ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ಲೈಲ್   ಶ್ಲೋಕ:

සූරා අල් ලෙය්ල්

وَالَّیْلِ اِذَا یَغْشٰی ۟ۙ
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَالنَّهَارِ اِذَا تَجَلّٰی ۟ۙ
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُ ۟ۙ
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّ سَعْیَكُمْ لَشَتّٰی ۟ؕ
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධ ය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَاَمَّا مَنْ اَعْطٰی وَاتَّقٰی ۟ۙ
එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَصَدَّقَ بِالْحُسْنٰی ۟ۙ
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَسَنُیَسِّرُهٗ لِلْیُسْرٰی ۟ؕ
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَاَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنٰی ۟ۙ
තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර යැයි සිතා,
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَكَذَّبَ بِالْحُسْنٰی ۟ۙ
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَسَنُیَسِّرُهٗ لِلْعُسْرٰی ۟ؕ
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا یُغْنِیْ عَنْهُ مَالُهٗۤ اِذَا تَرَدّٰی ۟ؕ
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّ عَلَیْنَا لَلْهُدٰی ۟ؗۖ
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙත ය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَاِنَّ لَنَا لَلْاٰخِرَةَ وَالْاُوْلٰی ۟
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුව ය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَاَنْذَرْتُكُمْ نَارًا تَلَظّٰی ۟ۚ
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَا یَصْلٰىهَاۤ اِلَّا الْاَشْقَی ۟ۙ
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
الَّذِیْ كَذَّبَ وَتَوَلّٰی ۟ؕ
ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේ ය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَسَیُجَنَّبُهَا الْاَتْقَی ۟ۙ
තවද බිය බැතිමත් අයව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
الَّذِیْ یُؤْتِیْ مَالَهٗ یَتَزَكّٰی ۟ۚ
ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا لِاَحَدٍ عِنْدَهٗ مِنْ نِّعْمَةٍ تُجْزٰۤی ۟ۙ
කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِلَّا ابْتِغَآءَ وَجْهِ رَبِّهِ الْاَعْلٰی ۟ۚ
උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَسَوْفَ یَرْضٰی ۟۠
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ಲೈಲ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಸಿಂಹಳೀಯ ಅರ್ಥಾನುವಾದ - ರುವ್ವಾದ್ ಅನುವಾದ ಕೇಂದ್ರ, www.islamhouse.com ಸಹಯೋಗದೊಂದಿಗೆ

ಮುಚ್ಚಿ