Check out the new design

Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad * - Mục lục các bản dịch

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ý nghĩa nội dung Chương: Al-Nisa'   Câu:
لَا یُحِبُّ اللّٰهُ الْجَهْرَ بِالسُّوْٓءِ مِنَ الْقَوْلِ اِلَّا مَنْ ظُلِمَ ؕ— وَكَانَ اللّٰهُ سَمِیْعًا عَلِیْمًا ۟
අපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු පරුෂ වදන් ප්‍රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්‍රිය නො කරයි. තවද අල්ලාහ් සර්වශ්‍රාවක; සර්වඥානී ය.
Các Tafsir tiếng Ả-rập:
اِنْ تُبْدُوْا خَیْرًا اَوْ تُخْفُوْهُ اَوْ تَعْفُوْا عَنْ سُوْٓءٍ فَاِنَّ اللّٰهَ كَانَ عَفُوًّا قَدِیْرًا ۟
යම් යහපතක් නුඹලා හෙළි කළ ද එය නුඹලා සැඟවුව ද යම් නපුරකට නුඹලා සමාව දුන්න ද සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී මහා ශක්තිවන්තයා ය.
Các Tafsir tiếng Ả-rập:
اِنَّ الَّذِیْنَ یَكْفُرُوْنَ بِاللّٰهِ وَرُسُلِهٖ وَیُرِیْدُوْنَ اَنْ یُّفَرِّقُوْا بَیْنَ اللّٰهِ وَرُسُلِهٖ وَیَقُوْلُوْنَ نُؤْمِنُ بِبَعْضٍ وَّنَكْفُرُ بِبَعْضٍ ۙ— وَّیُرِیْدُوْنَ اَنْ یَّتَّخِذُوْا بَیْنَ ذٰلِكَ سَبِیْلًا ۙ۟
සැබැවින් ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට ඇතැමුන්ව අපි විශ්වාස කරමු. එමෙන් ම ඇතැමුන්ව අපි ප්‍රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්‍රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී…
Các Tafsir tiếng Ả-rập:
اُولٰٓىِٕكَ هُمُ الْكٰفِرُوْنَ حَقًّا ۚ— وَاَعْتَدْنَا لِلْكٰفِرِیْنَ عَذَابًا مُّهِیْنًا ۟
සැබෑ ලෙසින් ප්‍රතික්ෂේප කළවුන් මොවුහු ම ය. තවද අපි ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.
Các Tafsir tiếng Ả-rập:
وَالَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ وَلَمْ یُفَرِّقُوْا بَیْنَ اَحَدٍ مِّنْهُمْ اُولٰٓىِٕكَ سَوْفَ یُؤْتِیْهِمْ اُجُوْرَهُمْ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟۠
අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් විශ්වාස කර ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනස් කම් නො කළවුන් වනාහි ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු ඔවුනට මතු පිරිනමනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
Các Tafsir tiếng Ả-rập:
یَسْـَٔلُكَ اَهْلُ الْكِتٰبِ اَنْ تُنَزِّلَ عَلَیْهِمْ كِتٰبًا مِّنَ السَّمَآءِ فَقَدْ سَاَلُوْا مُوْسٰۤی اَكْبَرَ مِنْ ذٰلِكَ فَقَالُوْۤا اَرِنَا اللّٰهَ جَهْرَةً فَاَخَذَتْهُمُ الصّٰعِقَةُ بِظُلْمِهِمْ ۚ— ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنٰتُ فَعَفَوْنَا عَنْ ذٰلِكَ ۚ— وَاٰتَیْنَا مُوْسٰی سُلْطٰنًا مُّبِیْنًا ۟
ධර්ම ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. ඔවුහු “අපට අල්ලාහ්ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැ”යි විමසා සිටියෝ ය. පසුව ඔවුන් කළ අපරාධ හේතුවෙන් ඔවුන්ව අකුණු හඬ හසුකර ගත්තේ ය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරුව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු.
Các Tafsir tiếng Ả-rập:
وَرَفَعْنَا فَوْقَهُمُ الطُّوْرَ بِمِیْثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَّقُلْنَا لَهُمْ لَا تَعْدُوْا فِی السَّبْتِ وَاَخَذْنَا مِنْهُمْ مِّیْثَاقًا غَلِیْظًا ۟
තවද ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීම සඳහා තූර් කන්ද ඔවුනට ඉහළින් අපි ඔසවා තැබුවෙමු. තවද ‘හිස නමා දොරටුවෙන් ඇතුළු වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු. තවද ‘සෙනසුරාදා සීමාව ඉක්මවා නො යනු’ යැයි ද අපි ඔවුනට පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු.
Các Tafsir tiếng Ả-rập:
 
Ý nghĩa nội dung Chương: Al-Nisa'
Mục lục các chương Kinh Số trang
 
Bản dịch ý nghĩa nội dung Qur'an - Bản dịch tiếng Sinhala - Trung tâm Dịch thuật Rowad - Mục lục các bản dịch

Người dịch: Nhóm thuộc Trung tâm Dịch thuật Rowad hợp tác với Hiệp hội Tuyên truyền Ar-Rabwah và Hiệp hội Dịch vụ Nội dung về Islam bằng đa ngôn ngữ.

Đóng lại