Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: An-nisa   Vers:
وَمَا لَكُمْ لَا تُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ وَالْمُسْتَضْعَفِیْنَ مِنَ الرِّجَالِ وَالنِّسَآءِ وَالْوِلْدَانِ الَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَاۤ اَخْرِجْنَا مِنْ هٰذِهِ الْقَرْیَةِ الظَّالِمِ اَهْلُهَا ۚ— وَاجْعَلْ لَّنَا مِنْ لَّدُنْكَ وَلِیًّا ۙۚ— وَّاجْعَلْ لَّنَا مِنْ لَّدُنْكَ نَصِیْرًا ۟ؕ
“අපගේ පරමාධිපතියාණනි! අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් අපව පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!” යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී, අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නො වැද සිටීමට නුඹලාට කුමක් වී ද?
Arabische uitleg van de Qur'an:
اَلَّذِیْنَ اٰمَنُوْا یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ ۚ— وَالَّذِیْنَ كَفَرُوْا یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ الطَّاغُوْتِ فَقَاتِلُوْۤا اَوْلِیَآءَ الشَّیْطٰنِ ۚ— اِنَّ كَیْدَ الشَّیْطٰنِ كَانَ ضَعِیْفًا ۟۠
විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන් ම ප්‍රතික්ෂේප කළවුන් නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිනු. සැබැවින් ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ දුර්වල විය.
Arabische uitleg van de Qur'an:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ قِیْلَ لَهُمْ كُفُّوْۤا اَیْدِیَكُمْ وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ ۚ— فَلَمَّا كُتِبَ عَلَیْهِمُ الْقِتَالُ اِذَا فَرِیْقٌ مِّنْهُمْ یَخْشَوْنَ النَّاسَ كَخَشْیَةِ اللّٰهِ اَوْ اَشَدَّ خَشْیَةً ۚ— وَقَالُوْا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَیْنَا الْقِتَالَ ۚ— لَوْلَاۤ اَخَّرْتَنَاۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ؕ— قُلْ مَتَاعُ الدُّنْیَا قَلِیْلٌ ۚ— وَالْاٰخِرَةُ خَیْرٌ لِّمَنِ اتَّقٰی ۫— وَلَا تُظْلَمُوْنَ فَتِیْلًا ۟
නුඹලාගේ අත් (සටන් කිරීමෙන්) වළක්වා ගනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාතය ද දෙනු යැයි පවසනු ලැබූවන් දෙස නුඹ නුදුටුවෙහි ද? ඔවුන් කෙරෙහි සටන් කිරීම නියම කරනු ලැබූ කල්හි එවිට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවනවා සේ ජනයාට බිය වෙති. එසේ නොමැතිනම් (ඊටත් වඩා) දැඩි ලෙස බිය වෙති. තවද අපගේ පරමාධිපතියාණනි! අපහට සටන් කිරීම නියම කළේ ඇයි? ටික කලකට අපව ප්‍රමාද කරන්නට තිබුණා නො වේ දැ? යි පවසති. (නබිවරය!) පවසනු මෙලොව වින්ඳනය අල්ප ය. බිය බැතිමතුන්හට මතු ලොව ශ්‍රේෂ්ඨ ය. ඉඳි ගෙඩියක සිවිය තරම් වුව ද නුඹලා අපරාධ කරනු නො ලබන්නෙහු ය.
Arabische uitleg van de Qur'an:
اَیْنَمَا تَكُوْنُوْا یُدْرِكْكُّمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِیْ بُرُوْجٍ مُّشَیَّدَةٍ ؕ— وَاِنْ تُصِبْهُمْ حَسَنَةٌ یَّقُوْلُوْا هٰذِهٖ مِنْ عِنْدِ اللّٰهِ ۚ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ یَّقُوْلُوْا هٰذِهٖ مِنْ عِنْدِكَ ؕ— قُلْ كُلٌّ مِّنْ عِنْدِ اللّٰهِ ؕ— فَمَالِ هٰۤؤُلَآءِ الْقَوْمِ لَا یَكَادُوْنَ یَفْقَهُوْنَ حَدِیْثًا ۟
නුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලා හමුවට ළඟා වනු ඇත. නුඹලා බලවත් බලකොටුවක් තුළ සිටිය ද. (නබිවරය!) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයාට සිදු වී ඇත්තේ කුමක්ද? ඔවුන් (ඔබේ) පුවත අවබෝධ කර ගැනීමට තැත් නො කරති.
Arabische uitleg van de Qur'an:
مَاۤ اَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّٰهِ ؗ— وَمَاۤ اَصَابَكَ مِنْ سَیِّئَةٍ فَمِنْ نَّفْسِكَ ؕ— وَاَرْسَلْنٰكَ لِلنَّاسِ رَسُوْلًا ؕ— وَكَفٰی بِاللّٰهِ شَهِیْدًا ۟
(නබිවරය!) නුඹට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි. (යැයි පවසනු) තවද අපි නුඹව ජනයාට ධර්ම දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: An-nisa
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers - Index van vertaling

Vertaald door het vertaalteam van het Centrum van Pionierende Vertalers in samenwerking met de Vereniging voor Da'wa in Al-Rabwa en de Vereniging voor de Dienstverlening van Islamitische Inhoud in Talen.

Sluit