර්යය වගකීම් ඉටු කරති. මිනිසුන්ගේ මුහුණිච්ඡාවෙන් දුරස් ව රහසිගතව කැමැත්තෙන් එයින් වියදම් කරති. වෙනත් අය දිරිගන්වන පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරති. ඔවුන් වෙත නපුරුකම් කරන්නාගේ නපුර වළක්වාලමින් ඔහු සමග දැහැමි අයුරින් කටයුතු කරති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රශංසනීය අවසානයක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا وَمَنْ صَلَحَ مِنْ اٰبَآىِٕهِمْ وَاَزْوَاجِهِمْ وَذُرِّیّٰتِهِمْ وَالْمَلٰٓىِٕكَةُ یَدْخُلُوْنَ عَلَیْهِمْ مِّنْ كُلِّ بَابٍ ۟ۚ
මෙම ප්රශංසනීය අවසානය වනාහි, ඔවුන් සදා ලෙස ස්ථාවර ව භුක්ති විඳින්නන් ලෙස වාසය කරන්නට යන ස්වර්ග උයන් වෙති. එහි ඔවුන්ගේ වින්දනයේ පූර්ණත්වය වනුයේ ඔවුන් සමගම ඔවුන්ගේ ධර්මිෂ්ට පියවරුන්, මව්වරුන්, බිරියන් හා දරුවන් ඔවුන් හමුවීම පූර්ණ ව ඔවුනට අමතක කර තිබුණ ද ඔවුන් සමග එකට පිවසීමේ වින්දනයයි. මලක්වරුන් ස්වර්ගයේ ඇති ඔවුන්ගේ නිලයන්හි සියලු දොරටුවලින් සුබ පැතුම් එක්කරමින් ඇතුළු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَلٰمٌ عَلَیْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَی الدَّارِ ۟ؕ
මලක්වරුන් ඔවුන් වෙත පිවිසෙන සෑම කල්හිම "ඔබට සලාම්" යනුවෙන් ආමන්ත්රණය කරමින් ඔවුනට සුභ පතති. එනම්: අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ නියමයන් පසු කිරීමෙහි නුඹලා ඉවසීමෙන් සිටි බැවින් ද, ඔහුට පාපකම් සිදු කිරීමෙන් ඈත්වීමෙහි නුඹලා ඉවසීමෙන් කටයුතු කළ බැවින් ද, නුඹලා සියලු උවදුරු හා දුෂ්කරතාවලින් නිදහස් වනු. නුඹලාගේ අවසානය වන්නට නියමිත එම අවසන් නිවහනය ඉතා යහපත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَنْقُضُوْنَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِیْثَاقِهٖ وَیَقْطَعُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیُفْسِدُوْنَ فِی الْاَرْضِ ۙ— اُولٰٓىِٕكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوْٓءُ الدَّارِ ۟
අල්ලාහ්ගේ ගිවිසුම් ස්ථීර කරගත් පසුව එය කඩ කරන, ඔහු සම්බන්ධකම් පවත්වන්නැයි නියෝග කළ ඥාතී සම්බන්ධකම් බිඳ දමන උත්තරීතර අල්ලාහ්ට පිටුපාමින් මහපොළොවේ කලහකම් කරන මොවුහු දුරස් කරනු ලැබූ දුර්භාග්යවන්තයෝ වෙති. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුහු නෙරපා හරිනු ලබති. ඔවුනට නපුරු අවසානයක් ඇත. එය අපා ගින්නය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— وَفَرِحُوْا بِالْحَیٰوةِ الدُّنْیَا ؕ— وَمَا الْحَیٰوةُ الدُّنْیَا فِی الْاٰخِرَةِ اِلَّا مَتَاعٌ ۟۠
අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත්හි සමෘද්ධිය ඇති කරයි. ඔහු අභිමත කරන අයට ඒවා සීමා කරයි. පෝෂණ සම්පත්හි සමෘද්ධිමත් වීම අල්ලාහ්ගේ ආදරයට ලක්වීමේ හෝ සෞභාග්යයේ සලකුනක් නොවන්නේය. ඒවා සීමාවීම අභාග්යවන්ත භාවයේ සලකුණක් ද නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින් මෙලොව ජීවිතය පිළිබඳ සතුටු වෙති. එහෙයින් ඔවුන් එය පාදක කර ගනිමින් එහි තැන්පත්වන්නට බලති. මතුලොව පැත්තෙන් මෙලොව ජීවිතය බලන කල එය ක්ෂය වී යන ස්වල්ප සැපතක් මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُ الَّذِیْنَ كَفَرُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ؕ— قُلْ اِنَّ اللّٰهَ یُضِلُّ مَنْ یَّشَآءُ وَیَهْدِیْۤ اِلَیْهِ مَنْ اَنَابَ ۟ۖۚ
අල්ලාහ් හා ඔහුගේ සංඥාවන් ප්රතික්ෂේප කළවුන්, "මුහම්මද් වෙත ඔහුගේ සත්යතාව පෙන්වා දෙන ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංවේදනීය ප්රාතිහාර්යයක් ඔහු වෙත පහළ විය යුතු නොවේද? එවිට අපි එය විශ්වාස කරමු" යැයි පවසති. "අහෝ දූතය! එසේ යෝජනා කරන්නන් හට ඔබ මෙසේ පවසනු. ‘සැබැවින්ම අල්ලාහ් ඔහුගේ යුක්ති ධර්මය අනුව ඔහු අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරියි. ඔහු වෙත පාපක්ෂමාවේ නිරත ව යොමු වන්නන් හට ඔහුගේ භාග්යයෙන් ඔහු මග පෙන්වයි. ප්රාතිහාර්යයන් පහළ වීම තුළින් ඔවුන් එහි බැඳෙන තරමට ඔවුන්ගේ අතෙහි එම මග පෙන්වීම නැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ اٰمَنُوْا وَتَطْمَىِٕنُّ قُلُوْبُهُمْ بِذِكْرِ اللّٰهِ ؕ— اَلَا بِذِكْرِ اللّٰهِ تَطْمَىِٕنُّ الْقُلُوْبُ ۟ؕ
අල්ලාහ් මග පෙන් වූ ඔවුහු, ඔහු ව විශ්වාස කරන්නන් වෙති. අල්ලාහ් ව මෙනෙහි කිරීම, ඔහු ව සුවිශුද්ධ කිරීම, ඔහු ව ප්රශංසා කිරීම, ඔහුගේ පුස්තකය පාරායන කිරීම, එයට සවන් දීම හා මේ හැර ඔහුව මෙනෙහි කරන වෙනත් කරුණු යනාදිය තුළින් ඔවුන්ගේ සිත් සැනසුම් ලබයි. සිත් සැනසුම් ලැබීම අල්ලාහ් මෙනෙහි කිරීමෙන් පමණක් සිදු වන බවත් සිත් වලට සුදුසු වන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීම බවත් දැන ගත යුතු වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الترغيب في جملة من فضائل الأخلاق الموجبة للجنة، ومنها: حسن الصلة، وخشية الله تعالى، والوفاء بالعهود، والصبر والإنفاق، ومقابلة السيئة بالحسنة والتحذير من ضدها.
• යහපත් ඥාතී සම්බන්ධකම, උත්තරීතර අල්ලාහ්ට බියවීම, ගිවිසුම් ඉටු කිරීම, ඉවසීම, වියදම් කිරීම, අයහපත් දෑට යහපත් දැයින් මුහුණ දීම, එයට ප්රතිවිරුද්ධ දැයින් ප්රවේසම් වීම යනාදී සම්මතයක් වශයෙන් ස්වර්ගය අනිවාර්යය කරවන සදාචාරයන්හි මහිමයන් දිරි ගැන්වීම.

• أن مقاليد الرزق بيد الله سبحانه وتعالى، وأن توسعة الله تعالى أو تضييقه في رزق عبدٍ ما لا ينبغي أن يكون موجبًا لفرح أو حزن، فهو ليس دليلًا على رضا الله أو سخطه على ذلك العبد.
• ජීවන සම්පත්හි පාලනය ඇත්තේ උත්තරීතර අල්ලාහ්ගේ අතෙහිය. අල්ලාහ් යම් ගැත්තෙකුගේ පෝෂණ සම්පත්හි සමෘද්ධිය ඇති කිරීම හෝ ඒවා සීමා කිරීම හෝ වේවා එය සතුට හෝ දුක අනිවාර්යය කරන්නක් ලෙස පිහිටා නැත. එමෙන්ම එය එම ගැත්තා මත පිහිටන අල්ලාහ්ගේ තෘප්තිය හෝ ඔහුගේ කෝපය පෙන්වා දෙන සාධකයක් ද නොවන්නේය.

• أن الهداية ليست بالضرورة مربوطة بإنزال الآيات والمعجزات التي اقترح المشركون إظهارها.
•සැබැවින්ම යහමග ලැබීම දේව ආදේශකයින් යෝජනා කරන්නාක් මෙන් ප්රාතිහාර්යයන් හෝ සංඥාවන් පහළ වීමෙන් හෝ ඒවා හෙළි වීමෙන් බැඳී තිබිය යුත්තක් නොවේ.

• من آثار القرآن على العبد المؤمن أنه يورثه طمأنينة في القلب.
•දේව විශ්වාසී ගැත්තාට අල් කුර්ආනයේ බලපෑමක් ලෙස ඔහුගේ සිත තුළ තැන්පත්භාවය උරුම කර දෙනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አር-ረዕድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት