Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad * - Mục lục các bản dịch

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ý nghĩa nội dung Chương: Al-Nisa'   Câu:
وَّاسْتَغْفِرِ اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟ۚ
තවද නුඹ අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අසමසම කරුණාවන්ත ය.
Các Tafsir tiếng Ả-rập:
وَلَا تُجَادِلْ عَنِ الَّذِیْنَ یَخْتَانُوْنَ اَنْفُسَهُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ مَنْ كَانَ خَوَّانًا اَثِیْمًا ۟ۚۙ
තමන්ට ම වංචා කරන්නන් ගැන නුඹ වාද නො කරනු. සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහීන් හා පාපතරයින්ව ප්‍රිය නො කරයි.
Các Tafsir tiếng Ả-rập:
یَّسْتَخْفُوْنَ مِنَ النَّاسِ وَلَا یَسْتَخْفُوْنَ مِنَ اللّٰهِ وَهُوَ مَعَهُمْ اِذْ یُبَیِّتُوْنَ مَا لَا یَرْضٰی مِنَ الْقَوْلِ ؕ— وَكَانَ اللّٰهُ بِمَا یَعْمَلُوْنَ مُحِیْطًا ۟
ඔවුන් ජනතාවගෙන් සැඟවිය හැකි ය. එහෙත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි ය. දෙවියන් ප්‍රිය නො කරන කථා රාත්‍රියේ දී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටියේ ය.
Các Tafsir tiếng Ả-rập:
هٰۤاَنْتُمْ هٰۤؤُلَآءِ جَدَلْتُمْ عَنْهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا ۫— فَمَنْ یُّجَادِلُ اللّٰهَ عَنْهُمْ یَوْمَ الْقِیٰمَةِ اَمْ مَّنْ یَّكُوْنُ عَلَیْهِمْ وَكِیْلًا ۟
මෙන්න! නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් ගැන වාද කරන්නෙහු ය. එහෙත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුරු ද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරුවෙකු වනුයේ කවුරු ද?
Các Tafsir tiếng Ả-rập:
وَمَنْ یَّعْمَلْ سُوْٓءًا اَوْ یَظْلِمْ نَفْسَهٗ ثُمَّ یَسْتَغْفِرِ اللّٰهَ یَجِدِ اللّٰهَ غَفُوْرًا رَّحِیْمًا ۟
කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ට ම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද, ඔහු අල්ලාහ්ව අතික්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකිනු ඇත.
Các Tafsir tiếng Ả-rập:
وَمَنْ یَّكْسِبْ اِثْمًا فَاِنَّمَا یَكْسِبُهٗ عَلٰی نَفْسِهٖ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟
කවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ට ම එරෙහිව ය. තවද අල්ලාහ් සර්වඥානී; සර්ව ප්‍රඥාවන්ත ය.
Các Tafsir tiếng Ả-rập:
وَمَنْ یَّكْسِبْ خَطِیْٓئَةً اَوْ اِثْمًا ثُمَّ یَرْمِ بِهٖ بَرِیْٓـًٔا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟۠
කවරෙකු වරදක් හෝ පාපයක් හෝ උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේ ය.
Các Tafsir tiếng Ả-rập:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكَ وَرَحْمَتُهٗ لَهَمَّتْ طَّآىِٕفَةٌ مِّنْهُمْ اَنْ یُّضِلُّوْكَ ؕ— وَمَا یُضِلُّوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَضُرُّوْنَكَ مِنْ شَیْءٍ ؕ— وَاَنْزَلَ اللّٰهُ عَلَیْكَ الْكِتٰبَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ؕ— وَكَانَ فَضْلُ اللّٰهِ عَلَیْكَ عَظِیْمًا ۟
(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නො වී නම් ඔවුන් අතරින් පිරිසක් නුඹව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. එහෙත් ඔවුන්ව ම මිස වෙන කිසිවකු ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නො කරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේ ය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්වී ය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්‍යය අතිමහත් ය.
Các Tafsir tiếng Ả-rập:
 
Ý nghĩa nội dung Chương: Al-Nisa'
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad - Mục lục các bản dịch

Người dịch: Nhóm thuộc Trung tâm Dịch thuật Rowad hợp tác với Hiệp hội Tuyên truyền Ar-Rabwah và Hiệp hội Dịch vụ Nội dung về Islam bằng đa ngôn ngữ.

Đóng lại