Check out the new design

Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. * - Lexique des traductions

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traduction des sens Sourate: Ad Duukhân   Verset:
وَّاَنْ لَّا تَعْلُوْا عَلَی اللّٰهِ ؕ— اِنِّیْۤ اٰتِیْكُمْ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۚ
“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නො වනු. නියත වශයෙන් ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”
Les exégèses en arabe:
وَاِنِّیْ عُذْتُ بِرَبِّیْ وَرَبِّكُمْ اَنْ تَرْجُمُوْنِ ۟ۚ
“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන් ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”
Les exégèses en arabe:
وَاِنْ لَّمْ تُؤْمِنُوْا لِیْ فَاعْتَزِلُوْنِ ۟
“තවද නුඹලා මා විශ්වාස නො කළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත්ව සිටිනු.”
Les exégèses en arabe:
فَدَعَا رَبَّهٗۤ اَنَّ هٰۤؤُلَآءِ قَوْمٌ مُّجْرِمُوْنَ ۟
එවිට ඔහු ‘නියත වශයෙන් ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේ ය.
Les exégèses en arabe:
فَاَسْرِ بِعِبَادِیْ لَیْلًا اِنَّكُمْ مُّتَّبَعُوْنَ ۟ۙ
(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් ය.”
Les exégèses en arabe:
وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ؕ— اِنَّهُمْ جُنْدٌ مُّغْرَقُوْنَ ۟
තවද “මුහුද ඒ අයුරින් ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
Les exégèses en arabe:
كَمْ تَرَكُوْا مِنْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ
ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
Les exégèses en arabe:
وَّزُرُوْعٍ وَّمَقَامٍ كَرِیْمٍ ۟ۙ
තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන ද
Les exégèses en arabe:
وَّنَعْمَةٍ كَانُوْا فِیْهَا فٰكِهِیْنَ ۟ۙ
තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?)
Les exégèses en arabe:
كَذٰلِكَ ۫— وَاَوْرَثْنٰهَا قَوْمًا اٰخَرِیْنَ ۟
එලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
Les exégèses en arabe:
فَمَا بَكَتْ عَلَیْهِمُ السَّمَآءُ وَالْاَرْضُ وَمَا كَانُوْا مُنْظَرِیْنَ ۟۠
එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නො වූවෝ ය.
Les exégèses en arabe:
وَلَقَدْ نَجَّیْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ مِنَ الْعَذَابِ الْمُهِیْنِ ۟ۙ
තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින් ම අපි මුදවා ගත්තෙමු.
Les exégèses en arabe:
مِنْ فِرْعَوْنَ ؕ— اِنَّهٗ كَانَ عَالِیًا مِّنَ الْمُسْرِفِیْنَ ۟
ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය.
Les exégèses en arabe:
وَلَقَدِ اخْتَرْنٰهُمْ عَلٰی عِلْمٍ عَلَی الْعٰلَمِیْنَ ۟ۚ
තවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින් ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
Les exégèses en arabe:
وَاٰتَیْنٰهُمْ مِّنَ الْاٰیٰتِ مَا فِیْهِ بَلٰٓؤٌا مُّبِیْنٌ ۟
තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
Les exégèses en arabe:
اِنَّ هٰۤؤُلَآءِ لَیَقُوْلُوْنَ ۟ۙ
නියත වශයෙන් ම මොවුහු මෙසේ පවසති.
Les exégèses en arabe:
اِنْ هِیَ اِلَّا مَوْتَتُنَا الْاُوْلٰی وَمَا نَحْنُ بِمُنْشَرِیْنَ ۟
“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.”
Les exégèses en arabe:
فَاْتُوْا بِاٰبَآىِٕنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
Les exégèses en arabe:
اَهُمْ خَیْرٌ اَمْ قَوْمُ تُبَّعٍ ۙ— وَّالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— اَهْلَكْنٰهُمْ ؗ— اِنَّهُمْ كَانُوْا مُجْرِمِیْنَ ۟
ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම ඔවුහු අපරාධකරුවන් වූවෝ ය.
Les exégèses en arabe:
وَمَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا لٰعِبِیْنَ ۟
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නො මැව්වෙමු.
Les exégèses en arabe:
مَا خَلَقْنٰهُمَاۤ اِلَّا بِالْحَقِّ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
ඒ දෙක සත්‍යයෙන් යුතුව මිස අපි නො මැව්වෙමු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
Les exégèses en arabe:
 
Traduction des sens Sourate: Ad Duukhân
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. - Lexique des traductions

L'équipe du Centre Rouwwâd At-Tarjamah (Les Pionniers de la Traduction) l'a traduite.

Fermeture