Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: An-nisa   Vers:
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ سَنُدْخِلُهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— وَعْدَ اللّٰهِ حَقًّا ؕ— وَمَنْ اَصْدَقُ مِنَ اللّٰهِ قِیْلًا ۟
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඊට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තුළට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවක් විය. තවද අල්ලාහ්ට වඩා කියමනෙන් වඩාත් සත්‍යවන්නේ කවරෙකු ද?
Arabische uitleg van de Qur'an:
لَیْسَ بِاَمَانِیِّكُمْ وَلَاۤ اَمَانِیِّ اَهْلِ الْكِتٰبِ ؕ— مَنْ یَّعْمَلْ سُوْٓءًا یُّجْزَ بِهٖ ۙ— وَلَا یَجِدْ لَهٗ مِنْ دُوْنِ اللّٰهِ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
නුඹලාගේ ආශාවන් හෝ පුස්තක ලත් ජනයාගේ ආශාවන් අනුව නො වේ. කවරෙකු නපුරක් කරන්නේ ද ඒ අනුව ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔහු නො ලබනු ඇත.
Arabische uitleg van de Qur'an:
وَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ مِنْ ذَكَرٍ اَوْ اُ وَهُوَ مُؤْمِنٌ فَاُولٰٓىِٕكَ یَدْخُلُوْنَ الْجَنَّةَ وَلَا یُظْلَمُوْنَ نَقِیْرًا ۟
පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකුව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නො ලබති.
Arabische uitleg van de Qur'an:
وَمَنْ اَحْسَنُ دِیْنًا مِّمَّنْ اَسْلَمَ وَجْهَهٗ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ وَّاتَّبَعَ مِلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ؕ— وَاتَّخَذَ اللّٰهُ اِبْرٰهِیْمَ خَلِیْلًا ۟
දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංකව පිළිපදින්නෙකුට වඩා දහමින් ඉතා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්රාහීම්ව මිතුරෙකු බවට ගත්තේ ය.
Arabische uitleg van de Qur'an:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ بِكُلِّ شَیْءٍ مُّحِیْطًا ۟۠
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ට ම හිමි ය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වප්‍රකාරයෙන් දන්නා ය.
Arabische uitleg van de Qur'an:
وَیَسْتَفْتُوْنَكَ فِی النِّسَآءِ ؕ— قُلِ اللّٰهُ یُفْتِیْكُمْ فِیْهِنَّ ۙ— وَمَا یُتْلٰی عَلَیْكُمْ فِی الْكِتٰبِ فِیْ یَتٰمَی النِّسَآءِ الّٰتِیْ لَا تُؤْتُوْنَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُوْنَ اَنْ تَنْكِحُوْهُنَّ وَالْمُسْتَضْعَفِیْنَ مِنَ الْوِلْدَانِ ۙ— وَاَنْ تَقُوْمُوْا لِلْیَتٰمٰی بِالْقِسْطِ ؕ— وَمَا تَفْعَلُوْا مِنْ خَیْرٍ فَاِنَّ اللّٰهَ كَانَ بِهٖ عَلِیْمًا ۟
(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුහු නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු. ඔවුන් සම්බන්ධයෙන් ද ධර්ම පුස්තකයේ නුඹලා වෙත පාරායනය කර පෙන්වා ඇති පරිදි ඔවුනට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නො දී ඔවුන්ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන අනාථ කාන්තාවන් සම්බන්ධයෙන් ද දරුවන් අතුරින් දුර්වලයින් සම්බන්ධයෙන් ද අනාථයිනට යුක්ති ගරුකව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥානී ය.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: An-nisa
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers - Index van vertaling

Vertaald door het vertaalteam van het Centrum van Pionierende Vertalers in samenwerking met de Vereniging voor Da'wa in Al-Rabwa en de Vereniging voor de Dienstverlening van Islamitische Inhoud in Talen.

Sluit