Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
وَاِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّ اَرِنِیْ كَیْفَ تُحْیِ الْمَوْتٰی ؕ— قَالَ اَوَلَمْ تُؤْمِنْ ؕ— قَالَ بَلٰی وَلٰكِنْ لِّیَطْمَىِٕنَّ قَلْبِیْ ؕ— قَالَ فَخُذْ اَرْبَعَةً مِّنَ الطَّیْرِ فَصُرْهُنَّ اِلَیْكَ ثُمَّ اجْعَلْ عَلٰی كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ یَاْتِیْنَكَ سَعْیًا ؕ— وَاعْلَمْ اَنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
අහෝ! මාගේ පරමාධිපතියාණනි, මිය ගිය ඇත්තන්හට ඔබ යළි ප්රාණය දෙන්නේ කෙසේ දැ?යි මාගේ දෑසට ඔබ පෙන්වනු මැනව’යයි ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටි අවස්ථාව ගැන -අහෝ නබිවරය,- නුඹ මෙනෙහි කර බලනු. එවිට: ‘මේ ගැන නුඹ තවමත් විශ්වාස නොකළේදැ?’යි අල්ලාහ් එතුමාගෙන් විමසා සිටියේය. ‘එසේ නොව, මම විශ්වාස කළෙමි. නමුත් මාගේ සිතෙහි තැන්පත් බව වැඩි කර ගන්නට මෙසේ අසමි’ යැයි එතුමා පවසා සිටියේය. එවිට අල්ලාහ් ඔහුට නියෝග කොට මෙසේ පැවසීය: ‘නුඹ කුරුලු වර්ග හතරක් ගෙන උන් නුඹට වඩාත් ලෙන්ගතු ලෙස ඇති කොට, පසු ව උන් කොටස් කොට ඒවායින් කොටසක් බැගින් නුඹ අවට පිහිටා ඇති කඳු අතරින් සෑම කන්දක් මත ම තබා පසු ව නුඹ උන් කැඳවන්න. එවිට උන් යළි ප්රාණය ලබා නුඹ වෙත වේගයෙන් පැමිණෙනු ඇත. සැබැවින් අල්ලාහ් ඔහුගේ රාජ්ය පාලනයේ සර්ව බලධාරී බවත් ඔහුගේ කටයුතු වලත් ඔහුගේ පිළිවෙත් හා මැවීම් වලත් ඔහු මහා ප්රඥාවන්ත බවත් දැන ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَثَلُ الَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ كَمَثَلِ حَبَّةٍ اَنْۢبَتَتْ سَبْعَ سَنَابِلَ فِیْ كُلِّ سُنْۢبُلَةٍ مِّائَةُ حَبَّةٍ ؕ— وَاللّٰهُ یُضٰعِفُ لِمَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව වියදම් කරන දේව විශ්වාසකයින්ට හිමි කුසලට උපමාව වනුයේ සාරවත් භූමියක් තුළ ගොවියා පැළ කරන ධාන්ය ඇටයකි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලකම ධාන්ය සියයක් බැගින් හට ගනී. එසේ අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන් හට ගුණ කොට කුසල් පිරිනමනු ඇත. කිසිදු ගණන් බැලීමකින් තොර ව ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට දෙනු ඇත. අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ත්යාගශීලීය. ගුණකර දෙනු ලබන්නට සුදුස්සන් කවරුන්ද යන වග ඔහු මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ ثُمَّ لَا یُتْبِعُوْنَ مَاۤ اَنْفَقُوْا مَنًّا وَّلَاۤ اَذًی ۙ— لَّهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۚ— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
අල්ලාහ්ට අවනත වෙමින් ඔහුගේ තෘප්තිය උදෙසා කවරෙකු තම ධනය වියදම් කොට පසු ව ඔවුන් වියදම් කළ දෑ වෙනුවට එහි කුසල් අහිමි කරන කියාවන් සිදු නොකරන්නේද (එනම් කළ දෑ මිනිසුන්හට වචනයෙන් හෝ ක්රියාවෙන් කියා නොපන්නේද) ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් සතු කුසල් ඇත. ඔවුන් මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුන් තුළ කිසිදු බියක් ඇති නොවන්නේය. ඔවුන්ට හිමි ආශිර්වාදයන් සඳහා ඔවුන් ගරුබුහුමන් කළ බැවින් ගෙවී ගිය දෑ පිළිබඳ දුකට පත් වන්නේද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَوْلٌ مَّعْرُوْفٌ وَّمَغْفِرَةٌ خَیْرٌ مِّنْ صَدَقَةٍ یَّتْبَعُهَاۤ اَذًی ؕ— وَاللّٰهُ غَنِیٌّ حَلِیْمٌ ۟
දෙවියන් විශ්වාස කරන්නාගේ හදවත තුළ සතුට දන්ව්න යහපත් වචනය හා ඔබ වෙත නපුරක් කරන්නාට පිරිනමන සමාව දානයක් ලබා දී පසු ව දානලාභියාට එය කියාපාමින් වේදනාවට පත් කරන දානයට වඩා උතුම්ය. අල්ලාහ් තම ගැත්තන්ගෙන් කිසිදු අවශ්යතාවක් බලාපොරොත්තු නොවන්නාය. ඔහු ඉවසන සුළුය. ඔවුන්හට දඬුවම පමුණුවීමට ඉක්මන් නොවන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُبْطِلُوْا صَدَقٰتِكُمْ بِالْمَنِّ وَالْاَذٰی ۙ— كَالَّذِیْ یُنْفِقُ مَالَهٗ رِئَآءَ النَّاسِ وَلَا یُؤْمِنُ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— فَمَثَلُهٗ كَمَثَلِ صَفْوَانٍ عَلَیْهِ تُرَابٌ فَاَصَابَهٗ وَابِلٌ فَتَرَكَهٗ صَلْدًا ؕ— لَا یَقْدِرُوْنَ عَلٰی شَیْءٍ مِّمَّا كَسَبُوْا ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْكٰفِرِیْنَ ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි. දානලාභියාට තම දානය ගැන කියාපාමින් හා ඔහුට වේදනාව ගෙන දෙමින් නුඹලා පිරිනැමු නුඹලාගේ දානයේ කුසල් අහිමි කර නොගනු. මෙලෙස කටයුතු කරන්නාට උපමාව වනුයේ, තම දානය මිනිසුන්හට පෙන්වීමේ අරමුණින් හා ඔවුන් ඔහු ප්රශංසා කිරීමේ අරමුණින් තම ධනය වියදම් කරන්නෙකු මෙනි. ඔහු අල්ලාහ් හා පරමාන්ත දිනය ද එහි ඇති කුසල් අකුසල් ගැනද විශ්වාස නොකළා වූ දෙවියන් ප්රතික්ෂේප කරන්නෙකි. එයට උපමාව මතුපිටින් පස් ආවරණය වූ මුඩු ගලක් මෙනි. ධාරානිපාත වර්ෂාවක් එම ගල මතට පතිත වෙයි. මතුපිටින් වසා තිබූ පස් තට්ටුව එම ගලින් ඉවතට යයි. එය කිසිවක් නොමැති මුඩු ගලක් බවට පත් වෙයි. මූණිච්චාවට සිදු කරන්නන්හට මුහුණ දෙන්නට සිදු වන්නේද එලෙසමය. ඔවුන්ගේ ක්රියාවන්හි හා ඔවුන් වියදම් කළ ධනයේ කුසල් පහ ව යනු ඇත. ඔවුන්හට අල්ලාහ් අබියස ඉන් කිසිවක් ඉතිරි නොවනු ඇත. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්හට තමන් තෘප්තියට පත් වන ඔවුන් කළ ක්රියාවෙන් හා ඔවුන් කළ දානයෙන් ඔවුනට ප්රයෝජනවත් වන දෑ වෙත මඟ පෙන්වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مراتب الإيمان بالله ومنازل اليقين به متفاوتة لا حد لها، وكلما ازداد العبد نظرًا في آيات الله الشرعية والكونية زاد إيمانًا ويقينًا.
•අල්ලාහ්ව විශ්වාස කිරීමේ තරාතිරම් හා ඔහු ව දැඩි ලෙස පිළිගැනීමේ පියවරවල් විවිධය. එයට සීමාවක් නැත. ගැත්තෙකු ආධ්යාත්මික හා ලෞකික වශයෙන් අල්ලාහ්ගේ සංඥාවන් දෙස තම අවධානය යොමු කරන සෑම අවස්ථාවකම ඔහු දේව විශ්වාසයෙන් හා පිළිගැනීමෙන් වර්ධනය වනු ඇත.

• بَعْثُ الله تعالى للخلق بعد موتهم دليل ظاهر على كمال قدرته وتمام عظمته سبحانه.
•මැවීම් මියගිය පසු ව අල්ලාහ් යළි ඒවා අවදි කර තිබීම. ඔහුගේ ශක්තිය හා ඔහුගේ පූර්ණ බලය විදහා පාන සාධකයක් වන්නේය.

• فضل الإنفاق في سبيل الله وعظم ثوابه، إذا صاحبته النية الصالحة، ولم يلحقه أذى ولا مِنّة محبطة للعمل.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ මහිමය. කුසල් විනාශ කර දමන අයුරින් කියාපෑමක් හෝ වේදනාවක් හෝ සම්බන්ධ නොවුනු දැහැමි චේතනාවක් සමග බැඳුණු දානයකට හිමි කුසලක විශාලත්වය.

• من أحسن ما يقدمه المرء للناس حُسن الخلق من قول وفعل حَسَن، وعفو عن مسيء.
•වචනයෙන් හා ක්රියාවෙන් සදාචාරාත්මක ලෙස හැසිරීමත් නපුරන් නොසලකා හැරීමත් පුද්ගලයකු ජනයාට ඉදිරිපත් කරන දැහැමි ක්රියාවන් අතර පිහිටන්නකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት