Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا تَدَایَنْتُمْ بِدَیْنٍ اِلٰۤی اَجَلٍ مُّسَمًّی فَاكْتُبُوْهُ ؕ— وَلْیَكْتُبْ بَّیْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ ۪— وَلَا یَاْبَ كَاتِبٌ اَنْ یَّكْتُبَ كَمَا عَلَّمَهُ اللّٰهُ فَلْیَكْتُبْ ۚ— وَلْیُمْلِلِ الَّذِیْ عَلَیْهِ الْحَقُّ وَلْیَتَّقِ اللّٰهَ رَبَّهٗ وَلَا یَبْخَسْ مِنْهُ شَیْـًٔا ؕ— فَاِنْ كَانَ الَّذِیْ عَلَیْهِ الْحَقُّ سَفِیْهًا اَوْ ضَعِیْفًا اَوْ لَا یَسْتَطِیْعُ اَنْ یُّمِلَّ هُوَ فَلْیُمْلِلْ وَلِیُّهٗ بِالْعَدْلِ ؕ— وَاسْتَشْهِدُوْا شَهِیْدَیْنِ مِنْ رِّجَالِكُمْ ۚ— فَاِنْ لَّمْ یَكُوْنَا رَجُلَیْنِ فَرَجُلٌ وَّامْرَاَتٰنِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَآءِ اَنْ تَضِلَّ اِحْدٰىهُمَا فَتُذَكِّرَ اِحْدٰىهُمَا الْاُخْرٰی ؕ— وَلَا یَاْبَ الشُّهَدَآءُ اِذَا مَا دُعُوْا ؕ— وَلَا تَسْـَٔمُوْۤا اَنْ تَكْتُبُوْهُ صَغِیْرًا اَوْ كَبِیْرًا اِلٰۤی اَجَلِهٖ ؕ— ذٰلِكُمْ اَقْسَطُ عِنْدَ اللّٰهِ وَاَقْوَمُ لِلشَّهَادَةِ وَاَدْنٰۤی اَلَّا تَرْتَابُوْۤا اِلَّاۤ اَنْ تَكُوْنَ تِجَارَةً حَاضِرَةً تُدِیْرُوْنَهَا بَیْنَكُمْ فَلَیْسَ عَلَیْكُمْ جُنَاحٌ اَلَّا تَكْتُبُوْهَا ؕ— وَاَشْهِدُوْۤا اِذَا تَبَایَعْتُمْ ۪— وَلَا یُضَآرَّ كَاتِبٌ وَّلَا شَهِیْدٌ ؕ۬— وَاِنْ تَفْعَلُوْا فَاِنَّهٗ فُسُوْقٌ بِكُمْ ؕ— وَاتَّقُوا اللّٰهَ ؕ— وَیُعَلِّمُكُمُ اللّٰهُ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව පිළිපදින්නනි! නුඹලා අතර කිසිවකු විසින් කිසිවකුට නියමිත කල් ණයක් ලබා දෙමින් ගනුදෙනු වල නිරත වන්නේ නම් එම කල් ණය පිළිබඳ සටහන් කරනු. එය ආගමානුකූල ව එයට ගැළපෙන පරිදි සත්යය හා සාධාරණ ලියන්නකු විසින් නුඹලා ඉදිරියේ සටහන් කළ යුතුය. යුක්තිය හා සාධාරණය පිළිබඳ අල්ලාහ් තමන්හට කවර දැයක් උගන්වා ඇත්තේ ද එයට අනුකූල ව එසේ සටහන් කරන්නා එම ණය ලිවීමෙන් කිසිවෙකු වැළැක්විය නොයුතුය. වගකීම කවුරුන් වෙත පැවරෙන්නේද ඔහු ගැන සැලකිල්ලට ගෙන ඔහු පිළිගන්නා අයුරින් ලියන්නා විසින් ලිවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලාහ්ට බැතිමත් විය යුතුයි. ණය හා සම්බන්ධ ව එකඟ වූ ප්රමාණයෙහි, වර්ගයෙහි හා ක්රමයෙහි කිසිදු අඩුවක් නොකළ යුතුයි. වගකීම පැවරුණු අයට එම ගනුදෙනු ව යහපත් අයුරින් ඉටු කළ නොහැකි වී නම් හෝ ඔහු කුඩා වයසේ පසුවීම හා උමතුභාවය වැනි හේතුන් නිසා දුර්වල තත්ත්වයේ පසුවන්නේ නම් හෝ ගොලු වැනි ශරීර ඌණතාවක් හේතුවෙන් හෝ එය පියවීමට නොහැකිවී නම් හෝ ඔහු වෙනුවෙන් වගකීම් දරන්නන් යුක්තිගරුක ව හා සාධාරණ ලෙසින් එම ණය පියවීමට ඉදිරිපත් විය යුතුය. යුක්තිගරුක බුද්ධිය ඇති පිරිමින් දෙදෙනෙකු ඒ සඳහා සාක්ෂිකරුවන් වශයෙන් පත් කර ගත යුතුය. පිරිමින් දෙදෙනෙකු නොලැබුණු විටෙක එක් පිරිමියකු හා ඔවුන්ගේ දහම හා වගකීම පිළිබඳ නුඹලා තෘප්තියට පත්වන එක් කාන්තාවකට අමතක වූ විට අනෙක් කාන්තාව විසින් මතක් කර දිය හැකි අයුරින් කාන්තාවන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස පත් කර ගනු. ණයක් සම්බන්ධ ව සාක්ෂියට ඔවුන් ඇරයුම් කරනු ලබන විට එම සාක්ෂිය නොවැළැක්විය යුතුය. ඒ සඳහා ඇරයුම් කරනු ලබන විට එයට පෙනී සිටීම ඔවුන්ගේ වගකීම වන්නේය.සටහන් කළ නියමිත ගිවිසුමෙන් නුඹලා නැඹුරු නොවිය යුතුයි. ණය පිළිබඳ ලියා තබා ගැනීම අල්ලාහ්ගේ දහම තුළ වඩාත් සාධාරණ එකක් වන්නේය. සාක්ෂි ඉදිරිපත් කිරීමටත් එය ඉටු කිරීමටත් වඩාත් සුදුසු වන්නේය. ණය වර්ගය එහි ප්රමාණය හා එහි කාලය සම්බන්ධ ව ඇති වන සැකය දුරු කිරීමටත් වඩාත් යෝග්ය වන්නේය.නමුත් නුඹලා අතර පවතින ව්යාපාර ගිවිසුම අත්පිට මුදලක් හෝ අත්පිට භාණ්ඩයක් සම්න්ධයෙන් නම් ලිවීමේ අවශ්යතාවක් එහි ඇති නොවන බැවින් එය අතහැර දැමීමේ වරදක් නැත. එසේ සාක්ෂි දැරීම නුඹලාට ආගමානුගත කර ඇත්තේ ගැටලු ඇති කරන හේතූන් හා තත්ත්වයන් වැළැක්වීම සඳහාය. ලේඛන ගත කරන්නන් හා සාක්ෂිකරුවන් කිසිවකු නුඹලා විසින් හිංසා පීඩාවට පත් නොකළ යුතුය. එමෙන්ම ඔවුන් එසේ ලිවීමටත් සාක්ෂි දැරීමටත් ඉල්ලා සිටින්නා ද හිංසාවට පත් නොවිය යුතුය. නුඹලා අතර කිසිවකු එසේ හිංසා පීඩා ඇතිි කරන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වී තම පාපය වෙත යොමු වන්නේය. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට කවර කරුණක් අණ කර තිබේද ඒවා පිළිපදිමින් කවර කරුණක් නුඹලාට තහනම් කර තිබේද නුඹලා ඒවායින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්ට බිය වනු. එහි නුඹලාගේ මෙලොව හා මතු ලොව ජීවිතයේ ඇති යහපත පිළිබඳ අල්ලාහ් නුඹලාට උගන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب تسمية الأجل في جميع المداينات وأنواع الإجارات.
•ගැටලු හා ප්රශ්න වැළැක්වීම පිණිස ණය හා වෙනත් මූල්යමය ගණුදෙනු තහවුරු කිරීම ආගමානු ගත කොට ඇත.

•තම නොහැකියාව හෝ බුද්ධි හීනතාව හෝ අඩු වයස හේතුවෙන් ණය පියවීමට නොහැකි අයගේ වගකීම භාරකරුට තහවුරු කිරීම.

•ණය හා වගකීම් තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීම ද ආගමානුගත කොට ඇත.

•සෑම ගනුදෙනුවකදීම ලියන්නා විසින් එයට ගැළපෙන පරිදි වචන භාවිතය හා නිසි ලෙස ලේඛන නිර්මාණය කිරීම ලිවීමේ හා එහි සාධාරණත්වයේ පූර්ණභාවයයි.

•වගකීම් හා ලේඛන ගත කිරීම් තහවුරු කිරීමේදී ඒ හේතුවෙන් කිසිවකු හිංසා පීඩාවට ලක් කිරීම සුදුසු නොවන්නේය. එය වගකීම් දරණ පාර්ශවය විසින් හෝ ලියන හා සාක්ෂි දරණ පාර්ශවය විසින් හෝ සිදු නොවිය යුත්තකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት