ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අස් සල්සලා   වාක්‍යය:

සූරා අස් සල්සලා

اِذَا زُلْزِلَتِ الْاَرْضُ زِلْزَالَهَا ۟ۙ
මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاَخْرَجَتِ الْاَرْضُ اَثْقَالَهَا ۟ۙ
මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَقَالَ الْاِنْسَانُ مَا لَهَا ۟ۚ
තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
یَوْمَىِٕذٍ تُحَدِّثُ اَخْبَارَهَا ۟ؕ
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
بِاَنَّ رَبَّكَ اَوْحٰی لَهَا ۟ؕ
සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
یَوْمَىِٕذٍ یَّصْدُرُ النَّاسُ اَشْتَاتًا ۙ۬— لِّیُرَوْا اَعْمَالَهُمْ ۟ؕ
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَمَنْ یَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَیْرًا یَّرَهٗ ۟ؕ
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَنْ یَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا یَّرَهٗ ۟۠
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අස් සල්සලා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න