Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad * - Mục lục các bản dịch

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ý nghĩa nội dung Chương: Al-Qalam   Câu:
اِنَّا بَلَوْنٰهُمْ كَمَا بَلَوْنَاۤ اَصْحٰبَ الْجَنَّةِ ۚ— اِذْ اَقْسَمُوْا لَیَصْرِمُنَّهَا مُصْبِحِیْنَ ۟ۙ
උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් ම නියත වශයෙන් ම අපි (මක්කාවාසීන් වන) මොවුන්ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝ ය.
Các Tafsir tiếng Ả-rập:
وَلَا یَسْتَثْنُوْنَ ۟
තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.
Các Tafsir tiếng Ả-rập:
فَطَافَ عَلَیْهَا طَآىِٕفٌ مِّنْ رَّبِّكَ وَهُمْ نَآىِٕمُوْنَ ۟
ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේ ය.
Các Tafsir tiếng Ả-rập:
فَاَصْبَحَتْ كَالصَّرِیْمِ ۟ۙ
එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.
Các Tafsir tiếng Ả-rập:
فَتَنَادَوْا مُصْبِحِیْنَ ۟ۙ
ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝ ය.
Các Tafsir tiếng Ả-rập:
اَنِ اغْدُوْا عَلٰی حَرْثِكُمْ اِنْ كُنْتُمْ صٰرِمِیْنَ ۟
නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝ ය.)
Các Tafsir tiếng Ả-rập:
فَانْطَلَقُوْا وَهُمْ یَتَخَافَتُوْنَ ۟ۙ
(ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝ ය.
Các Tafsir tiếng Ả-rập:
اَنْ لَّا یَدْخُلَنَّهَا الْیَوْمَ عَلَیْكُمْ مِّسْكِیْنٌ ۟ۙ
එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නො විය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝ ය).
Các Tafsir tiếng Ả-rập:
وَّغَدَوْا عَلٰی حَرْدٍ قٰدِرِیْنَ ۟
තවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝ ය.
Các Tafsir tiếng Ả-rập:
فَلَمَّا رَاَوْهَا قَالُوْۤا اِنَّا لَضَآلُّوْنَ ۟ۙ
එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන් ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවසුවෝ ය.
Các Tafsir tiếng Ả-rập:
بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟
එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.
Các Tafsir tiếng Ả-rập:
قَالَ اَوْسَطُهُمْ اَلَمْ اَقُلْ لَّكُمْ لَوْلَا تُسَبِّحُوْنَ ۟
නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නො වේ දැ? යි මම නුඹලාට නො කීවෙමි දැ? යි ඔවුන් අතරින් මධ්‍යස්ථ අයෙකු කීවේ ය.
Các Tafsir tiếng Ả-rập:
قَالُوْا سُبْحٰنَ رَبِّنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟
“අපගේ පරමාධිපති සුවිශුද්ධ ය. නියත වශයෙන් ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.
Các Tafsir tiếng Ả-rập:
فَاَقْبَلَ بَعْضُهُمْ عَلٰی بَعْضٍ یَّتَلَاوَمُوْنَ ۟
එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආවෝ ය.
Các Tafsir tiếng Ả-rập:
قَالُوْا یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا طٰغِیْنَ ۟
“අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.
Các Tafsir tiếng Ả-rập:
عَسٰی رَبُّنَاۤ اَنْ یُّبْدِلَنَا خَیْرًا مِّنْهَاۤ اِنَّاۤ اِلٰی رَبِّنَا رٰغِبُوْنَ ۟
“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත බලාපොරොත්තු තබන්නන් වෙමු.” (යැයි ඔවුහු පැවසුවෝ ය.)
Các Tafsir tiếng Ả-rập:
كَذٰلِكَ الْعَذَابُ ؕ— وَلَعَذَابُ الْاٰخِرَةِ اَكْبَرُ ۘ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟۠
එලෙසය (අපගේ) දඬුවම. තවද මතු ලොවෙහි දඬුවම අතිබිහිසුණු ය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.
Các Tafsir tiếng Ả-rập:
اِنَّ لِلْمُتَّقِیْنَ عِنْدَ رَبِّهِمْ جَنّٰتِ النَّعِیْمِ ۟
නියත වශයෙන් ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.
Các Tafsir tiếng Ả-rập:
اَفَنَجْعَلُ الْمُسْلِمِیْنَ كَالْمُجْرِمِیْنَ ۟ؕ
එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමු ද?
Các Tafsir tiếng Ả-rập:
مَا لَكُمْ ۫— كَیْفَ تَحْكُمُوْنَ ۟ۚ
නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
Các Tafsir tiếng Ả-rập:
اَمْ لَكُمْ كِتٰبٌ فِیْهِ تَدْرُسُوْنَ ۟ۙ
නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?
Các Tafsir tiếng Ả-rập:
اِنَّ لَكُمْ فِیْهِ لَمَا تَخَیَّرُوْنَ ۟ۚ
නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).
Các Tafsir tiếng Ả-rập:
اَمْ لَكُمْ اَیْمَانٌ عَلَیْنَا بَالِغَةٌ اِلٰی یَوْمِ الْقِیٰمَةِ ۙ— اِنَّ لَكُمْ لَمَا تَحْكُمُوْنَ ۟ۚ
එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන් ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේ ද?
Các Tafsir tiếng Ả-rập:
سَلْهُمْ اَیُّهُمْ بِذٰلِكَ زَعِیْمٌ ۟ۚۛ
මෙයට වගකිව යුත්තේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු.
Các Tafsir tiếng Ả-rập:
اَمْ لَهُمْ شُرَكَآءُ ۛۚ— فَلْیَاْتُوْا بِشُرَكَآىِٕهِمْ اِنْ كَانُوْا صٰدِقِیْنَ ۟
එසේ නොමැති නම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේ නම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!
Các Tafsir tiếng Ả-rập:
یَوْمَ یُكْشَفُ عَنْ سَاقٍ وَّیُدْعَوْنَ اِلَی السُّجُوْدِ فَلَا یَسْتَطِیْعُوْنَ ۟ۙ
එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නො දරති.
Các Tafsir tiếng Ả-rập:
 
Ý nghĩa nội dung Chương: Al-Qalam
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad - Mục lục các bản dịch

Người dịch: Nhóm thuộc Trung tâm Dịch thuật Rowad hợp tác với Hiệp hội Tuyên truyền Ar-Rabwah và Hiệp hội Dịch vụ Nội dung về Islam bằng đa ngôn ngữ.

Đóng lại