Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Suratu Al'najm   Aya:

සූරා අන් නජ්ම්

وَالنَّجْمِ اِذَا هَوٰی ۟ۙ
තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;
Tafsiran larabci:
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوٰی ۟ۚ
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නො වීය. තවද ඔහු නොමග නොගියේ ය.
Tafsiran larabci:
وَمَا یَنْطِقُ عَنِ الْهَوٰی ۟ؕۚ
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි.
Tafsiran larabci:
اِنْ هُوَ اِلَّا وَحْیٌ یُّوْحٰی ۟ۙ
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
Tafsiran larabci:
عَلَّمَهٗ شَدِیْدُ الْقُوٰی ۟ۙ
අතිබලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වී ය.
Tafsiran larabci:
ذُوْ مِرَّةٍ ؕ— فَاسْتَوٰی ۟ۙ
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය.
Tafsiran larabci:
وَهُوَ بِالْاُفُقِ الْاَعْلٰی ۟ؕ
තවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය.
Tafsiran larabci:
ثُمَّ دَنَا فَتَدَلّٰی ۟ۙ
පසුව ඔහු පහළට පැමිණ (ඔහු) අසළට ම පැමිණියේ ය.
Tafsiran larabci:
فَكَانَ قَابَ قَوْسَیْنِ اَوْ اَدْنٰی ۟ۚ
එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය.
Tafsiran larabci:
فَاَوْحٰۤی اِلٰی عَبْدِهٖ مَاۤ اَوْحٰی ۟ؕ
එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේ ය.
Tafsiran larabci:
مَا كَذَبَ الْفُؤَادُ مَا رَاٰی ۟
ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේ ය.
Tafsiran larabci:
اَفَتُمٰرُوْنَهٗ عَلٰی مَا یَرٰی ۟
එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
Tafsiran larabci:
وَلَقَدْ رَاٰهُ نَزْلَةً اُخْرٰی ۟ۙ
තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේ ය.
Tafsiran larabci:
عِنْدَ سِدْرَةِ الْمُنْتَهٰی ۟
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියස ය.
Tafsiran larabci:
عِنْدَهَا جَنَّةُ الْمَاْوٰی ۟ؕ
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
Tafsiran larabci:
اِذْ یَغْشَی السِّدْرَةَ مَا یَغْشٰی ۟ۙ
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;
Tafsiran larabci:
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغٰی ۟
(ඔහුගේ) බැල්ම ඉවත් නො වීය. එසේ ම එය සීමාව ඉක්මවා නොගියේ ය.
Tafsiran larabci:
لَقَدْ رَاٰی مِنْ اٰیٰتِ رَبِّهِ الْكُبْرٰی ۟
තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින් ම ඔහු දුටුවේ ය.
Tafsiran larabci:
اَفَرَءَیْتُمُ اللّٰتَ وَالْعُزّٰی ۟ۙ
ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?
Tafsiran larabci:
وَمَنٰوةَ الثَّالِثَةَ الْاُخْرٰی ۟
අනෙක් තුන්වැනියා මනාත් ය.
Tafsiran larabci:
اَلَكُمُ الذَّكَرُ وَلَهُ الْاُ ۟
නුඹලාට පිරිමි (දරුව)න් හා ඔහුට ගැහැනු (දරුව)න් ද?
Tafsiran larabci:
تِلْكَ اِذًا قِسْمَةٌ ضِیْزٰی ۟
එවිට එය අසාධාරණ බෙදීමකි.
Tafsiran larabci:
اِنْ هِیَ اِلَّاۤ اَسْمَآءٌ سَمَّیْتُمُوْهَاۤ اَنْتُمْ وَاٰبَآؤُكُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ بِهَا مِنْ سُلْطٰنٍ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَمَا تَهْوَی الْاَنْفُسُ ۚ— وَلَقَدْ جَآءَهُمْ مِّنْ رَّبِّهِمُ الْهُدٰی ۟ؕ
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නො කරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින් ම යහමග පැමිණ ඇත.
Tafsiran larabci:
اَمْ لِلْاِنْسَانِ مَا تَمَنّٰی ۟ؗۖ
එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
Tafsiran larabci:
فَلِلّٰهِ الْاٰخِرَةُ وَالْاُوْلٰی ۟۠
එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතු ය.
Tafsiran larabci:
وَكَمْ مِّنْ مَّلَكٍ فِی السَّمٰوٰتِ لَا تُغْنِیْ شَفَاعَتُهُمْ شَیْـًٔا اِلَّا مِنْ بَعْدِ اَنْ یَّاْذَنَ اللّٰهُ لِمَنْ یَّشَآءُ وَیَرْضٰی ۟
අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි.
Tafsiran larabci:
اِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ لَیُسَمُّوْنَ الْمَلٰٓىِٕكَةَ تَسْمِیَةَ الْاُ ۟
නියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
Tafsiran larabci:
وَمَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ ۚ— وَاِنَّ الظَّنَّ لَا یُغْنِیْ مِنَ الْحَقِّ شَیْـًٔا ۟ۚ
තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි.
Tafsiran larabci:
فَاَعْرِضْ عَنْ مَّنْ تَوَلّٰی ۙ۬— عَنْ ذِكْرِنَا وَلَمْ یُرِدْ اِلَّا الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ
එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු.
Tafsiran larabci:
ذٰلِكَ مَبْلَغُهُمْ مِّنَ الْعِلْمِ ؕ— اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ وَهُوَ اَعْلَمُ بِمَنِ اهْتَدٰی ۟
එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය.
Tafsiran larabci:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۙ— لِیَجْزِیَ الَّذِیْنَ اَسَآءُوْا بِمَا عَمِلُوْا وَیَجْزِیَ الَّذِیْنَ اَحْسَنُوْا بِالْحُسْنٰی ۟ۚ
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය.
Tafsiran larabci:
اَلَّذِیْنَ یَجْتَنِبُوْنَ كَبٰٓىِٕرَ الْاِثْمِ وَالْفَوَاحِشَ اِلَّا اللَّمَمَ ؕ— اِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ؕ— هُوَ اَعْلَمُ بِكُمْ اِذْ اَنْشَاَكُمْ مِّنَ الْاَرْضِ وَاِذْ اَنْتُمْ اَجِنَّةٌ فِیْ بُطُوْنِ اُمَّهٰتِكُمْ ۚ— فَلَا تُزَكُّوْۤا اَنْفُسَكُمْ ؕ— هُوَ اَعْلَمُ بِمَنِ اتَّقٰی ۟۠
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය.
Tafsiran larabci:
اَفَرَءَیْتَ الَّذِیْ تَوَلّٰی ۟ۙ
(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද?
Tafsiran larabci:
وَاَعْطٰی قَلِیْلًا وَّاَكْدٰی ۟
තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය.
Tafsiran larabci:
اَعِنْدَهٗ عِلْمُ الْغَیْبِ فَهُوَ یَرٰی ۟
ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?
Tafsiran larabci:
اَمْ لَمْ یُنَبَّاْ بِمَا فِیْ صُحُفِ مُوْسٰی ۟ۙ
එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද?
Tafsiran larabci:
وَاِبْرٰهِیْمَ الَّذِیْ وَ ۟ۙ
(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?)
Tafsiran larabci:
اَلَّا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ۟ۙ
එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.
Tafsiran larabci:
وَاَنْ لَّیْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعٰی ۟ۙ
තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.
Tafsiran larabci:
وَاَنَّ سَعْیَهٗ سَوْفَ یُرٰی ۟
තවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.
Tafsiran larabci:
ثُمَّ یُجْزٰىهُ الْجَزَآءَ الْاَوْفٰی ۟ۙ
පසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)
Tafsiran larabci:
وَاَنَّ اِلٰی رَبِّكَ الْمُنْتَهٰی ۟ۙ
තවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය.
Tafsiran larabci:
وَاَنَّهٗ هُوَ اَضْحَكَ وَاَبْكٰی ۟ۙ
තවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය.
Tafsiran larabci:
وَاَنَّهٗ هُوَ اَمَاتَ وَاَحْیَا ۟ۙ
තවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය.
Tafsiran larabci:
وَاَنَّهٗ خَلَقَ الزَّوْجَیْنِ الذَّكَرَ وَالْاُ ۟ۙ
නියත වශයෙන් ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේ ය.
Tafsiran larabci:
مِنْ نُّطْفَةٍ اِذَا تُمْنٰی ۪۟
ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේ ය).
Tafsiran larabci:
وَاَنَّ عَلَیْهِ النَّشْاَةَ الْاُخْرٰی ۟ۙ
තවද නියත වශයෙන් ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මත ය.
Tafsiran larabci:
وَاَنَّهٗ هُوَ اَغْنٰی وَاَقْنٰی ۟ۙ
තවද නියත වශයෙන් ම ඔහු පොහොසත් කරවන්නේ ය. සෑහීමට පත් කරවන්නේ ය.
Tafsiran larabci:
وَاَنَّهٗ هُوَ رَبُّ الشِّعْرٰی ۟ۙ
තවද නියත වශයෙන් ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
Tafsiran larabci:
وَاَنَّهٗۤ اَهْلَكَ عَادَا ١لْاُوْلٰی ۟ۙ
තවද නියත වශයෙන් ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහු ය.
Tafsiran larabci:
وَثَمُوْدَاۡ فَمَاۤ اَبْقٰی ۟ۙ
තවද සමූද් ජනයා ද (විනාශ කළේ ය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නො කළේ ය.
Tafsiran larabci:
وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا هُمْ اَظْلَمَ وَاَطْغٰی ۟ؕ
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේ ය.) නියත වශයෙන් ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝ ය.
Tafsiran larabci:
وَالْمُؤْتَفِكَةَ اَهْوٰی ۟ۙ
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
Tafsiran larabci:
فَغَشّٰىهَا مَا غَشّٰی ۟ۚ
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේ ය.
Tafsiran larabci:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكَ تَتَمَارٰی ۟
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
Tafsiran larabci:
هٰذَا نَذِیْرٌ مِّنَ النُّذُرِ الْاُوْلٰی ۟
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.
Tafsiran larabci:
اَزِفَتِ الْاٰزِفَةُ ۟ۚ
සමීප වන දෑ සමීප වී ඇත.
Tafsiran larabci:
لَیْسَ لَهَا مِنْ دُوْنِ اللّٰهِ كَاشِفَةٌ ۟ؕ
අල්ලාහ්ගෙන් තොරව නිරාවරණය කරන්නෙකු එයට නැත.
Tafsiran larabci:
اَفَمِنْ هٰذَا الْحَدِیْثِ تَعْجَبُوْنَ ۟ۙ
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහු ද?
Tafsiran larabci:
وَتَضْحَكُوْنَ وَلَا تَبْكُوْنَ ۟ۙ
තවද නුඹලා සිනහ සෙන්නෙහු ය. තවද නුඹලා නො හඬා සිටින්නෙහු ය.
Tafsiran larabci:
وَاَنْتُمْ سٰمِدُوْنَ ۟
නුඹලා ඒ ගැන නො සැලකිලිමත් වන්නෝ වෙති.
Tafsiran larabci:
فَاسْجُدُوْا لِلّٰهِ وَاعْبُدُوْا ۟
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Suratu Al'najm
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Teburin Bayani kan wasu Fassarori

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

Rufewa