Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Āl-‘Imrān   อายะฮ์:
فَانْقَلَبُوْا بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ لَّمْ یَمْسَسْهُمْ سُوْٓءٌ ۙ— وَّاتَّبَعُوْا رِضْوَانَ اللّٰهِ ؕ— وَاللّٰهُ ذُوْ فَضْلٍ عَظِیْمٍ ۟
එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නො වීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝ ය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِنَّمَا ذٰلِكُمُ الشَّیْطٰنُ یُخَوِّفُ اَوْلِیَآءَهٗ ۪— فَلَا تَخَافُوْهُمْ وَخَافُوْنِ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
සැබැවින් ම එලෙසය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නො වනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَلَا یَحْزُنْكَ الَّذِیْنَ یُسَارِعُوْنَ فِی الْكُفْرِ ۚ— اِنَّهُمْ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ؕ— یُرِیْدُ اللّٰهُ اَلَّا یَجْعَلَ لَهُمْ حَظًّا فِی الْاٰخِرَةِ ۚ— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟
දේවත්වය ප්‍රතික්ෂේප කිරීමෙහි යුහුසුලුව කටයුතු කරන අය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නො හැක්කේ ම ය. ඔවුනට මතු ලොවෙහි කොටසක් ඇති නො කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِنَّ الَّذِیْنَ اشْتَرَوُا الْكُفْرَ بِالْاِیْمَانِ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය මිලට ගත්තවුන් වනාහි අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට ඔවුන්හට නො හැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَلَا یَحْسَبَنَّ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّمَا نُمْلِیْ لَهُمْ خَیْرٌ لِّاَنْفُسِهِمْ ؕ— اِنَّمَا نُمْلِیْ لَهُمْ لِیَزْدَادُوْۤا اِثْمًا ۚ— وَلَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟
ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප කල් දීම තමන්ට යහපතක් යැයි ඔවුන් නො සිතිය යුතු ය. අප එසේ ඔවුනට කල් දෙනුයේ ඔවුන් අධිකව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන්හට නින්දා සහගත දඬුවම ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
مَا كَانَ اللّٰهُ لِیَذَرَ الْمُؤْمِنِیْنَ عَلٰی مَاۤ اَنْتُمْ عَلَیْهِ حَتّٰی یَمِیْزَ الْخَبِیْثَ مِنَ الطَّیِّبِ ؕ— وَمَا كَانَ اللّٰهُ لِیُطْلِعَكُمْ عَلَی الْغَیْبِ وَلٰكِنَّ اللّٰهَ یَجْتَبِیْ مِنْ رُّسُلِهٖ مَنْ یَّشَآءُ ۪— فَاٰمِنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ ۚ— وَاِنْ تُؤْمِنُوْا وَتَتَّقُوْا فَلَكُمْ اَجْرٌ عَظِیْمٌ ۟
අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින්ව අතහැර දමන්නට නො වීය. එමෙන් ම අදෘශ්‍යමාන දෑ නුඹලාට පෙන්වා දෙන්නට ද අල්ලාහ්ට නො වීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත කළ අයව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කර; බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَلَا یَحْسَبَنَّ الَّذِیْنَ یَبْخَلُوْنَ بِمَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ هُوَ خَیْرًا لَّهُمْ ؕ— بَلْ هُوَ شَرٌّ لَّهُمْ ؕ— سَیُطَوَّقُوْنَ مَا بَخِلُوْا بِهٖ یَوْمَ الْقِیٰمَةِ ؕ— وَلِلّٰهِ مِیْرَاثُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟۠
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නො සිතිය යුතු ය. එහෙත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්හට ගෙල මාල පලඳවනු ලබන්නේ ය. තවද අහස්හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Āl-‘Imrān
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด