Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad * - Mục lục các bản dịch

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ý nghĩa nội dung Chương: Al-'Ankabut   Câu:
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَیِّاٰتِهِمْ وَلَنَجْزِیَنَّهُمْ اَحْسَنَ الَّذِیْ كَانُوْا یَعْمَلُوْنَ ۟
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි කමා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි වඩාත් අලංකාර දෑ සඳහා අපි ඔවුනට ප්‍රතිඵල පිරිනමන්නෙමු.
Các Tafsir tiếng Ả-rập:
وَوَصَّیْنَا الْاِنْسَانَ بِوَالِدَیْهِ حُسْنًا ؕ— وَاِنْ جٰهَدٰكَ لِتُشْرِكَ بِیْ مَا لَیْسَ لَكَ بِهٖ عِلْمٌ فَلَا تُطِعْهُمَا ؕ— اِلَیَّ مَرْجِعُكُمْ فَاُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
තවද තම දෙමව්පියන් සමඟ යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔබට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබ මට ආදේශ කරන මෙන් ඔවුන් දෙදෙනා ඔබ වෙත (බල කරන්නට) උත්සාහ දැරුවේ නම්, එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නො වනු. නුඹලාගේ නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව අපි නුඹලාට දන්වන්නෙමු.
Các Tafsir tiếng Ả-rập:
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَنُدْخِلَنَّهُمْ فِی الصّٰلِحِیْنَ ۟
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි සැබැවින් ම අපි ඔවුන් දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.
Các Tafsir tiếng Ả-rập:
وَمِنَ النَّاسِ مَنْ یَّقُوْلُ اٰمَنَّا بِاللّٰهِ فَاِذَاۤ اُوْذِیَ فِی اللّٰهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللّٰهِ ؕ— وَلَىِٕنْ جَآءَ نَصْرٌ مِّنْ رَّبِّكَ لَیَقُوْلُنَّ اِنَّا كُنَّا مَعَكُمْ ؕ— اَوَلَیْسَ اللّٰهُ بِاَعْلَمَ بِمَا فِیْ صُدُوْرِ الْعٰلَمِیْنَ ۟
තවද ‘සැබැවින් ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසන අය ජනයා අතරින් වෙති. එවැන්නෙකු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට, ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකයි. එහෙත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන් ම අපි නුඹලා සමඟ සිටියෙමු යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳව මැනවින් දන්නා අල්ලාහ් නො වේ ද?
Các Tafsir tiếng Ả-rập:
وَلَیَعْلَمَنَّ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَلَیَعْلَمَنَّ الْمُنٰفِقِیْنَ ۟
තවද සැබැවින් ම දේවත්වය විශ්වාස කළවුන් ගැන අල්ලාහ් දන්නේ ය. තවද කුහකයින් ගැන ද සැබැවින් ම ඔහු දන්නේ ය.
Các Tafsir tiếng Ả-rập:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوا اتَّبِعُوْا سَبِیْلَنَا وَلْنَحْمِلْ خَطٰیٰكُمْ ؕ— وَمَا هُمْ بِحٰمِلِیْنَ مِنْ خَطٰیٰهُمْ مِّنْ شَیْءٍ ؕ— اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් දේවත්වය විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපකම්වලින් කිසිවක් ඔවුහු උසුලන්නන් නො වෙති. නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ය.
Các Tafsir tiếng Ả-rập:
وَلَیَحْمِلُنَّ اَثْقَالَهُمْ وَاَثْقَالًا مَّعَ اَثْقَالِهِمْ ؗ— وَلَیُسْـَٔلُنَّ یَوْمَ الْقِیٰمَةِ عَمَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠
තවද නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමඟ තවත් බරද උසුලනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නියත වශයෙන් ම විනිශ්චය කරනු ලැබේ.
Các Tafsir tiếng Ả-rập:
وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖ فَلَبِثَ فِیْهِمْ اَلْفَ سَنَةٍ اِلَّا خَمْسِیْنَ عَامًا ؕ— فَاَخَذَهُمُ الطُّوْفَانُ وَهُمْ ظٰلِمُوْنَ ۟
තවද සැබැවින් ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිටියේ ය. එවිට ඔවුන් අපරාධකරුවන් ලෙස සිටිය දී මහා ගංවතුර ඔවුන් හසු කළේ ය.
Các Tafsir tiếng Ả-rập:
 
Ý nghĩa nội dung Chương: Al-'Ankabut
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad - Mục lục các bản dịch

Người dịch: Nhóm thuộc Trung tâm Dịch thuật Rowad hợp tác với Hiệp hội Tuyên truyền Ar-Rabwah và Hiệp hội Dịch vụ Nội dung về Islam bằng đa ngôn ngữ.

Đóng lại