Check out the new design

クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター * - 対訳の目次

PDF XML CSV Excel API
Please review the Terms and Policies

対訳 章: 包る者章   節:
فَقُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ
ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
アラビア語 クルアーン注釈:
ثُمَّ قُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ
පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
アラビア語 クルアーン注釈:
ثُمَّ نَظَرَ ۟ۙ
පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය.
アラビア語 クルアーン注釈:
ثُمَّ عَبَسَ وَبَسَرَ ۟ۙ
පසුව ඔහු රවා කිපුණේ ය.
アラビア語 クルアーン注釈:
ثُمَّ اَدْبَرَ وَاسْتَكْبَرَ ۟ۙ
පසුව ඔහු පිටු පා උඩඟු විය.
アラビア語 クルアーン注釈:
فَقَالَ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ یُّؤْثَرُ ۟ۙ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය.
アラビア語 クルアーン注釈:
اِنْ هٰذَاۤ اِلَّا قَوْلُ الْبَشَرِ ۟ؕ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)
アラビア語 クルアーン注釈:
سَاُصْلِیْهِ سَقَرَ ۟
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
アラビア語 クルアーン注釈:
وَمَاۤ اَدْرٰىكَ مَا سَقَرُ ۟ؕ
සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
アラビア語 クルアーン注釈:
لَا تُبْقِیْ وَلَا تَذَرُ ۟ۚ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි.
アラビア語 クルアーン注釈:
لَوَّاحَةٌ لِّلْبَشَرِ ۟ۚ
සම දැඩි ලෙස දවාලන්නකි.
アラビア語 クルアーン注釈:
عَلَیْهَا تِسْعَةَ عَشَرَ ۟ؕ
ඒ මත දහනව දෙනෙකි.
アラビア語 クルアーン注釈:
وَمَا جَعَلْنَاۤ اَصْحٰبَ النَّارِ اِلَّا مَلٰٓىِٕكَةً ۪— وَّمَا جَعَلْنَا عِدَّتَهُمْ اِلَّا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا ۙ— لِیَسْتَیْقِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَیَزْدَادَ الَّذِیْنَ اٰمَنُوْۤا اِیْمَانًا وَّلَا یَرْتَابَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَالْمُؤْمِنُوْنَ ۙ— وَلِیَقُوْلَ الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْكٰفِرُوْنَ مَاذَاۤ اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَمَا یَعْلَمُ جُنُوْدَ رَبِّكَ اِلَّا هُوَ ؕ— وَمَا هِیَ اِلَّا ذِكْرٰی لِلْبَشَرِ ۟۠
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
アラビア語 クルアーン注釈:
كَلَّا وَالْقَمَرِ ۟ۙ
එසේ නොව, සඳු මත දිවුරමින්.
アラビア語 クルアーン注釈:
وَالَّیْلِ اِذْ اَدْبَرَ ۟ۙ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
アラビア語 クルアーン注釈:
وَالصُّبْحِ اِذَاۤ اَسْفَرَ ۟ۙ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
アラビア語 クルアーン注釈:
اِنَّهَا لَاِحْدَی الْكُبَرِ ۟ۙ
නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
アラビア語 クルアーン注釈:
نَذِیْرًا لِّلْبَشَرِ ۟ۙ
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
アラビア語 クルアーン注釈:
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ یَّتَقَدَّمَ اَوْ یَتَاَخَّرَ ۟ؕ
එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
アラビア語 クルアーン注釈:
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِیْنَةٌ ۟ۙ
සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය.
アラビア語 クルアーン注釈:
اِلَّاۤ اَصْحٰبَ الْیَمِیْنِ ۟ؕۛ
එහෙත් දකුණුපස ජනයා හැර.
アラビア語 クルアーン注釈:
فِیْ جَنّٰتٍ ۛ۫— یَتَسَآءَلُوْنَ ۟ۙ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
アラビア語 クルアーン注釈:
عَنِ الْمُجْرِمِیْنَ ۟ۙ
වැරදි කරුවන්ගෙන්;
アラビア語 クルアーン注釈:
مَا سَلَكَكُمْ فِیْ سَقَرَ ۟
"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?"
アラビア語 クルアーン注釈:
قَالُوْا لَمْ نَكُ مِنَ الْمُصَلِّیْنَ ۟ۙ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
アラビア語 クルアーン注釈:
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِیْنَ ۟ۙ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු.
アラビア語 クルアーン注釈:
وَكُنَّا نَخُوْضُ مَعَ الْخَآىِٕضِیْنَ ۟ۙ
"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු".
アラビア語 クルアーン注釈:
وَكُنَّا نُكَذِّبُ بِیَوْمِ الدِّیْنِ ۟ۙ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
アラビア語 クルアーン注釈:
حَتّٰۤی اَتٰىنَا الْیَقِیْنُ ۟ؕ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
アラビア語 クルアーン注釈:
 
対訳 章: 包る者章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター - 対訳の目次

ルゥワード翻訳事業センターとラブワ招待協会およびイスラームコンテンツサービス協会の共訳

閉じる