للإطلاع على الموقع بحلته الجديدة

ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة * - فهرس التراجم

PDF XML CSV Excel API
تنزيل الملفات يتضمن الموافقة على هذه الشروط والسياسات

ترجمة معاني سورة: الرحمن   آية:

سورة الرحمن - අර් රහ්මාන්

اَلرَّحْمٰنُ ۟ۙ
අපරිමිත දයාන්විතයාණෝ;
التفاسير العربية:
عَلَّمَ الْقُرْاٰنَ ۟ؕ
ඔහු අල් කුර්ආනය ඉගැන්වී ය.
التفاسير العربية:
خَلَقَ الْاِنْسَانَ ۟ۙ
ඔහු මිනිසා මැව්වේය.
التفاسير العربية:
عَلَّمَهُ الْبَیَانَ ۟
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වී ය.
التفاسير العربية:
اَلشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ ۟ۙ
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
التفاسير العربية:
وَّالنَّجْمُ وَالشَّجَرُ یَسْجُدٰنِ ۟
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
التفاسير العربية:
وَالسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ الْمِیْزَانَ ۟ۙ
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේ ය.
التفاسير العربية:
اَلَّا تَطْغَوْا فِی الْمِیْزَانِ ۟
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නො කරනු පිණිස.
التفاسير العربية:
وَاَقِیْمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِیْزَانَ ۟
තවද නුඹලා සාධාරණයෙන් යුතුව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නො කරනු.
التفاسير العربية:
وَالْاَرْضَ وَضَعَهَا لِلْاَنَامِ ۟ۙ
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
التفاسير العربية:
فِیْهَا فَاكِهَةٌ وَّالنَّخْلُ ذَاتُ الْاَكْمَامِ ۟ۖ
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
التفاسير العربية:
وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّیْحَانُ ۟ۚ
තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.
التفاسير العربية:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
التفاسير العربية:
خَلَقَ الْاِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ ۟ۙ
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේ ය.
التفاسير العربية:
وَخَلَقَ الْجَآنَّ مِنْ مَّارِجٍ مِّنْ نَّارٍ ۟ۚ
තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේ ය.
التفاسير العربية:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
التفاسير العربية:
رَبُّ الْمَشْرِقَیْنِ وَرَبُّ الْمَغْرِبَیْنِ ۟ۚ
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන් ය.
التفاسير العربية:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
التفاسير العربية:
 
ترجمة معاني سورة: الرحمن
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة - فهرس التراجم

ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع جمعية الدعوة بالربوة وجمعية خدمة المحتوى الإسلامي باللغات.

إغلاق