Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐሽር   አንቀጽ:
ذٰلِكَ بِاَنَّهُمْ شَآقُّوا اللّٰهَ وَرَسُوْلَهٗ ۚ— وَمَنْ یُّشَآقِّ اللّٰهَ فَاِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
ඔවුනට අත් විය යුතු දෑ අත් විය. එය ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් අල්ලාහ්ට ඔවුන් සතුරු වූ බැවිණි. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් සතුරු වූ බැවිණි. කවරෙකු අල්ලාහ්ට සතුරු වූයේ ද, සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැනගත යුතුය. ඔහුගේ දැඬි දඬුවම ඔහු අත්කර ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا قَطَعْتُمْ مِّنْ لِّیْنَةٍ اَوْ تَرَكْتُمُوْهَا قَآىِٕمَةً عَلٰۤی اُصُوْلِهَا فَبِاِذْنِ اللّٰهِ وَلِیُخْزِیَ الْفٰسِقِیْنَ ۟
දේව විශ්වාසී ජනයිනි! බනූ නළීර් යුද්ධයේදී අල්ලාහ්ගේ සතුරන් කෝපයට පත් කිරීම සඳහා නුඹලා කවර ඉඳි ගසක් කපා දැමුව ද, නුඹලා ප්රයෝජන ලබනු පිණිස එහි කවර ඉදි ගසක් තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ නියෝගයකි. නුඹලා සිතුවාක් මෙන් එය මහපොළොවේ කලහාකරීත්වයක් නොවීය. එමෙන්ම ගිවිසුම් කඩ කළ, එය ඉටු කිරීමේ වංචනික මාර්ග තෝරාගත් යුදෙව්වන් අතර සිටි අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවන් එමගින් අල්ලාහ් නින්දාවට පත් කරනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَفَآءَ اللّٰهُ عَلٰی رَسُوْلِهٖ مِنْهُمْ فَمَاۤ اَوْجَفْتُمْ عَلَیْهِ مِنْ خَیْلٍ وَّلَا رِكَابٍ وَّلٰكِنَّ اللّٰهَ یُسَلِّطُ رُسُلَهٗ عَلٰی مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
බනූ නළීර් ගෝත්රයේ සම්පත් අතරින් ඔහුගේ දූතයාණන් වෙත අල්ලාහ් පෙරළා ලබා දුන් දෑ වනාහි, ඒවා සොයා අශ්වයකු මත හෝ ඔටුවකු මත හෝ නුඹලා වේගයෙන් ගියේ නැත. එමෙන්ම එහි දී අපහසුතාවක් නුඹලාට අත් වූයේ ද නැත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන ඔහුගේ ධර්ම දූතයකුට ආධිපත්යය දරන්නට සලස්වන්නේය. බනූ නළීර් ගෝත්රය මත ආධිපත්යය දරන්නට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් පත් කළේය. කිසිදු යුද්ධයකින් තොර ව ඔවුන්ගේ දේශය අත්පත් කර ගත්හ. අල්ලාහ් සියලු දෑ කිරීමෙහි බලවතාය. කිසිවකුට ඔහු පරාජය කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَفَآءَ اللّٰهُ عَلٰی رَسُوْلِهٖ مِنْ اَهْلِ الْقُرٰی فَلِلّٰهِ وَلِلرَّسُوْلِ وَلِذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَابْنِ السَّبِیْلِ ۙ— كَیْ لَا یَكُوْنَ دُوْلَةً بَیْنَ الْاَغْنِیَآءِ مِنْكُمْ ؕ— وَمَاۤ اٰتٰىكُمُ الرَّسُوْلُ فَخُذُوْهُ ۚ— وَمَا نَهٰىكُمْ عَنْهُ فَانْتَهُوْا ۚ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟ۘ
කිසිදු යුද්ධයකින් තොරව අල්ලාහ් තම ධර්ම දූතයාණන් වෙත ආශිර්වාද කළ එම ගම්වාසීන්ගේ සම්පත් අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට එය නියම කරයි. එමෙන්ම එහි අයිතිය දූතයාණන්ට හා සදකා නොහොත් දානමාන ගැනීමෙන් වළක්වනු ලැබූ එතුමාණන්ගේ සමීප ඥාතීන් වූ බනූ හාෂිම්, බනූ මුත්තලිබ්වරුන්ට, එයට ප්රතිකර්මයක් ලෙස ඔවුනට ද හිමිය. තවද ආනථයින්ට, දිළිඳුන්ට හා ජීවන වියදම් අහිමි වූ අතරමං වූවන්ට ද ඇත. එය එම ධනය දිළිඳුන් හැර දමා, පොහොසතුන් අතර පමණක් ගැවසීම සීමා නොකරනු පිණිසය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුවෙන්, දූතයාණන් නුඹලා වෙත කවර දෙයක් පිරිනැමුවේ ද එය ගනු. කවර දෙයක් තහනම් කළේ ද එයින් වැළකී සිටිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. සැබැවින්ම දඬුවම් දීමෙහි අල්ලාහ් ඉතා බලවත්ය. එහෙයින් ඔහුගේ දඬුවමින් ප්රවේසම් වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِلْفُقَرَآءِ الْمُهٰجِرِیْنَ الَّذِیْنَ اُخْرِجُوْا مِنْ دِیَارِهِمْ وَاَمْوَالِهِمْ یَبْتَغُوْنَ فَضْلًا مِّنَ اللّٰهِ وَرِضْوَانًا وَّیَنْصُرُوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ ؕ— اُولٰٓىِٕكَ هُمُ الصّٰدِقُوْنَ ۟ۚ
මෙම වස්තුවෙන් කොටසක් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ -නික්ම ගිය- අය අතර ද බෙදා හරිනු ලැබේ. ඔවුන් වනාහි, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ දරුවන් අතහැර දැමීමට බල කරනු ලැබුවෝය. ඔවුනට අල්ලාහ් මෙලොවෙහි ජීවන සම්පත් හා මතුලොවෙහි තෘප්තිය ද ආශිර්වාද කරනු ඇතැයි අපේක්ෂා කළෝය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවෙමින් අල්ලාහ් වෙනුවෙන් උදව් කළ අතර, ඔහුගේ දූතයාණන්ට ද උදව් කළෝය. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූ මොවූහුමය දේව විශ්වාසයේ සැබෑ ලෙසින්ම ස්ථාවරත්වය ලැබූවන් වන්නෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ تَبَوَّءُو الدَّارَ وَالْاِیْمَانَ مِنْ قَبْلِهِمْ یُحِبُّوْنَ مَنْ هَاجَرَ اِلَیْهِمْ وَلَا یَجِدُوْنَ فِیْ صُدُوْرِهِمْ حَاجَةً مِّمَّاۤ اُوْتُوْا وَیُؤْثِرُوْنَ عَلٰۤی اَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۫ؕ— وَمَنْ یُّوْقَ شُحَّ نَفْسِهٖ فَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟ۚ
අන්සාර්වරුන් වනාහි, මදීනාවට ගොඩ වැදුණු මුහාජිර්වරුන්ට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම ඔවුහු තෝරා ගත්තෝය. මක්කාවෙන් නික්ම ඔවුන් වෙත ආ මුහාජිර්වරුන්ට ආදරය කළෝය. යුද්ධයෙන් අත්පත් කර ගත් සම්පත් ඔවුනට ලබා නොදී අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මුහාජිර්වරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ හදවත් තුළ කිසිදු ක්රෝධයක් හෝ ඊර්ෂ්යාවක් හෝ නොවීය. ඔවුන් දිළිඳුන් හා අවශ්යතාවෙන් පෙළෙන්නන් යැයි හඳුන්වනු ලැබුව ද ඔවුන් සතු ලෞකික පංගුවෙන් එම මුහාජිර්වරුන්හට ද පිළිගැන්වූහ. ධනය කෙරෙහි වූ ආත්ම ආශාවෙන් අල්ලාහ් කවරෙකු ආරක්ෂා කරන්නේ ද ඔහුගේ මාර්ගයේ ඔහු එය වියදම් කරනු ඇත. තමන්ට අවශ්ය දේ ලබා ගෙන තමන් බියවන දැයින් ආරක්ෂාව ලැබූ ජයග්රහකයෝ ඔවුහුමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فعل ما يُظنُّ أنه مفسدة لتحقيق مصلحة عظمى لا يدخل في باب الفساد في الأرض.
•වඩාත් යහපත් කරුණක් තහවුරු කරනු පිණිස සැබැවින්ම කලහකාරී යැයි සිතන ක්රියාවක් සිදු කිරීම, මහපොළොවේ කලහකාරීව හැසිරීම යන විෂය පථය තුළට ඇතුළත් නොවෙයි.

• من محاسن الإسلام مراعاة ذي الحاجة للمال، فَصَرَفَ الفيء لهم دون الأغنياء المكتفين بما عندهم.
•ධනය අවශ්යතා ඇත්තන් ගැන සැළකිලිමත් වීමේ ඉස්ලාමයේ අලංකාරය. ප්රමාණවත් තරමට ධනය ඇති පොහොසතුන් හට පමණක් යුද්ධයෙන් අත්පත් කර ගත් සම්පත් බෙදා නොහැර, (අවශ්ය ඇති) ඔවුනට බෙදා හැරීම.

• الإيثار منقبة عظيمة من مناقب الإسلام ظهرت في الأنصار أحسن ظهور.
•පරාර්ථකාමිත්වය යනු ඉස්ලාමයේ ගුණධර්ම අතරින් මහඟු ගුණධර්මයකි. එය වඩාත් අලංකාර ලෙස අන්සාර්වරුන් -මදීනාවාසීන්- අතර ඉස් මතු විය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐሽር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት