Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐሽር   አንቀጽ:
فَكَانَ عَاقِبَتَهُمَاۤ اَنَّهُمَا فِی النَّارِ خَالِدَیْنِ فِیْهَا ؕ— وَذٰلِكَ جَزٰٓؤُا الظّٰلِمِیْنَ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෂෙයිතාන් හා ඔහුට අවනත වූ අයගේ අවසානය වනාහි, සැබැවින්ම (පිළිපදිනු ලබන ෂෙයිතාන් හා පිළිපදින මිනිසා) යන දෙදෙනා නිරා ගින්නේ සදා වෙසෙන්නන් වෙති. ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වන එම ප්රතිඵලය අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යමින් තමන්ටම අපරාධ කර ගත් අය සතු ප්රතිවිපාකයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَلْتَنْظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ ۚ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ඉටු කළවුනි! ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් කෙරෙහි බිය හැඟීමෙන් කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් තමන් පෙර කළ දැහැමි ක්රියාවන් පිළිබඳ සෑම ආත්මයක්ම කල්පනා කර බලත්වා! තවද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු සැබැවින්ම අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَكُوْنُوْا كَالَّذِیْنَ نَسُوا اللّٰهَ فَاَنْسٰىهُمْ اَنْفُسَهُمْ ؕ— اُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකීම යන කරුණ අතහැර දමා අල්ලාහ්ව අමතක කළවුන් මෙන් නුඹලා ද නොවනු. අල්ලාහ් ඔවුන්ව අමතක කර දැමුවේය. අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවමින් මිදෙන ක්රියාවන් ඔවුහු ඉටු නොකළෝය. අල්ලාහ්ගේ නියෝග නොපිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් නොවැළකිමින් අල්ලාහ්ව අමතක කළවුන් වනාහි, ඔවුහුමය අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවන් වන්නෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَسْتَوِیْۤ اَصْحٰبُ النَّارِ وَاَصْحٰبُ الْجَنَّةِ ؕ— اَصْحٰبُ الْجَنَّةِ هُمُ الْفَآىِٕزُوْنَ ۟
ස්වර්ග වාසීන් හා අපාය වාසීන් එක සමාන නොවෙති. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් වෙනස්ව පිහිටුනු සේම ඔවුන්ගේ ප්රතිඵලවලද ඔවුන් වෙනස්කම් ඇත්තන් වෙති. ස්වර්ගවාසීන් වනාහි ඔවුන් පතන දෑ ලබමින් හා ඔවුන් බිය වූ දැයින් මිදී ජයග්රහාකයන් වන්නේ ඔවුහුමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ اَنْزَلْنَا هٰذَا الْقُرْاٰنَ عَلٰی جَبَلٍ لَّرَاَیْتَهٗ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْیَةِ اللّٰهِ ؕ— وَتِلْكَ الْاَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ یَتَفَكَّرُوْنَ ۟
අහෝ ධර්ම දූතය! මෙම අල් කුර්ආනය කන්දක් මත පහළ කළේ නම් එහි ඇති දැඩි උපදෙස් හා බලවත් අවවාද නිසාවෙන්, කන්ද බලවත්ව තිබුණ ද අල්ලාහ් කෙරෙහි පවත්නා දැඩි භීතිය හේතුවෙන් කම්පනයට පත්ව යටත් වනු නුඹ දකිනු ඇත. අප මෙම උදාහරණ ජනයාට ගෙන හැර පානුයේ ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා එම පාඨවල අන්තර්ගතව ඇති උපදෙස් හා පාඩම් තුළින් උපදෙස් ලබන පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ ۚ— هُوَ الرَّحْمٰنُ الرَّحِیْمُ ۟
සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු නැත. සැඟවී තිබෙන දෑ හා පෙනෙන්නට තිබෙන දෑ පිළිබඳ ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මෙලොවෙහි හා මතුලොවෙහි දයාන්විතය. ඒ දෙකෙහිම අසමසම කරුණාන්විතය. ලෝ වැසියන් කෙරෙහි වූ ඔහුගේ දයාව පුළුල්ය. ඔහු රජුය. සියලු අඩුපාඩුවලින් පිරිසිදු වූ සුවිශුද්ධවන්තය. සියලු දොස්වලින් නිදොස්ය. පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් ඔහුගේ දූතයින් සනාථ කර සිටියේය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් දෙස අධීක්ෂකය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. සියල්ල ඔහුගේ බලමහිමයෙන් මඩලන්නාය. මහෝදරය. දෙවියන්ට ආදේශ තබන්නෝ පිළිම හා වෙනත් දෑ අතරින් කවර කරුණක් ඔහු සමග ආදේශ කරන්නේ ද එවන් දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවිශුද්ධය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— اَلْمَلِكُ الْقُدُّوْسُ السَّلٰمُ الْمُؤْمِنُ الْمُهَیْمِنُ الْعَزِیْزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ؕ— سُبْحٰنَ اللّٰهِ عَمَّا یُشْرِكُوْنَ ۟
සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු නැත. සැඟවී තිබෙන දෑ හා පෙනෙන්නට තිබෙන දෑ පිළිබඳ ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මෙලොවෙහි හා මතුලොවෙහි දයාන්විතය. ඒ දෙකෙහිම අසමසම කරුණාන්විතය. ලෝ වැසියන් කෙරෙහි වූ ඔහුගේ දයාව පුළුල්ය. ඔහු රජුය. සියලු අඩුපාඩුවලින් පිරිසිදු වූ සුවිශුද්ධවන්තය. සියලු දොස්වලින් නිදොස්ය. පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් ඔහුගේ දූතයින් සනාථ කර සිටියේය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් දෙස අධීක්ෂකය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. සියල්ල ඔහුගේ බලමහිමයෙන් මඩලන්නාය. මහෝදරය. දෙවියන්ට ආදේශ තබන්නෝ පිළිම හා වෙනත් දෑ අතරින් කවර කරුණක් ඔහු සමග ආදේශ කරන්නේ ද එවන් දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවිශුද්ධය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ اللّٰهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْاَسْمَآءُ الْحُسْنٰی ؕ— یُسَبِّحُ لَهٗ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
අල්ලාහ් වන ඔහු සියලු දේ මැවූ මැවුම්කරුවාණන්ය. සියලු දෑ උත්පාදනය කරන්නාය. ඔහුගේ සියලු මැවීම් ඔහු අභිමත කරන පරිදි මූර්තිමත් කරන්නාය. සුවිශුද්ධ ඔහුට උසස් ගුණාංග සපිරුණු අලංකාර නාමයන් ඇත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියලු අඩුපාඩුවලින් ඔහු ව පිවිතුරු කරයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من علامات توفيق الله للمؤمن أنه يحاسب نفسه في الدنيا قبل حسابها يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චයට පෙර තමන් ගැන ස්ව විනිශ්චය සඳහා අවස්ථාව ලබා දීම දේව විශ්වාසියා වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි.

• في تذكير العباد بشدة أثر القرآن على الجبل العظيم؛ تنبيه على أنهم أحق بهذا التأثر لما فيهم من الضعف.
•ශක්තිමත් කන්දක් මත අල් කුර්ආනය පහළ වීමෙන් ඇතිවන දැඩි බලපෑම ගැත්තන් හට මෙනෙහි කිරීමේ දී සැබැවින්ම ඔවුන් තුළ දුර්වලතා පැවතිය ද එම බලපෑමට වඩාත් සුදුස්සන් වනුයේ ඔවුන් බව ඒත්තු ගැන්වීම.

• أشارت الأسماء (الخالق، البارئ، المصور) إلى مراحل تكوين المخلوق من التقدير له، ثم إيجاده، ثم جعل له صورة خاصة به، وبذكر أحدها مفردًا فإنه يدل على البقية.
•මැවීම් නිර්මාණ කිරීමේ අදියර (මැවුම්කරු, උත්පාදක, මූර්තිකරු) යනුවෙන් නම් කරමින් අල්ලාහ් සතු හැකියාවන් පෙන්වා දෙයි. පසු ව ඔහු එය බිහි කරයි. පසු ව එයට විශේෂ හැඩයක් ලබා දෙයි. ඔහු ගැන එසේ වෙනමම සඳහන් කිරීමෙන් ඉතිරි ව පවතින ඔහුගේ ගුණාංගද පෙන්වා දෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐሽር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት