Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
وَمَثَلُ الَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمُ ابْتِغَآءَ مَرْضَاتِ اللّٰهِ وَتَثْبِیْتًا مِّنْ اَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ اَصَابَهَا وَابِلٌ فَاٰتَتْ اُكُلَهَا ضِعْفَیْنِ ۚ— فَاِنْ لَّمْ یُصِبْهَا وَابِلٌ فَطَلٌّ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවක් යැයි සිත් ස්ථාවරයට පත් කර ගනිමින් කිසිදු අකමැත්තකින් තොර ව තම වස්තුව වියදම් කරන දේව විශ්වාසවන්තයින්ට උපමාව සාරවත් උස් තැනිතලාවක පිහිටි වතුයායකි. එයට ධාරානිපාත වැස්සක් හට ගනී. බවභෝග ගුණ කර දෙයි. ධාරානිපාත වැස්සක් නොලැබී පොද වැස්සක් ලැබුණත් එම සාරවත් පොළවට එය සෑහෙයන්නේය. අවංක සිත් ඇත්තන් කරන වියපැහැදම්ද එලෙසමය. එය ස්වල්ප වශයෙන් පිහිටිය ද අල්ලාහ් එය පිළිගනී. එහි ප්රතිඵල ගුණ කර පිරිනමයි. නුඹලා සිදු කරන දෑ අල්ලාහ් නිරීක්ෂා කරමින් සිටියි. අවංක ව දන් දෙන්නන් හා මූණිච්චාවට දන් දෙන්නන්ගේ තත්ත්වයන් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَوَدُّ اَحَدُكُمْ اَنْ تَكُوْنَ لَهٗ جَنَّةٌ مِّنْ نَّخِیْلٍ وَّاَعْنَابٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۙ— لَهٗ فِیْهَا مِنْ كُلِّ الثَّمَرٰتِ ۙ— وَاَصَابَهُ الْكِبَرُ وَلَهٗ ذُرِّیَّةٌ ضُعَفَآءُ ۖۚ— فَاَصَابَهَاۤ اِعْصَارٌ فِیْهِ نَارٌ فَاحْتَرَقَتْ ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُوْنَ ۟۠
පුද්ගලයකුට රට ඉඳි හා මිදි වගාවෙන් යුත් වතුයායක් තිබේ. ඒ තුළ බීමට මිහිරි දිය පහරක් ගලා යයි. සෑම වර්ගයකම නැවුම් පලතුරු ද එහි ඔහුට ඇත. එහි අයිතිකරු කිසිවක් කර කියාගත නොහැකි ඉපැයිය නොහැකි වයස්ගත තත්ත්වයට පත් වෙයි. වැඩක් හරිහැටි සිදු කර ගැනීමට හැකියාවක් නැති තත්ත්වයක පසුවන දුර්වල දරු පරපුරක් ඔහුට වෙයි. ඒ සමගම ලැව් ගින්නක් එම වතු යායේ හට ගනී. එම වයස්ගත පුද්ගලයාද තම මහළුවිය හේතුවෙන් හා දුර්වල පරම්පරාවක් ඇති හේතුවෙන් ඒ ගැන දැඩි අවශ්යතාවකින් සිටියදී මුළු වතු යායම පිළිස්සී යයි. මෙසේ සිදු වීම නුඹලාගෙන් කිසිවකු හෝ ප්රිය කරන්නේද? මිනිසුනට පෙන්වීම පිණිස මූණිච්චාවට විදයම් කරන්නාගේ තත්ත්වයද මේ පුද්ගලයා හා සමානය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි අවශ්යතාවකින් සිටියදී කිසිදු යහපතක් නොමැතිවම ඔහු අල්ලාහ් වෙත පැමිණෙනු ඇත. අල්ලාහ් මෙම විස්තරය පැහැදිලි කළාක් මෙන්ම මෙලොවට හා මතු ලොවට ප්රයෝජනවත් වන දෑ ගැන ද පැහැදිලි කරන්නේය. එය නුඹලා වටහාගෙන ක්රියා කරනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَنْفِقُوْا مِنْ طَیِّبٰتِ مَا كَسَبْتُمْ وَمِمَّاۤ اَخْرَجْنَا لَكُمْ مِّنَ الْاَرْضِ ۪— وَلَا تَیَمَّمُوا الْخَبِیْثَ مِنْهُ تُنْفِقُوْنَ وَلَسْتُمْ بِاٰخِذِیْهِ اِلَّاۤ اَنْ تُغْمِضُوْا فِیْهِ ؕ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ غَنِیٌّ حَمِیْدٌ ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, නුඹලා නිත්යනුකූලව ඉපැයූ පිවිතුරු අනුමත දැයින් වියදම් කරනු. අපි නුඹලා වෙනුවෙන් මහපොළොවේ හට ගන්නට සැලැස්වූ දැයින් ද නුඹලා වියදම් කරනු. ඒවායින් පහත් බාල දෑ වියදම් කිරීමට නුඹලා අපේක්ෂා නොකරනු. එය නුඹලාට පිරිනමනු ලැබුවේ නම් පහත් හා බාල බැවින් නුඹලා ද එය පිළි නොගනු ඇත. නුඹලා තෘප්තියට පත් නොවන දෙයකින් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? නුඹලා කරන වියපැහැදම් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නොමැති බව නුඹලා දැන ගනු. ඔහුගේ ස්වභාවය තුළ හා ඔහුගේ ක්රියාකාරකම් තුළ ඔහු ප්රශංසාලාභියාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلشَّیْطٰنُ یَعِدُكُمُ الْفَقْرَ وَیَاْمُرُكُمْ بِالْفَحْشَآءِ ۚ— وَاللّٰهُ یَعِدُكُمْ مَّغْفِرَةً مِّنْهُ وَفَضْلًا ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
දිළිඳුකම පදනම් කර ගනිමින් ෂෙයිතාන් නුඹලා බිය ගන්වයි. නුඹලා මසුරුකම වෙත පොළඹවයි. පාපකම් හා වැරදි සිදු කරන්නට ඔහු නුඹලා කැඳවයි. නමුත් අල්ලාහ් නුඹලා කරන වැරදි වලට මහත් සේ සමාව දානය කිරීමටත් නුඹලාගේ ආහාර විස්තීරණය කිරීමටත් ප්රතිඥා දෙයි. අල්ලාහ් මහත් භාග්යවන්තය. ඔහුගේ ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ මනා දැනුමක් ඇත්තාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُّؤْتِی الْحِكْمَةَ مَنْ یَّشَآءُ ۚ— وَمَنْ یُّؤْتَ الْحِكْمَةَ فَقَدْ اُوْتِیَ خَیْرًا كَثِیْرًا ؕ— وَمَا یَذَّكَّرُ اِلَّاۤ اُولُوا الْاَلْبَابِ ۟
ප්රවේසමෙන් කතා කිරීමේ හා කටයුතු වල නිරත වීමේ ප්රඥාවන්තභාවය අල්ලාහ් තමන් කැමති ගැත්තන්හට පිරිනමයි. කවරෙකුට එය පිරිනමනු ලැබුවේද ඔහුට අධික යහපත පිරිනමනු ලැබීය. අල්ලාහ්ගේ අලෝකයෙන් ආලෝකය ලැබ ඔහුගේ මග පෙන්වීමෙන් මග ලැබ පූර්ණ ප්රඥාවලෝකයෙන් හෙබි අය හැර වෙනත් කිසිවෙකු ඔහුගේ වදන් හා සංඥා තුළින් උපදෙස් නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المؤمنون بالله تعالى حقًّا واثقون من وعد الله وثوابه، فهم ينفقون أموالهم ويبذلون بلا خوف ولا حزن ولا التفات إلى وساوس الشيطان كالتخويف بالفقر والحاجة.
•සැබෑ ලෙසින් අල්ලාහ් විශ්වාස කරන්නෝ අල්ලාහ්ගේ ප්රතිඥා හා ඔහුගේ කුසල් පිළිබඳ ව ස්ථාවර ව සිටිති. ඔවුහු ඔවුන්ගේ ධනය කිසිදු බියකින් හෝ දුකකින් තොර ව විය පැහැදම් කරති. ෂෙයිතාන් සිත් තුළ ඇති කරන දිළිඳුකම හා අව්යශතාව වැනි කුකුස් වෙත හැරී නොබලති.

• الإخلاص من أعظم ما يبارك الأعمال ويُنمِّيها.
•සිදු කරන කටයුතු වල වර්ධනය සහ අභිවෘද්ධිය පිහිටන්නට වඩාත් වැදගත් වනුයේ ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධියයි.

• أعظم الناس خسارة من يرائي بعمله الناس؛ لأنه ليس له من ثواب على عمله إلا مدحهم وثناؤهم.
•මිනිසුන් අතුරින් වඩාත් පාඩු ලබනුයේ තම ක්රියාවන් මිනිසුනට පෙන්වමින් මූණිච්ඡාවට කටයුතු කරන්නාය. හේතුව එවැන්නන් ප්රශංසාව හා ප්රාණමය පමණක් බලාපොරොත්තු වන බැවින් ඔවුන්ගේ ක්රියාවන් සඳහා කුසල් හිමි වන්නේ නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት