Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
وَاذْكُرُوا اللّٰهَ فِیْۤ اَیَّامٍ مَّعْدُوْدٰتٍ ؕ— فَمَنْ تَعَجَّلَ فِیْ یَوْمَیْنِ فَلَاۤ اِثْمَ عَلَیْهِ ۚ— وَمَنْ تَاَخَّرَ فَلَاۤ اِثْمَ عَلَیْهِ ۙ— لِمَنِ اتَّقٰی ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّكُمْ اِلَیْهِ تُحْشَرُوْنَ ۟
අල්ලාහ් අති ශ්රේෂ්ඨය යන තේරුම ගෙන දෙන ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් තක්බීර් හා නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත යන තේරුම ගෙන දෙන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යනුවෙන් දින කිහිපයක් තහ්ලීල් පවසමින් අල්ලාහ් මෙනෙහි කරනු. ඒවානම් හජ් මාසයේ එකොළහ දොළහ හා දහතුන් වන දින වෙති. නමුත් කිසිවකු දොළොස්වන දින ගල් ගැසීමෙන් පසු කලින්ම පිටත් ව යන්නේ නම් ඒ සඳහා ඔහුට අවසරය ඇත. එහි පාපයක් නැත. එය අල්ලාහ් ඔහුට පිරිනමා ඇති සහනයක් වන බැවිනි. ගල් ගසා අවසන් කරන තෙක් ඔහු දහතුන් වන දින දක්වාම ප්රමාද වී, පසුව ඉන් පිට වී යන්නේ නම් ඒ සඳහා ද ඔහුට අවසරය ඇත. එහි ද වරදක් නැත. එහිදී ඔහු එය පූර්ණ ව සිදු කර ඇත. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කළ ක්රියාව අනුගමනය කර ඇත. මේ සියල්ල හජ් වන්දනාව තුළ අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන්හට පිරිනමා ඇති ආශිර්වාද වෙති. අල්ලාහ් කවර කරුණක් අණ කර සිටියේ ද ඒ අනුව ඔහු කටයුතු කළ යුතු ව ඇත. අල්ලාහ්ගේ නියෝග පිළිපදමින් ඔහු වැළැක් වූ දැයින් වැළකී නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. නියත වශයෙන්ම නුඹලා ඔහු වෙතට පමණක් හැරෙන බවත් යොමු වන බවත් තරයේ විශ්වාස කරනු. නුඹලා සිදු කරන ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ النَّاسِ مَنْ یُّعْجِبُكَ قَوْلُهٗ فِی الْحَیٰوةِ الدُّنْیَا وَیُشْهِدُ اللّٰهَ عَلٰی مَا فِیْ قَلْبِهٖ ۙ— وَهُوَ اَلَدُّ الْخِصَامِ ۟
අහෝ! නබිවරය, මෙලොවෙහි තම කතාවෙන් නුඹ ව රැවටීමට පත් කරන කුහකයින් ද ජනයා අතර වෙති. ඔවුන් සත්යය පවසන බවත් උපදෙස් කරන බවත් නුඹ සිතන තරමට මනා වාග් ශෛලයකින් යුතු ව ඔවුන් කතා කරනු නුඹ දකින්නෙහිය. ඔහු එයින් අපේක්ෂා කරනුයේ තමන් හා තම වස්තුව ආරක්ෂා කර ගැනීමය. ඔහුගේ සිත දේව විශ්වාසය හා යහපත මත පිහිටා ඇති බවට බොරු පවසමින් අල්ලාහ් මත සාක්ෂි දරා පවසයි. නමුත් ඔහු මුස්ලිම්වරුන්ගේ දැඩි සතුරෙකි. දැඩි ලෙස තර්ක කරන්නෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا تَوَلّٰی سَعٰی فِی الْاَرْضِ لِیُفْسِدَ فِیْهَا وَیُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ الْفَسَادَ ۟
ඔහු නුඹෙන් වෙන් ව දුරස්ව ගිය විට මහපොළොවේ පාපකම් සිදු කොට කලහකම් ඇති කිරීමට උත්සාහ දරයි. ගොවිබිම් මෙන්ම ගොවිපළ සතුන් ද විනාශ කර දමයි. මහපොළොවේ එවන් කලහකම් සිදුවීම අල්ලාහ් ප්රිය නොකරන අතරම එසේ සිදුකරන්නන් ද ඔහු ප්රිය කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا قِیْلَ لَهُ اتَّقِ اللّٰهَ اَخَذَتْهُ الْعِزَّةُ بِالْاِثْمِ فَحَسْبُهٗ جَهَنَّمُ ؕ— وَلَبِئْسَ الْمِهَادُ ۟
ඒ කලහකාරියාට උපදෙස් මාර්ගයෙන් අල්ලාහ්ගේ සීමාවන්ට ගරු කොට ඔහු වැළැක්වූ දැයින් වැළකී ඔහුට බැතිමත් වනු යැයි පවසනු ලැබූ විට ඔහුගේ හිතුවක්කාරකම හා අහංකාරකම සත්යය වෙත යොමු වීමට ඔහු ව වැළැක්වීය. ඔහු පාපයේ අඛණ්ඩ ව නිරත ව සිටියේය. ඔහුට ප්රමාණවත් ඔහුගේ ප්රතිවිපාකය ඔහු නිරයට පිවිසීමය. එහි වැසියන් වෙනුවෙන් වෙන් කර ඇති වාසස්ථානය හා නවාතැන ඉතා බිහිසුණුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ النَّاسِ مَنْ یَّشْرِیْ نَفْسَهُ ابْتِغَآءَ مَرْضَاتِ اللّٰهِ ؕ— وَاللّٰهُ رَءُوْفٌۢ بِالْعِبَادِ ۟
තම ජීවිතය පරදුවට තබා තම පරමාධිපතිට යටහත් වී ක්රියා කරන ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරමින් ඔහුගේ මාර්ගයේ කැප වන අය ද මිනිසුන් අතර වෙති. අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි මහත් සේ කරුණාභරිතය. ඔහු ඔවුනට දයානුකම්පිතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا ادْخُلُوْا فِی السِّلْمِ كَآفَّةً ۪— وَلَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّیْطٰنِ ؕ— اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟
අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින සත්යය විශ්වාස කරන්නනි, ඉස්ලාමය තුළට පූර්ණ ලෙස පිවිසෙනු. ආගම් ලත් ජනයා දේව විශ්වාසය සම්බන්ධයෙන් තමන්ට පහළ වූ පුස්තකයෙන් කොටසක් අතහැර දමා තවත් කොටසක් ප්රතික්ෂේප කළාක් මෙන් නුඹලා ඉන් කිසිවක් අතහැර නොදමනු. ෂෙයිතාන්ගේ මාර්ග පිළිපැදීමෙන් වැළකෙනු. සැබැවින්ම ඔහු හෙළි පිටම නුඹලාගේ ප්රකට සතුරෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ زَلَلْتُمْ مِّنْ بَعْدِ مَا جَآءَتْكُمُ الْبَیِّنٰتُ فَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟
කිසිදු සැකයකට ඉඩ නැති පැහැදිළි සාධක නුඹලා වෙත පැමිණි පසු නුඹලා අතුරින් කවරෙකු හෝ ඉන් ලිස්සී වෙනතකට යොමු වන්නේද සැබැවින්ම අල්ලාහ් ඔහුගේ බලයේ හා ඔහුගේ පාලනයේ සර්ව බලධාරී බව දැන ගනු. ඔහු, ඔහුගේ සැලසුම් වලදී හා ආගමානුගත කිරීමෙහි වඩාත් ප්රඥාවන්ත බවත් දැන ගනු. එහෙයින් නුඹලා ඔහුට බිය වී ඔහුට ගරු බුහුමන් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ یَّاْتِیَهُمُ اللّٰهُ فِیْ ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلٰٓىِٕكَةُ وَقُضِیَ الْاَمْرُ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠
සත්යයෙන් නැඹුරු වී ෂෙයිතාන්ගේ මග පිළිපදින්නන් වන මොවුහු අපේක්ෂා කරනුයේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තියෙන් පිරුණු සුවිශුද්ධ අල්ලාහ් සමග සම්බන්ධ යමක් ඔවුන් අතරට අල්ලාහ් ගෙන ඒමය. එනම් ඔවුන් අතර තීන්දු දෙනු පිණිස ඔහු වලාකුළු හෙවණැලි අතරින් පැමිණ, සෑම දෙසකින්ම ඔවුන් පිරිවරාගෙන මලක්වරුන් ඔවුන් වෙත පැමිණ ඒ අවස්ථාවේ ඔවුන් අතර අල්ලාහ්ගේ තීන්දුව ක්රියාත්මක කරනු ලැබ එය අවසන් කිරීමය. සියලු මැවීම්හි කටයුතු හා ඔවුන්ගේ සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التقوى حقيقة لا تكون بكثرة الأعمال فقط، وإنما بمتابعة هدي الشريعة والالتزام بها.
•තක්වා හෙවත් දේව හැඟීමෙන් යුත් බැතිමත්කම යථාර්ථයකි. අධික ලෙස නැමදුම් කිරීමෙන් පමණක් එය ඇති වන්නේ නැත. එය ෂරීආ මගපෙන්වීම් අනුගමනය කිරීමෙන් හා ඒවා පිළිපැදීමෙන් ඇති විය යුත්තකි.

• الحكم على الناس لا يكون بمجرد أشكالهم وأقوالهم، بل بحقيقة أفعالهم الدالة على ما أخفته صدورهم.
•මිනිසුන්ගේ ස්වරූපය හා ප්රකාශය පමණක් පදනම් කර ගනිමින් ඔවුන් අතර තීන්දුව පිහිටන්නේ නැත. නමුත් එම යථාර්ථය පවතිනුයේ ඔවුන්ගේ ක්රියාවන් තුළිනි. එය ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ පෙන්වා දෙන්නකි.

• الإفساد في الأرض بكل صوره من صفات المتكبرين التي تلازمهم، والله تعالى لا يحب الفساد وأهله.
•මහපොළොවේ කලහකම් ඇති කිරීමේ සියලුම ආකාරයේ ගුණාංග හිතුවක්කරයින් සතු ගුණාංග වෙයි. අල්ලාහ් කලහකම හා එය සිදු කරන්නන් ප්රිය කරන්නේ නැත.

• لا يكون المرء مسلمًا حقيقة لله تعالى حتى يُسَلِّم لهذا الدين كله، ويقبله ظاهرًا وباطنًا.
•පුද්ගලයකු පූර්ණ වශයෙන් මෙම දහමට යටහත් වන තෙක් යථාර්ථවාදී ලෙස ඔහු අල්ලාහ්ට අවනත වූ මුස්ලිම්වරයකු වන්නේ නැත. ඔහු බාහිර ක්රියාකාරමක් මෙනේම අභ්යන්තර දෑ ද පිළිගත යුතුයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት