クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 章: 知らせ章   節:

සූරා අන් නබඋ

本章の趣旨:
بيان أدلة القدرة على البعث والتخويف من العاقبة.
මළවුන් කෙරෙන් නැවත නැගිටුවීමට හැකි බව හඟවන සාක්ෂි පැහැදිලි කිරීම හා අවසානය ගැන බිය ගැන්වීම.

عَمَّ یَتَسَآءَلُوْنَ ۟ۚ
අල්ලාහ්ට වෙනත් අයෙකු සමකර ආදේශ තබන්නන් වෙත අල්ලාහ් තම දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවීමෙන් පසුව ඔවුන් එකිනෙකා විමසා ගනුයේ කවර දෙයක් පිළිබඳ ද?
アラビア語 クルアーン注釈:
عَنِ النَّبَاِ الْعَظِیْمِ ۟ۙ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් එම මහත් වූ ආරංචිය පිළිබඳ විමසයි.එය නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ ඇතුළත් ඔවුන්ගේ රසූල්වරයා වෙත එවනු ලැබූ අල් කුර්ආනය ගැනයි.
アラビア語 クルアーン注釈:
الَّذِیْ هُمْ فِیْهِ مُخْتَلِفُوْنَ ۟ؕ
එම අල් කුර්ආනය පිළිබඳ වර්ණනා කිරීමේදී එය හූනියමක් ද, එසේත් නැතහොත් කවි පෙළක්ද, එසේත් නැතහොත් මන්තරයක්ද,එසේත් නැතහොත් පැරැණ්නන්ගේ ප්රබන්ධයක්ද යන්න ගැන ඔවුහු මතභේද ඇති කරගත්හ.
アラビア語 クルアーン注釈:
كَلَّا سَیَعْلَمُوْنَ ۟ۙ
ඔවුන් සිතන පරිදි කරුණු එසේ නොවේ. එම අල් කුර්ආනය මගින් බොරු කරමින් සිටියවුන් එයින් අත්වන නපුරු විපාකය ගැන අවසානයේදී දැන ගනු ඇත.
アラビア語 クルアーン注釈:
ثُمَّ كَلَّا سَیَعْلَمُوْنَ ۟
පසු ව එය ඔවුනට තහවුරු වනු ඇත.
アラビア語 クルアーン注釈:
اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا ۟ۙ
මහපොළොව වාසය කිරීමට සුදුසු තැනක් බවට අපි පුළුල් නොකළෙමුද?
アラビア語 クルアーン注釈:
وَّالْجِبَالَ اَوْتَادًا ۟ۙ
මහපොළොව චලනය වීම වළක්වනු පිණිස ඒ මත කඳු කූඤ්ඤ ලෙස අපි ඇති කළෙමු.
アラビア語 クルアーン注釈:
وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا ۟ۙ
අහෝ ජනයිනි! අපි නුඹලාව යුගල වශයෙන් මවා ඇත්තෙමු. නුඹලා අතර පිරිමින් හා කාන්තාවන් වෙති.
アラビア語 クルアーン注釈:
وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۟ۙ
කාර්ය බහුලත්වයෙන් ඉවත්ව නුඹලා විවේකය ලබනු පිණිස අපි නුඹලාගේ නින්ද ඇති කළෙමු.
アラビア語 クルアーン注釈:
وَّجَعَلْنَا الَّیْلَ لِبَاسًا ۟ۙ
නුඹලා විළි වසා ගන්නා වස්ත්රය මෙන් එහි තිබෙන අඳුරෙන් නුඹලාව ආවරණය කර ගන්නට අපි රාත්රිය ඇති කළෙමු.
アラビア語 クルアーン注釈:
وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا ۟ۚ
ඉපැයීමේ හා ආහාර සම්පත් සෙවීමේ ස්ථානයක් බවට අපි දහවල ඇති කළෙමු.
アラビア語 クルアーン注釈:
وَبَنَیْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۟ۙ
නුඹලාට ඉහළින් ශක්තිමත් ලෙස හා ඉතා සියුම් ලෙස තනන ලද අහස් සතක් අපි නිර්මාණය කළෙමු.
アラビア語 クルアーン注釈:
وَّجَعَلْنَا سِرَاجًا وَّهَّاجًا ۟ۙ
ඉමහත්ව ආලෝකයක් ලබා දෙන දැඩි ලෙස දැවෙන පහනක් බවට අපි හිරු තැනුවෙමු.
アラビア語 クルアーン注釈:
وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا ۟ۙ
වර්ෂාපතනය ඇති කරවන වළාවන් තුළින් අධික ලෙස ජලය වැගිරෙන්නට අපි සැළැස්සුවෙමු.
アラビア語 クルアーン注釈:
لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا ۟ۙ
එමගින් විවිධ වූ ධාන්ය වර්ග හා පැළෑටි වර්ග හටගැනීම සඳහාය.
アラビア語 クルアーン注釈:
وَّجَنّٰتٍ اَلْفَافًا ۟ؕ
එමගින් ගහ කොළ හා අතු රිකිළි එකිනෙක ඇමුණුනු ඝන වතු අපි හට ගැන්වූයෙමු.
アラビア語 クルアーン注釈:
اِنَّ یَوْمَ الْفَصْلِ كَانَ مِیْقَاتًا ۟ۙ
මැවීම් අතර වෙන් කරවන තීරණාත්මක දිනය කිසිදු ප්රමාදයකින් තොර ව නිර්ණය කරනු ලැබූ නියමිත වේලාවක පොරොන්දු වූ පරිදි සිදුවනු ඇත.
アラビア語 クルアーン注釈:
یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَتَاْتُوْنَ اَفْوَاجًا ۟ۙ
අහෝ ජනයිනි! හොරණෑව මලක්වරුන් - දේව දූතයින් - දෙවන වරට පිඹින දිනයේදී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
アラビア語 クルアーン注釈:
وَّفُتِحَتِ السَّمَآءُ فَكَانَتْ اَبْوَابًا ۟ۙ
අහස විවර කරනු ලැබූ විට විවෘත කරනු ලැබූ දොරටු මෙන් එහි පැළීම් හා විවර ඇති වේ.
アラビア語 クルアーン注釈:
وَّسُیِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ۟ؕ
විහිදී යන දුහුවිලි මෙන් කඳු විතැන් වී පසුව එය මිරිඟුවක් බවට පත් වනු ඇත.
アラビア語 クルアーン注釈:
اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۟ۙ
සැබැවින්ම නිරය පහර දීමට අපේක්ෂාවෙන් සිටින ස්ථානයක් බවට පත් වේ.
アラビア語 クルアーン注釈:
لِّلطَّاغِیْنَ مَاٰبًا ۟ۙ
එය අපරාධකරුවන්ට හැරී යන ස්ථානයක් වශයෙනි.
アラビア語 クルアーン注釈:
لّٰبِثِیْنَ فِیْهَاۤ اَحْقَابًا ۟ۚ
නිමක් නැති යුග ගණනාවක් ඔවුන් එහි රැඳී සිටිති.
アラビア語 クルアーン注釈:
لَا یَذُوْقُوْنَ فِیْهَا بَرْدًا وَّلَا شَرَابًا ۟ۙ
නිරයේ ගිනි නිවාලන සිසිල් සුළඟ ඔවුන් එහි නොවිඳිති. එමෙන්ම ඉමිහිරි පානීය ජලය ඔවුන් එහි රස නොවිඳිති.
アラビア語 クルアーン注釈:
اِلَّا حَمِیْمًا وَّغَسَّاقًا ۟ۙ
දැඩි රෂ්ණයෙන් යුත් ජලය හා නිරා වැසියන්ගෙන් ගලන ඕජස් හැර වෙන කිසිවක් ඔවුන් නොවිඳිති.
アラビア語 クルアーン注釈:
جَزَآءً وِّفَاقًا ۟ؕ
එය ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි, නොමඟ යමින් සිටි විෂයට සරිළන ප්රතිවිපාකයක් වශයෙනි.
アラビア語 クルアーン注釈:
اِنَّهُمْ كَانُوْا لَا یَرْجُوْنَ حِسَابًا ۟ۙ
සැබැවින්ම ඔවුන් මතුලොවෙහි අල්ලාහ්ගේ විනිශ්චයට බිය නොවී මෙලොව ගත කළ අය වෙති. මතුලොවෙහි යළි නැගිටුවනු ලැබීම ගැන ඔවුහු විශ්වාස නොකළහ. එසේ ඔවුන් යළි නැගිටුවනු ලැබීම ගැන බිය වූයේ නම් අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නට තිබුණි.
アラビア語 クルアーン注釈:
وَّكَذَّبُوْا بِاٰیٰتِنَا كِذَّابًا ۟ؕ
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුහු දැඩි ලෙස බොරු කළහ.
アラビア語 クルアーン注釈:
وَكُلَّ شَیْءٍ اَحْصَیْنٰهُ كِتٰبًا ۟ۙ
ඔවුන්ගේ සෑම ක්රියාවක්ම අපි සටහන් කර තැබුවෙමු. එය ගණනය කර ඇත්තෙමු. ඔවුන්ගේ ක්රියාකාරකම් ලියන ලේඛනවල ලියනු ලැබ ඇත.
アラビア語 クルアーン注釈:
فَذُوْقُوْا فَلَنْ نَّزِیْدَكُمْ اِلَّا عَذَابًا ۟۠
එහෙයින් සීමාව ඉක්මවා කටයුතු කරන අපරාධකරුවනි, දඬුවම සදා භුක්ති විඳිනු. නුඹලාගේ දඬුවම මත දඬුවමක් මිස වෙන කිසිවක් අපි නුඹලාට අධික නොකරන්නෙමු.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• إحكام الله للخلق دلالة على قدرته على إعادته.
• අල්ලාහ්ගේ තීන්දු කිරීම් සියලු මැවීම් මත ක්රියාත්මක වීම මිනිසා මිය ගිය පසු ව යළිත් නැගිටුවීමේ ඔහුගේ බලය පෙන්වා දෙන සාධකයකි.

• الطغيان سبب دخول النار.
• සීමාව ඉක්මවා කටයුතු කිරීම, නිරයට පිවිසීමට හේතුවක් වන්නේය.

• مضاعفة العذاب على الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට දඬුවම ගුණ කර දෙනු ලැබේ.

اِنَّ لِلْمُتَّقِیْنَ مَفَازًا ۟ۙ
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔවුන් පැතූ පරිදිම ජයග්රාහී ස්ථානය හිමි වනු ඇත. එය උතුම් වූ ස්වර්ගයයි. (දිව්ය ලෝකයයි.)
アラビア語 クルアーン注釈:
حَدَآىِٕقَ وَاَعْنَابًا ۟ۙ
එහි උයන් හා මිදි වතු ඇත.
アラビア語 クルアーン注釈:
وَّكَوَاعِبَ اَتْرَابًا ۟ۙ
පියයුරු ඉදිරියට නෙරා ගිය සම වයසේ කන්යාවියන් ද ඇත.
アラビア語 クルアーン注釈:
وَّكَاْسًا دِهَاقًا ۟ؕ
පැන් පිරුණු බඳුන් ද ඇත.
アラビア語 クルアーン注釈:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا كِذّٰبًا ۟ۚۖ
ස්වර්ගයේ නිෂ්ඵල කතා කිසිවකට ස්වර්ගවාසීන් සවන් දෙන්නේ නැත. කෙනෙකු තව කෙනෙකු හට බොරු පවසන්නේද නැත.
アラビア語 クルアーン注釈:
جَزَآءً مِّنْ رَّبِّكَ عَطَآءً حِسَابًا ۟ۙ
එය අල්ලාහ් විසින් ඔවුනට පිරිනැමූ ත්යාගයකි. එමෙන්ම ඔහුගෙන් ලැබුණු පරිපූර්ණ වූ දායාදයකි.
アラビア語 クルアーン注釈:
رَّبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا الرَّحْمٰنِ لَا یَمْلِكُوْنَ مِنْهُ خِطَابًا ۟ۚ
ඔහු අහස් හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. මෙලොව හා මතුලොවෙහි මහා කාරුණිකය. මිහිතලයේ හා අහසේ වෙසෙන කිසිවකු හෝ වේවා පරමාධිපතිගෙන් ඔවුනට අනුමැතිය ලැබීමෙන් තොරව ඔහුගෙන් කිසිවක් විමසීමේ අයිතිය නො ලබනු ඇත.
アラビア語 クルアーン注釈:
یَوْمَ یَقُوْمُ الرُّوْحُ وَالْمَلٰٓىِٕكَةُ صَفًّا ۙۗؕ— لَّا یَتَكَلَّمُوْنَ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَقَالَ صَوَابًا ۟
එය ජිබ්රීල් හා මලක්වරුන් පෙළ ගැසී සිටින දිනයකි. එදින මහා කාරුණිකයාණන් අවසර දුන් අය මිස කිසිවකු වෙනුවෙන් මැදිහත් වී කතා කිරීමට හැකියාව වෙනත් කිසිවකුට නො ලැබෙනු ඇත. දෙවියන්ගේ ඒකීයත්වය විදහා පාන ප්රකාශය මෙන් ඍජු දේ පමණක් එදින කතා කරනු ඇත.
アラビア語 クルアーン注釈:
ذٰلِكَ الْیَوْمُ الْحَقُّ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ مَاٰبًا ۟
‘එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම එය සිදුවන්නක්මය’ යනුවෙන් නුඹලාට විස්තර කරනු ලැබූ දිනයකි මෙය. එහෙයින් අල්ලාහ්ගේ දඬුවමින් මිදී ජය ලබන්නට අපේක්ෂා කරන්නන්, තම පරමාධිපති තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් සිදු කොට ඒ මත පිහිටන ඍජු මාර්ගයම පිළිපදිත්වා!
アラビア語 クルアーン注釈:
اِنَّاۤ اَنْذَرْنٰكُمْ عَذَابًا قَرِیْبًا ۖۚ۬— یَّوْمَ یَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ یَدٰهُ وَیَقُوْلُ الْكٰفِرُ یٰلَیْتَنِیْ كُنْتُ تُرٰبًا ۟۠
අහෝ ජනයිනි! ළගදීම සිදුවන්නට යන දඬුවම ගැන සැබැවින්ම අපි ඔබට අවවාද කරන්නෙමු. එය මෙලොවෙහි මිනිසා තමන් කල් ඇතිව සිදු කළ දෑහි ප්රතිඵල දකින දිනයකි. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා දඬුවමෙන් ගැළවීමේ අපේවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන කල්හි ‘නුඹලා පසට පස්වනු’ යැයි කියනු ලබන සතුන් මෙන් මා ද පසට පස් වී තිබුණා නම් කෙතරම් නම් අගනේදැයි එදින විමසා සිටිනු ඇත.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• التقوى سبب دخول الجنة.
• තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ බැතිමත්කම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය.

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසන පිළිබඳ මෙනෙහි කිරීම දැහැමි ක්රියාවන් කිරීමට මඟ පාදනු ඇත.

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රාණයන් කෲර හා දැඩි ලෙස ගලවා ගන්නා අතර දෙවියන් විශ්වාස කරන්නන්ගේ ප්රාණයන් ඉතා සැහැල්ලුවෙන් හා මෘදු ලෙස මුදවාලනු ඇත.

 
対訳 章: 知らせ章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる