ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් කාරිආ   වාක්‍යය:

සූරා අල් කාරිආ

اَلْقَارِعَةُ ۟ۙ
කම්පනය ඇති කරන සිදු වීම.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
مَا الْقَارِعَةُ ۟ۚ
කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَاۤ اَدْرٰىكَ مَا الْقَارِعَةُ ۟ؕ
කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
یَوْمَ یَكُوْنُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوْثِ ۟ۙ
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوْشِ ۟ؕ
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَاَمَّا مَنْ ثَقُلَتْ مَوَازِیْنُهٗ ۟ۙ
තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ؕ
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاَمَّا مَنْ خَفَّتْ مَوَازِیْنُهٗ ۟ۙ
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَاُمُّهٗ هَاوِیَةٌ ۟ؕ
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَاۤ اَدْرٰىكَ مَا هِیَهْ ۟ؕ
තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
نَارٌ حَامِیَةٌ ۟۠
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් කාරිආ
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න