Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Āl-‘Imrān   อายะฮ์:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද සියලු කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
كُنْتُمْ خَیْرَ اُمَّةٍ اُخْرِجَتْ لِلنَّاسِ تَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُوْنَ بِاللّٰهِ ؕ— وَلَوْ اٰمَنَ اَهْلُ الْكِتٰبِ لَكَانَ خَیْرًا لَّهُمْ ؕ— مِنْهُمُ الْمُؤْمِنُوْنَ وَاَكْثَرُهُمُ الْفٰسِقُوْنَ ۟
ජනයා වෙනුවෙන් බිහි කරන ලද ශ්‍රේෂ්ඨතම ජන සමාජය නුඹලා වූයෙහු ය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහු ය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහු ය. තවද දේව ග්‍රන්ථය ලැබූ ජනයා ද විශ්වාස කළේ නම් එය ඔවුනට යහපතක් ම වනු ඇත. ඔවුන් අතරින් විශ්වාසවන්තයෝ ද සිටිති. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයෝ ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
لَنْ یَّضُرُّوْكُمْ اِلَّاۤ اَذًی ؕ— وَاِنْ یُّقَاتِلُوْكُمْ یُوَلُّوْكُمُ الْاَدْبَارَ ۫— ثُمَّ لَا یُنْصَرُوْنَ ۟
සුළු වේදනාවක් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නො හැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසුව ඔවුහු උදව් කරනු නො ලබති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
ضُرِبَتْ عَلَیْهِمُ الذِّلَّةُ اَیْنَ مَا ثُقِفُوْۤا اِلَّا بِحَبْلٍ مِّنَ اللّٰهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآءُوْ بِغَضَبٍ مِّنَ اللّٰهِ وَضُرِبَتْ عَلَیْهِمُ الْمَسْكَنَةُ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَانُوْا یَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَیَقْتُلُوْنَ الْاَنْۢبِیَآءَ بِغَیْرِ حَقٍّ ؕ— ذٰلِكَ بِمَا عَصَوْا وَّكَانُوْا یَعْتَدُوْنَ ۟ۗ
ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසුන්ගේ රැහැනින් ඔවුහු මිදුණේ නම් මිස. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ද ලක් වූහ. එමෙන් ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොරව නබිවරුන් ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපා සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
لَیْسُوْا سَوَآءً ؕ— مِنْ اَهْلِ الْكِتٰبِ اُمَّةٌ قَآىِٕمَةٌ یَّتْلُوْنَ اٰیٰتِ اللّٰهِ اٰنَآءَ الَّیْلِ وَهُمْ یَسْجُدُوْنَ ۟
ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නො වූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීරව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ සුජූද් (හිස නමා නමස්කාර) කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَیَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَیَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَیُسَارِعُوْنَ فِی الْخَیْرٰتِ ؕ— وَاُولٰٓىِٕكَ مِنَ الصّٰلِحِیْنَ ۟
තවද ඔවුහු අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතුවල යුහුසුලුව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතුරින් වෙති.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَمَا یَفْعَلُوْا مِنْ خَیْرٍ فَلَنْ یُّكْفَرُوْهُ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالْمُتَّقِیْنَ ۟
තවද ඔවුන් යම් යහපතක් කරන්නේ නම්, එවිට එය ඔවුනට ප්‍රතික්ෂේප කරනු නො ලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැතිමතුන් පිළිබඳව සර්ව ඥානී ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Āl-‘Imrān
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด