Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Al-A‘rāf   อายะฮ์:
وَلَمَّا رَجَعَ مُوْسٰۤی اِلٰی قَوْمِهٖ غَضْبَانَ اَسِفًا ۙ— قَالَ بِئْسَمَا خَلَفْتُمُوْنِیْ مِنْ بَعْدِیْ ۚ— اَعَجِلْتُمْ اَمْرَ رَبِّكُمْ ۚ— وَاَلْقَی الْاَلْوَاحَ وَاَخَذَ بِرَاْسِ اَخِیْهِ یَجُرُّهٗۤ اِلَیْهِ ؕ— قَالَ ابْنَ اُمَّ اِنَّ الْقَوْمَ اسْتَضْعَفُوْنِیْ وَكَادُوْا یَقْتُلُوْنَنِیْ ۖؗ— فَلَا تُشْمِتْ بِیَ الْاَعْدَآءَ وَلَا تَجْعَلْنِیْ مَعَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟
තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසුව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට (කලින්) නුඹලා ඉක්මන් වූයේ දැ? යි ඔහු ඇසී ය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පලක බිම හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා, තමන් වෙතට ඇද්දේ ය. ‘මාගේ මවගේ පුතණුවනි! සැබැවින් ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නො කරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නො කරනු. යැයි ඔහු (හාරූන්) කී ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
قَالَ رَبِّ اغْفِرْ لِیْ وَلِاَخِیْ وَاَدْخِلْنَا فِیْ رَحْمَتِكَ ۖؗ— وَاَنْتَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟۠
මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින් අතරින් මහා කාරුණික ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِنَّ الَّذِیْنَ اتَّخَذُوا الْعِجْلَ سَیَنَالُهُمْ غَضَبٌ مِّنْ رَّبِّهِمْ وَذِلَّةٌ فِی الْحَیٰوةِ الدُّنْیَا ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُفْتَرِیْنَ ۟
නියත වශයෙන් ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද බොරු ගොතන්නන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَالَّذِیْنَ عَمِلُوا السَّیِّاٰتِ ثُمَّ تَابُوْا مِنْ بَعْدِهَا وَاٰمَنُوْۤا ؗ— اِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُوْرٌ رَّحِیْمٌ ۟
තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින් ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَلَمَّا سَكَتَ عَنْ مُّوْسَی الْغَضَبُ اَخَذَ الْاَلْوَاحَ ۖۚ— وَفِیْ نُسْخَتِهَا هُدًی وَّرَحْمَةٌ لِّلَّذِیْنَ هُمْ لِرَبِّهِمْ یَرْهَبُوْنَ ۟
මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පලක ඔහු ගත්තේ ය. එම පිටපත්හි, තම පරමාධිපතිට බිය වන ඔවුන්හට යහමඟ ද දයාව ද විය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَاخْتَارَ مُوْسٰی قَوْمَهٗ سَبْعِیْنَ رَجُلًا لِّمِیْقَاتِنَا ۚ— فَلَمَّاۤ اَخَذَتْهُمُ الرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ اَهْلَكْتَهُمْ مِّنْ قَبْلُ وَاِیَّایَ ؕ— اَتُهْلِكُنَا بِمَا فَعَلَ السُّفَهَآءُ مِنَّا ۚ— اِنْ هِیَ اِلَّا فِتْنَتُكَ ؕ— تُضِلُّ بِهَا مَنْ تَشَآءُ وَتَهْدِیْ مَنْ تَشَآءُ ؕ— اَنْتَ وَلِیُّنَا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَاَنْتَ خَیْرُ الْغٰفِرِیْنَ ۟
නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේ ය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ අභිමත කළේ නම් මීට පෙර ම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස වෙනකක් නො වේ. එමඟින් ඔබ අභිමත කරන අය මුළාවන්නට ඉඩ හරින්නෙහි ය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහි ය. ඔබ අපගේ භාරකරු ය. එබැවින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයා ය’ යැයි ඔහු(මූසා) පැවසුවේ ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Al-A‘rāf
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด