Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (67) Sura: Sura en-Nahl
وَمِنْ ثَمَرٰتِ النَّخِیْلِ وَالْاَعْنَابِ تَتَّخِذُوْنَ مِنْهُ سَكَرًا وَّرِزْقًا حَسَنًا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟
අප නුඹලාට පෝෂණය කළ රට ඉඳි හා මිදි වැනි පළතුරුවල ද නුඹලාට පාඩමක් ඇත. බුද්ධිය පහ කරන මත් ද්රව්ය එයින් නුඹලා පෙරා ගන්නෙහුය. එය යහපත් නොවන්නේය. එමෙන්ම නුඹලා ප්රයෝජනයට ගන්නා රට ඉඳි, වියලි මිදි, විනාකිරි හා පැණි වැනි දෑ ද එයින් නුඹලා ගන්නෙහුය. සඳහන් කරනු ලැබූ දෑහි අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. වටහා ගන්නා ජනයා සඳහා ඔහුගේ ගැත්තන් හට ඔහු ආශිර්වාද කර ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• جعل تعالى لعباده من ثمرات النخيل والأعناب منافع للعباد، ومصالح من أنواع الرزق الحسن الذي يأكله العباد طريًّا ونضيجًا وحاضرًا ومُدَّخَرًا وطعامًا وشرابًا.
•අල්ලාහ් තම ගැත්තන් හට ඉඳි, මිදි වැනි පළතුරුවල ප්රයෝජන තබා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ දී ආහාර හෝ පාන ආකාරයෙන් නැවුම් සහ ඉදුණු ලෙස පරිභෝජනය කළ හැකි විවිධ පෝෂණ සම්පත් වල ප්රතිලාභ තබා ඇත.

• في خلق النحلة الصغيرة وما يخرج من بطونها من عسل لذيذ مختلف الألوان بحسب اختلاف أرضها ومراعيها، دليل على كمال عناية الله تعالى، وتمام لطفه بعباده، وأنه الذي لا ينبغي أن يوحَّد غيره ويُدْعى سواه.
•කුඩා මී මැස්සියගේ නිමැයුමේ හා උන් ජීවත්වන භූමිය හා ආහාර ලබා ගන්නා තැන්වන වෙනස්වීම්වලට අනුව විවිධ වර්ණයෙන් යුතුව උන්ගේ උදරවලින් පිටවන ප්රණීත මී පැණිවල අල්ලාහ්ගේ පූර්ණවත් අවදානය හා ඔහු තම ගැත්තන් කෙරෙහි තබා ඇති පූර්ණවත් සෙනෙහස විදහා දක්වන සාධක ඇත. ඔහු හැර වෙනත් කෙනෙකු ඒකීයභාවයට පත් කිරීම හෝ වෙනත් කෙනෙකුගෙන් කණ්ණලව් කිරීම සුදුසු නොවන්නේය.

• من منن الله العظيمة على عباده أن جعل لهم أزواجًا ليسكنوا إليها، وجعل لهم من أزواجهم أولادًا تقرُّ بهم أعينهم، ويخدمونهم ويقضون حوائجهم، وينتفعون بهم من وجوه كثيرة.
•අල්ලාහ් තම ගැත්තන් හට පිරිනැමූ අතිමහත් ආශිර්වාද අතරින් ඔවුන් සැනසුම ලබනු පිණිස ඔවුන්ගේ අඹුවන් පත් කර තිබීමද එකකි. ඔවුන්ගේ අඹුවන් තුළින් ඔවුනට නෙත් පිණවන දරුවන් ද ඔහු ඇති කළේය. ඔවුහු ඔවුනට ඇප උපස්ථාන කරති. ඔවුන්ගේ අවශ්යතාවන් ඉටු කර දෙති. ඔවුන් තුළින් විවිධ ප්රයෝජන බොහෝමයක් ඔවුහු ලබති.

 
Prijevod značenja Ajet: (67) Sura: Sura en-Nahl
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Sadržaj prijevodā

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Zatvaranje