Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐሽር   አንቀጽ:

අල් හෂ්ර්

ከመዕራፉ ዓላማዎች:
إظهار قوة الله وعزته في توهين اليهود والمنافقين، وإظهار تفرقهم، في مقابل إظهار تآلف المؤمنين.
යුදෙව්වන් හා කුහකයින් දුර්වල කිරීමේදී අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ බලමහිමය නිරූපණය කිරීම. දේව විශ්වාසීන්ගේ මිත්රත්වය නිරූපණය කිරීමට ආවේනිකව ඔවුන්ගේ බෙදීම් හෙළි කිරීම.

سَبَّحَ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
අහස්හි හා මහපොළොවේ ඇති සියලුම මැවීම් ඔහුට අදාළ සියලුම ගුණාංගවලින් අල්ලාහ්ව පිරිසිදු කරයි. අල්ලාහ්ට ගරුබුහුමන් දක්වයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ ආගම්ගත කිරීමෙහි හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْۤ اَخْرَجَ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ مِنْ دِیَارِهِمْ لِاَوَّلِ الْحَشْرِ ؔؕ— مَا ظَنَنْتُمْ اَنْ یَّخْرُجُوْا وَظَنُّوْۤا اَنَّهُمْ مَّا نِعَتُهُمْ حُصُوْنُهُمْ مِّنَ اللّٰهِ فَاَتٰىهُمُ اللّٰهُ مِنْ حَیْثُ لَمْ یَحْتَسِبُوْا وَقَذَفَ فِیْ قُلُوْبِهِمُ الرُّعْبَ یُخْرِبُوْنَ بُیُوْتَهُمْ بِاَیْدِیْهِمْ وَاَیْدِی الْمُؤْمِنِیْنَ ۗ— فَاعْتَبِرُوْا یٰۤاُولِی الْاَبْصَارِ ۟
අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව බොරු කළ බනූ නළීර් නම් ගෝත්රය මදීනාවේ සිට එහි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් සිරියාව දක්වා ප්රථම වරට පිටුවහල් කළේ ඔහුය. ඔවුන් තව්රාතය හිමි යුදෙව් පිරිසක් විය. ඔවුන් ඔවුන්ගේ ගිවිසුම කඩ කිරීමෙන් හා දෙවියන්ට ආදේශ කරන්නන් සමග එක් ව කටයුතු කිරීමෙන් පසුව, ඔවුන්ව සිරියා දේශයට ඔහු පිටුවහල් කළේය. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! ඔවුන් සතු උඩඟුකම හා සම්පත් හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වී යනු ඇතැයි නුඹලා නො සිතුවෙහුය. එමෙන්ම ඔවුන් ශක්තිමත්ව ඉදි කළ ඔවුන්ගේ බලකොටු අල්ලාහ්ගේ දඬුවමින් හා විනාශයෙන් ඔවුන් වළක්වනු ඇතැයි නුඹලා සිතුවෙහුය. නමුත් අල්ලාහ් ඔවුන් සමග සටන් කරන මෙන් ද ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කරන මෙන් ද ඔහුගේ දූතයාණන්ට නියෝග කළ අවස්ථාවේ එම දඬුවම ඔවුනට සැලසුම් කරනු නොලැබූ තත්ත්වයේ ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දැඩි බියක් ඇති කළේය. ඔවුන් ඔවුන්ගේ දෑතින් මුස්ලිම්වරුන් ඔවුන්ගේ නිවෙස් තුළින් ප්රයෝජන නොලබන පරිදි එහි ඇතුළත තිබූ ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දැම්මෝය. මුස්ලිම්වරු එහි පිටත ඇති දෑ විනාශ කර දැම්මෝය. අහෝ දැක්මක් ඇත්තනි! ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ ඉරණමෙන් නුඹලා උපදෙස් ලබනු. එහෙයින් නුඹලා ඔවුන් මෙන් නොවනු. එවිට ඔවුන් කවර දඬුවමකින් දඬුවම් කරනු ලැබුවේ ද ඔවුන්ගේ එම දඬුවම හා ප්රතිවිපාකය නුඹලා අත් කර ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَاۤ اَنْ كَتَبَ اللّٰهُ عَلَیْهِمُ الْجَلَآءَ لَعَذَّبَهُمْ فِی الدُّنْیَا ؕ— وَلَهُمْ فِی الْاٰخِرَةِ عَذَابُ النَّارِ ۟
ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වීම සඳහා සැබැවින්ම අල්ලාහ් ඔවුනට නියම නොකළේ නම්, ඔවුන් ද ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත වීමෙන් ඔහු ඔවුනට දඬුවම් කරන්නට තිබුණි. ඔවුන් ව බලාපොරොත්තුවෙන් සිටින නිරා ගින්නේ දඬුවම මතුලොවෙහි ඔවුනට ඇත. එහි ඔවුන් සදාකල් වෙසෙන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المحبة التي لا تجعل المسلم يتبرأ من دين الكافر ويكرهه، فإنها محرمة، أما المحبة الفطرية؛ كمحبة المسلم لقريبه الكافر، فإنها جائزة.
•දේව ප්රතික්ෂේකයාගේ දහමින් නොමිදී, එය පිළිකුල් නොකරන ආදරයක් මුස්ලිම්වරයා ඇති කර නොගනී. එය තහනම් කරන ලද්දකි. නමුත් මුස්ලිම්වරයකු තම සමීපතම මුස්ලිම් නොවන කෙනෙකුට දක්වන සහජ ආදරය සැබැවින්ම එය අනුමතය.

• رابطة الإيمان أوثق الروابط بين أهل الإيمان.
•දේව විශ්වාසයේ බැඳීම් දේව විශ්වාසීන් අතර පවතින බැඳීම් අතරින් වඩාත් බලවත් වන්නේය.

• قد يعلو أهل الباطل حتى يُظن أنهم لن ينهزموا، فتأتي هزيمتهم من حيث لا يتوقعون.
•සැබැවින්ම තමන් පරාජයට පත් නොවන්නේ යැයි සිතන තරමට ව්යාජත්වයේ සිටින්නෝ උදම් අනති. ඔවුන් අපේක්ෂා නොකළ තත්ත්වයේ ඔවුන්ගේ පරාජය ඔවුන් වෙත පැමිණෙනු ඇත.

• من قدر الله في الناس دفع المصائب بوقوع ما دونها من المصائب.
•ව්යසනයන් වැළැක්වීම සඳහා ඊට වඩා සුළු ව්යසනයක් ඇති කිරීම අල්ලාහ්ගේ නියමයකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐሽር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት