Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad * - Mục lục các bản dịch

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ý nghĩa nội dung Chương: Ali 'Imran   Câu:
اِذْ هَمَّتْ طَّآىِٕفَتٰنِ مِنْكُمْ اَنْ تَفْشَلَا ۙ— وَاللّٰهُ وَلِیُّهُمَا ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
නුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත්ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ් ය. එබැවින් විශ්වාස කළවුන් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහි ම ය.
Các Tafsir tiếng Ả-rập:
وَلَقَدْ نَصَرَكُمُ اللّٰهُ بِبَدْرٍ وَّاَنْتُمْ اَذِلَّةٌ ۚ— فَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
නුඹලා දුබලයින්ව සිටිය දී ඇත්තෙන් ම අල්ලාහ් බද්ර් (සටනෙ)හි නුඹලාට උදව් කළේ ය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු.
Các Tafsir tiếng Ả-rập:
اِذْ تَقُوْلُ لِلْمُؤْمِنِیْنَ اَلَنْ یَّكْفِیَكُمْ اَنْ یُّمِدَّكُمْ رَبُّكُمْ بِثَلٰثَةِ اٰلٰفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُنْزَلِیْنَ ۟ؕ
මලක්වරුන් අතුරින් තුන් දහසක පිරිසක් පහළ කර නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නො වන්නේ දැ? යි දේව විශ්වාස කළ අයට (නබිවරය!) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Các Tafsir tiếng Ả-rập:
بَلٰۤی ۙ— اِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا وَیَاْتُوْكُمْ مِّنْ فَوْرِهِمْ هٰذَا یُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ اٰلٰفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُسَوِّمِیْنَ ۟
නොඑසේ ය. නුඹලා ඉවසා බිය බැතිමත් වී නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණිකව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුධ) සලකුණු තබනු ලැබූ මලක්වරු පන් දහසක් මඟින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.
Các Tafsir tiếng Ả-rập:
وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی لَكُمْ وَلِتَطْمَىِٕنَّ قُلُوْبُكُمْ بِهٖ ؕ— وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟ۙ
නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමඟින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු කළේ නැත. සර්ව බලධාරී ප්‍රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නො වීය.
Các Tafsir tiếng Ả-rập:
لِیَقْطَعَ طَرَفًا مِّنَ الَّذِیْنَ كَفَرُوْۤا اَوْ یَكْبِتَهُمْ فَیَنْقَلِبُوْا خَآىِٕبِیْنَ ۟
(එය) ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීම සඳහා හා ඔවුන්ව නින්දාවට පත් කර පසුව ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යාම සඳහා ය.
Các Tafsir tiếng Ả-rập:
لَیْسَ لَكَ مِنَ الْاَمْرِ شَیْءٌ اَوْ یَتُوْبَ عَلَیْهِمْ اَوْ یُعَذِّبَهُمْ فَاِنَّهُمْ ظٰلِمُوْنَ ۟
ඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ නුඹට කිසිදු බලයක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය.
Các Tafsir tiếng Ả-rập:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— یَغْفِرُ لِمَنْ یَّشَآءُ وَیُعَذِّبُ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේ ය. අභිමත කළ අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
Các Tafsir tiếng Ả-rập:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَاْكُلُوا الرِّبٰۤوا اَضْعَافًا مُّضٰعَفَةً ۪— وَّاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟ۚ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා පොලිය ගුණයෙන් ගුණය වැඩි කර අනුභව නො කරනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.
Các Tafsir tiếng Ả-rập:
وَاتَّقُوا النَّارَ الَّتِیْۤ اُعِدَّتْ لِلْكٰفِرِیْنَ ۟ۚ
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළ වුනට සූදානම් කරනු ලැබූ නිරා ගින්නට නුඹලා බිය වනු.
Các Tafsir tiếng Ả-rập:
وَاَطِیْعُوا اللّٰهَ وَالرَّسُوْلَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟ۚ
තවද නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාට ද අවනත වනු.
Các Tafsir tiếng Ả-rập:
 
Ý nghĩa nội dung Chương: Ali 'Imran
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad - Mục lục các bản dịch

Người dịch: Nhóm thuộc Trung tâm Dịch thuật Rowad hợp tác với Hiệp hội Tuyên truyền Ar-Rabwah và Hiệp hội Dịch vụ Nội dung về Islam bằng đa ngôn ngữ.

Đóng lại