Check out the new design

แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด * - สารบัญ​คำแปล

PDF XML CSV Excel API
Please review the Terms and Policies

แปลความหมาย​ สูเราะฮ์: Al-A‘rāf   อายะฮ์:
وَلَقَدْ جِئْنٰهُمْ بِكِتٰبٍ فَصَّلْنٰهُ عَلٰی عِلْمٍ هُدًی وَّرَحْمَةً لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
තවද ඔවුන් වෙත ධර්ම ග්‍රන්ථය අපි ගෙන ආවෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් දේවත්වය විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
هَلْ یَنْظُرُوْنَ اِلَّا تَاْوِیْلَهٗ ؕ— یَوْمَ یَاْتِیْ تَاْوِیْلُهٗ یَقُوْلُ الَّذِیْنَ نَسُوْهُ مِنْ قَبْلُ قَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۚ— فَهَلْ لَّنَا مِنْ شُفَعَآءَ فَیَشْفَعُوْا لَنَاۤ اَوْ نُرَدُّ فَنَعْمَلَ غَیْرَ الَّذِیْ كُنَّا نَعْمَلُ ؕ— قَدْ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠
මොවුහු එහි අවසානය මිස වෙනකක් බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින් ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේම ය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් සිටින්නේ ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! එසේ නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නො වන වෙනත් දෑ සිදු කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින් ම ඔවුන් ඔවුන්ට ම අලාභහානි සිදු කර ගත්තෝ ය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් මුළා කළේ ය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۫— یُغْشِی الَّیْلَ النَّهَارَ یَطْلُبُهٗ حَثِیْثًا ۙ— وَّالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُوْمَ مُسَخَّرٰتٍ بِاَمْرِهٖ ؕ— اَلَا لَهُ الْخَلْقُ وَالْاَمْرُ ؕ— تَبٰرَكَ اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟
නියත වශයෙන් ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් ය. පසුව ඔහු අර්ෂය මත වූයේ ය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු, සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතු ය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
اُدْعُوْا رَبَّكُمْ تَضَرُّعًا وَّخُفْیَةً ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْمُعْتَدِیْنَ ۟ۚ
නුඹලා යටහත් පහත්ව හා රහසිගතව නුඹලාගේ පරමාධිපතිව අයදිනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ප්‍රිය නො කරනු ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَلَا تُفْسِدُوْا فِی الْاَرْضِ بَعْدَ اِصْلَاحِهَا وَادْعُوْهُ خَوْفًا وَّطَمَعًا ؕ— اِنَّ رَحْمَتَ اللّٰهِ قَرِیْبٌ مِّنَ الْمُحْسِنِیْنَ ۟
තවද මහපොළොව හැඩගැස්වූ පසු නුඹලා එහි කලහකම් නො කරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
وَهُوَ الَّذِیْ یُرْسِلُ الرِّیٰحَ بُشْرًاۢ بَیْنَ یَدَیْ رَحْمَتِهٖ ؕ— حَتّٰۤی اِذَاۤ اَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنٰهُ لِبَلَدٍ مَّیِّتٍ فَاَنْزَلْنَا بِهِ الْمَآءَ فَاَخْرَجْنَا بِهٖ مِنْ كُلِّ الثَّمَرٰتِ ؕ— كَذٰلِكَ نُخْرِجُ الْمَوْتٰی لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
තවද තම දයාව අතරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහු ය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට, මුඩු ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසුව අපි එමඟින් ජලය පහළ කළෙමු. පසුව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. මළවුන් අප බැහැර කරනුයේ එලෙස ය. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
ตัฟสีรต่างๆ​ ภาษาอาหรับ:
 
แปลความหมาย​ สูเราะฮ์: Al-A‘rāf
สารบัญสูเราะฮ์ หมายเลข​หน้า​
 
แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาสิงหล - ศูนย์การแปลรุว๊าด - สารบัญ​คำแปล

แปลโดยทีมงานศูนย์แปลรุว๊าด ร่วมกับสมาคมการเผยแพร่ศาสนาอิสลามที่รอบวะฮ์ และสมาคมบริการเนื้อหาอิสลามด้วยภาษาต่าง ๆ

ปิด