Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર સૂરહ: અન્ નજમ   આયત:
وَاَنَّهٗ خَلَقَ الزَّوْجَیْنِ الذَّكَرَ وَالْاُ ۟ۙ
සැබැවින්ම ඔහු පිරිමියා හා කාන්තාව යන වර්ග දෙකක් මැව්වේය.
અરબી તફસીરો:
مِنْ نُّطْفَةٍ اِذَا تُمْنٰی ۪۟
ශුක්රාණුව ගර්භාෂය තුළ තබනු ලබන විට, එමගිනි (නුඹලාව නිර්මාණය කරන්නේය).
અરબી તફસીરો:
وَاَنَّ عَلَیْهِ النَّشْاَةَ الْاُخْرٰی ۟ۙ
ඔවුන් දෙපළ මිය ගිය පසු, නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුන් දෙපළගේ නිර්මාණය නැවත සිදු කිරීම ඔහු සතු වගකීමකි.
અરબી તફસીરો:
وَاَنَّهٗ هُوَ اَغْنٰی وَاَقْنٰی ۟ۙ
සැබැවින්ම ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ධනය උරුම කර දී පොහොසත් කරවන්නේය. මිනිසුන්ගෙන් ඔවුන් නොගන්නා තරමට ඔහු ඔවුනට ප්රමාණවත් ධනය පිරිනමන්නේය.
અરબી તફસીરો:
وَاَنَّهٗ هُوَ رَبُّ الشِّعْرٰی ۟ۙ
සැබැවින්ම ඔහු ‘අෂ්-ෂිඃරා නම් තාරකාවෙහි ද පරමාධිපතිය. එය අල්ලාහ් හැරදමා දේවත්වයට ආදේශ තබන ඇතැමුන් විසින් නමදිමින් සිටි වස්තුවකි.
અરબી તફસીરો:
وَاَنَّهٗۤ اَهْلَكَ عَادَا ١لْاُوْلٰی ۟ۙ
පෙර විසූ ආද් සමූහයා ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරත වූ කල්හි සැබැවින්ම ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් හූද්ගේ ජන සමූහයා වෙති.
અરબી તફસીરો:
وَثَمُوْدَاۡ فَمَاۤ اَبْقٰی ۟ۙ
සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද ඔහු විනාශ කළේය. ඔවුන්ගෙන් කිසිවකු ඔහු ඉතිරි කළේ නැත.
અરબી તફસીરો:
وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا هُمْ اَظْلَمَ وَاَطْغٰی ۟ؕ
ආද් හා සමූද්ගේ ජනයාට පෙර නූහ්ගේ ජනයාව ද අල්ලාහ් විනාශ කළේය. සැබැවින්ම නූහ්ගේ ජනයා දරුණු අපරාධකරුවන් වූහ. ආද් හා සමූද් ජනයාට වඩා සීමාව ඉක්මවා ගියවුන් වූහ. ඊට හේතුව නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කළේය. නමුත් ඔවුන් ඔහුට පිළිතුරු දුන්නේ නැත.
અરબી તફસીરો:
وَالْمُؤْتَفِكَةَ اَهْوٰی ۟ۙ
තවද ලූත්ගේ ජනයා විසූ ගම්මනාය ඔහු අහස දෙසට ඔසවා පසුව පෙරළා පොළාව වෙත හෙළීය.
અરબી તફસીરો:
فَغَشّٰىهَا مَا غَشّٰی ۟ۚ
අහස දෙසට ඔසවනු ලැබ පොළව මතට හෙළීමෙන් පසුව එම ගම්මානය ආවරණය වන පරිදි ගල් වර්ෂාවක් ඇති කළේය. එය ආවරණය කළේය.
અરબી તફસીરો:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكَ تَتَمَارٰی ۟
එහෙයින්, අහෝ මිනිස! නුඹේ පරමාධිපතිගේ බලය පෙන්වා දෙන ඔහුගේ කවර සාධකයක් ගැන නුඹ වාද කරන්නෙහි ද? එමගින් නුඹ උපදෙස් ලැබිය යුතු නොවේ ද?
અરબી તફસીરો:
هٰذَا نَذِیْرٌ مِّنَ النُّذُرِ الْاُوْلٰی ۟
නුඹලා වෙත එවනු ලැබූ මෙම දූත පණිවිඩය පෙර තිබූ දූත පණිවිඩ වර්ගයෙන් එකකි.
અરબી તફસીરો:
اَزِفَتِ الْاٰزِفَةُ ۟ۚ
සමීපයෙන් පවතින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වී ඇත.
અરબી તફસીરો:
لَیْسَ لَهَا مِنْ دُوْنِ اللّٰهِ كَاشِفَةٌ ۟ؕ
එය වළක්වාලන්නට කිසිවකු නැත. එය නිරාවරණය කොට බලන්නට අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නැත.
અરબી તફસીરો:
اَفَمِنْ هٰذَا الْحَدِیْثِ تَعْجَبُوْنَ ۟ۙ
එහෙයින් නුඹලා වෙත පාරායනය කරනු ලබන මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද?
અરબી તફસીરો:
وَتَضْحَكُوْنَ وَلَا تَبْكُوْنَ ۟ۙ
නුඹලා එය හාස්යයට ගෙන සිනාසෙන්නෙහුය. එහි ඇති උපදෙස්වලට නුඹලා සවන් දී හඬන්නේ නැත.
અરબી તફસીરો:
وَاَنْتُمْ سٰمِدُوْنَ ۟
නුඹලා ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ. ඒ ගැන ගණන් ගත්තේ නැත.
અરબી તફસીરો:
فَاسْجُدُوْا لِلّٰهِ وَاعْبُدُوْا ۟
එහෙයින් නුඹලා අල්ලාහ්ට පමණක් සුජූද් කර; ඔහුට පමණක් අවංක ව ගැතිකම් කරනු.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි.

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද.

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි.

 
શબ્દોનું ભાષાંતર સૂરહ: અન્ નજમ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ - ભાષાંતરોની અનુક્રમણિકા

તફસીર લિદ્ દિરાસતીલ્ કુરઆનિયહ કેન્દ્ર દ્વારા પ્રકાશિત.

બંધ કરો