Check out the new design

Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. * - Lexique des traductions

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traduction des sens Sourate: Ad Duukhân   Verset:
اِنَّ یَوْمَ الْفَصْلِ مِیْقَاتُهُمْ اَجْمَعِیْنَ ۟ۙ
නියත වශයෙන් ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
Les exégèses en arabe:
یَوْمَ لَا یُغْنِیْ مَوْلًی عَنْ مَّوْلًی شَیْـًٔا وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟ۙ
එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු උදව් කරනු නො ලබති.
Les exégèses en arabe:
اِلَّا مَنْ رَّحِمَ اللّٰهُ ؕ— اِنَّهٗ هُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
එහෙත් අල්ලාහ් කරුණාව පෙන්වූ අය හැර. නියත වශයෙන් ම ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විත වනුයේ.
Les exégèses en arabe:
اِنَّ شَجَرَتَ الزَّقُّوْمِ ۟ۙ
නියත වශයෙන් ම zසක්කූම් ගස වනාහි,
Les exégèses en arabe:
طَعَامُ الْاَثِیْمِ ۟
පාපතරයින්ගේ ආහාරයයි.
Les exégèses en arabe:
كَالْمُهْلِ ۛۚ— یَغْلِیْ فِی الْبُطُوْنِ ۟ۙ
එය උණු කළ තඹ මෙන් ය. එය උදර තුළ නටමින් පවතින්නේ ය.
Les exégèses en arabe:
كَغَلْیِ الْحَمِیْمِ ۟
ලෝ දිය නටන්නාක් මෙනි.
Les exégèses en arabe:
خُذُوْهُ فَاعْتِلُوْهُ اِلٰی سَوَآءِ الْجَحِیْمِ ۟ۙ
(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසුව නුඹලා ඔහු නිරය මධ්‍යයට ඇද ගෙන යනු.
Les exégèses en arabe:
ثُمَّ صُبُّوْا فَوْقَ رَاْسِهٖ مِنْ عَذَابِ الْحَمِیْمِ ۟ؕ
පසුව ඔහුගේ හිසට ඉහළින් වේදනා ගෙන දෙන ලෝ දිය වක් කරනු.
Les exégèses en arabe:
ذُقْ ۖۚ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْكَرِیْمُ ۟
නුඹ විඳිනු. නියත වශයෙන් ම නුඹ (මෙලොව) ගරුසරු ඇති බලධාරියෙකු විය.
Les exégèses en arabe:
اِنَّ هٰذَا مَا كُنْتُمْ بِهٖ تَمْتَرُوْنَ ۟
නියත වශයෙන් ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එය වේ.
Les exégèses en arabe:
اِنَّ الْمُتَّقِیْنَ فِیْ مَقَامٍ اَمِیْنٍ ۟ۙ
නියත වශයෙන් ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
Les exégèses en arabe:
فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۚۙ
උයන් හා දිය උල්පත් අතර ය.
Les exégèses en arabe:
یَّلْبَسُوْنَ مِنْ سُنْدُسٍ وَّاِسْتَبْرَقٍ مُّتَقٰبِلِیْنَ ۟ۚۙ
ඔවුහු සිනිඳු සේද හා ඝන සේදවලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
Les exégèses en arabe:
كَذٰلِكَ ۫— وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِیْنٍ ۟ؕ
එලෙස ය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
Les exégèses en arabe:
یَدْعُوْنَ فِیْهَا بِكُلِّ فَاكِهَةٍ اٰمِنِیْنَ ۟ۙ
ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
Les exégèses en arabe:
لَا یَذُوْقُوْنَ فِیْهَا الْمَوْتَ اِلَّا الْمَوْتَةَ الْاُوْلٰی ۚ— وَوَقٰىهُمْ عَذَابَ الْجَحِیْمِ ۟ۙ
මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නො විඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කළේ ය.
Les exégèses en arabe:
فَضْلًا مِّنْ رَّبِّكَ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟
(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
Les exégèses en arabe:
فَاِنَّمَا یَسَّرْنٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟
එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය නුඹේ දිවට (නුඹේ භාෂාවෙන්) පහසු කළෙමු.
Les exégèses en arabe:
فَارْتَقِبْ اِنَّهُمْ مُّرْتَقِبُوْنَ ۟۠
එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
Les exégèses en arabe:
 
Traduction des sens Sourate: Ad Duukhân
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. - Lexique des traductions

L'équipe du Centre Rawwâd At-Tarjamah (Les Pionniers de la Traduction) l'a traduite.

Fermeture