Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: An-nisa   Vers:
١لَّذِیْنَ یَتَرَبَّصُوْنَ بِكُمْ ۚ— فَاِنْ كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللّٰهِ قَالُوْۤا اَلَمْ نَكُنْ مَّعَكُمْ ۖؗ— وَاِنْ كَانَ لِلْكٰفِرِیْنَ نَصِیْبٌ ۙ— قَالُوْۤا اَلَمْ نَسْتَحْوِذْ عَلَیْكُمْ وَنَمْنَعْكُمْ مِّنَ الْمُؤْمِنِیْنَ ؕ— فَاللّٰهُ یَحْكُمُ بَیْنَكُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— وَلَنْ یَّجْعَلَ اللّٰهُ لِلْكٰفِرِیْنَ عَلَی الْمُؤْمِنِیْنَ سَبِیْلًا ۟۠
ඔවුහු වනාහි නුඹලාට සිදුවීමට යන දේ ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ සිටියා නො වේ දැ? යි පවසති. එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලාව අබිබවා යන්නට තිබුණද දේවත්වය විශ්වාස කළවුන්ගෙන් අපි නුඹලාව වැළැක්වූයේ නැති දැ? යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේවත්වය විශ්වාස කළවුන්ට එරෙහිව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට අල්ලාහ් (ඉඩ) නො තැබුවේ ම ය.
Arabische uitleg van de Qur'an:
اِنَّ الْمُنٰفِقِیْنَ یُخٰدِعُوْنَ اللّٰهَ وَهُوَ خَادِعُهُمْ ۚ— وَاِذَا قَامُوْۤا اِلَی الصَّلٰوةِ قَامُوْا كُسَالٰی ۙ— یُرَآءُوْنَ النَّاسَ وَلَا یَذْكُرُوْنَ اللّٰهَ اِلَّا قَلِیْلًا ۟ؗۙ
නියත වශයෙන් ම කුහකයින් අල්ලාහ්ව මුළා කරන්නට බලති. එහෙත් ඔහු ඔවුන් මුළාවෙහි හැර දමා ඇත. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට ජනයාට පෙන්වමින් අලසකමින් සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව සුඵ වශයෙන් මිස මෙනෙහි නො කරති.
Arabische uitleg van de Qur'an:
مُّذَبْذَبِیْنَ بَیْنَ ذٰلِكَ ۖۗ— لَاۤ اِلٰی هٰۤؤُلَآءِ وَلَاۤ اِلٰی هٰۤؤُلَآءِ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهٗ سَبِیْلًا ۟
ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නො වෙති. තවද ඔවුන් වෙත ද නො වෙති. තවද අල්ලාහ් කවරෙකුව නොමඟ යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නො දකින්නෙහි ම ය.
Arabische uitleg van de Qur'an:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوا الْكٰفِرِیْنَ اَوْلِیَآءَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ؕ— اَتُرِیْدُوْنَ اَنْ تَجْعَلُوْا لِلّٰهِ عَلَیْكُمْ سُلْطٰنًا مُّبِیْنًا ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව සමීප මිතුරන් ලෙස නො ගනු. (මෙමඟින්) නුඹලාට එරෙහිව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
Arabische uitleg van de Qur'an:
اِنَّ الْمُنٰفِقِیْنَ فِی الدَّرْكِ الْاَسْفَلِ مِنَ النَّارِ ۚ— وَلَنْ تَجِدَ لَهُمْ نَصِیْرًا ۟ۙ
සැබැවින් ම කුහකයින් නිරා ගින්නෙහි පහළ ම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නො ලබන්නේහි ම ය.
Arabische uitleg van de Qur'an:
اِلَّا الَّذِیْنَ تَابُوْا وَاَصْلَحُوْا وَاعْتَصَمُوْا بِاللّٰهِ وَاَخْلَصُوْا دِیْنَهُمْ لِلّٰهِ فَاُولٰٓىِٕكَ مَعَ الْمُؤْمِنِیْنَ ؕ— وَسَوْفَ یُؤْتِ اللّٰهُ الْمُؤْمِنِیْنَ اَجْرًا عَظِیْمًا ۟
එහෙත් පාප සමාව අයැද තමන්ව හැඩගස්වා අල්ලාහ්ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංකව පිළිපඳින්නන් හැර. ඔවුහු දේවත්වය විශ්වාස කළවුන් සමඟ ය. දේවත්වය විශ්වාස කළවුන්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.
Arabische uitleg van de Qur'an:
مَا یَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ اِنْ شَكَرْتُمْ وَاٰمَنْتُمْ ؕ— وَكَانَ اللّٰهُ شَاكِرًا عَلِیْمًا ۟
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදී ය; සර්වඥානී ය.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: An-nisa
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers - Index van vertaling

Vertaald door het vertaalteam van het Centrum van Pionierende Vertalers in samenwerking met de Vereniging voor Da'wa in Al-Rabwa en de Vereniging voor de Dienstverlening van Islamitische Inhoud in Talen.

Sluit