Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَالَّذِیْنَ هَادُوْا وَالنَّصٰرٰی وَالصّٰبِـِٕیْنَ مَنْ اٰمَنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۪ۚ— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
මෙම සමූහයා අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද මුහම්මද් තුමාගේ පැමිණීමට පෙර පැවති සමූහයන් අතර සිටි යුදෙව් කිතුනු හා සාබිඊවරුන් -අල්ලාහ් හා මතුලොව පිළිබඳ විශ්වාසය තහවුරු කරමින් ඇතැම් නබිවරුන් පිළිපැද්දා වූ පිරිස- අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද ඔවුන්ගේ පරමාධිපති අභියස ඔවුනට නියමිත කුසල් ඇත. මතුලොව මුහුණ දෙන්නට යන කරුණු පිළිබඳ ඔවුන්හට කිසිදු බියක් නැත. එමෙන්ම මෙලොව මගහැරුණු දෑ පිළිබඳව ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ اَخَذْنَا مِیْثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّوْرَ ؕ— خُذُوْا مَاۤ اٰتَیْنٰكُمْ بِقُوَّةٍ وَّاذْكُرُوْا مَا فِیْهِ لَعَلَّكُمْ تَتَّقُوْنَ ۟
අපි නුඹලා වෙතින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන මෙන් බලවත් ප්රතිඥාවක් ගත් අවස්ථාව මෙනෙහි කරනු. එම ප්රතිඥාව ක්රියාත්මක කිරීමට අතහැර දැමීම ගැන නුඹලාට අවවාද කරමින් නුඹලා බියවද්දමින් නුඹලාට ඉහළින් නිශ්චිත කන්දක් අපි ඔසවා තබා, තව්රාතයේ නුඹලා වෙත පහළ කළ කරුණු නොසැලකිල්ලෙන් හා මැලිකමින් තොරව ඉතා උනන්දුවෙන් හා දිරියෙන් යුතුව පිළිපදින මෙන්ද එහි ඇති දෑ ආරක්ෂා කොට ඒ ගැන පරිශීලනය කරන මෙන්ද නියෝග කොට එසේ සිදු කළ විට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂාව සලසාගත හැකි වනු ඇතැයි අවධාරණය කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ تَوَلَّیْتُمْ مِّنْ بَعْدِ ذٰلِكَ ۚ— فَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ لَكُنْتُمْ مِّنَ الْخٰسِرِیْنَ ۟
නුඹලා වෙතින් ගත් එම බලවත් ප්රතිඥාවෙන් පසු, නුඹලා එය පිටුපා ප්රතික්ෂේප කළාක් මිස එය ඉටු කළේ නැත. අල්ලාහ් එය නොසලකා හැර නුඹලාට ආශිර්වාද නොකළේ නම් හෝ නුඹලාගේ පශ්චාත්තාපය පිළිගන්නට ඔහුගේ කරුණාව නොවී නම් එසේ නුඹලා පිටුපා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා පරාජිතයින් බවට පත්වන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ عَلِمْتُمُ الَّذِیْنَ اعْتَدَوْا مِنْكُمْ فِی السَّبْتِ فَقُلْنَا لَهُمْ كُوْنُوْا قِرَدَةً خٰسِـِٕیْنَ ۟ۚ
සැබැවින්ම නුඹලාට පෙර සිටි එක් පරම්පරාවක තොරතුරු මනා ලෙස නුඹලා දන්නෙහුය. එහි කිසිදු ඇන්දවීමක් නැත. දඬයම් කිරීමට තහනම් කරනු ලැබූ සෙනසුරාදා දින ඒ ගැන නොතකා ඔවුහු දඬයම් කරමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය. එයට ඔවුන් කූට ලෙස සෙනසුරා දිනට පෙර දින දැල් එලා ඉරු දින දැලට හසු වූ මත්සයින් ගොඩට ගත්තෝය. මෙසේ කූට ලෙස කටයුතු කළ ඔවුනට ඔවුන්ගේ කූටකම හේතුවෙන් දඬුවම් වශයෙන් නෙරපා හරිනු ලබන වඳුරන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَجَعَلْنٰهَا نَكَالًا لِّمَا بَیْنَ یَدَیْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِیْنَ ۟
මෙසේ සීමාව ඉක්මවා කටයුතු කළ මෙම ගම්මානය ඒ අවට පිහිටි ගම්වාසීන්ට පාඩමක් බවටත් ඔවුනට පසු පැමිණෙන්නන්හට පාඩමක් බවටත් අපි පත් කළෙමු. එය ඔවුන් එවැනි ක්රියාවක් කරමින් අල්ලාහ්ගේ දඬුවමට ලක් නොවනු පිණිසය. එමෙන්ම අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් ඔහුගේ දඬුවම හා ප්රතිචාරය පිළිබඳ බියවන බැතිමතුන්හට මෙනෙහි කිරීමක් බවටත් අපි එය පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالَ مُوْسٰی لِقَوْمِهٖۤ اِنَّ اللّٰهَ یَاْمُرُكُمْ اَنْ تَذْبَحُوْا بَقَرَةً ؕ— قَالُوْۤا اَتَتَّخِذُنَا هُزُوًا ؕ— قَالَ اَعُوْذُ بِاللّٰهِ اَنْ اَكُوْنَ مِنَ الْجٰهِلِیْنَ ۟
සැබැවින්ම නුඹලාට පෙර සිටි තවත් පරම්පරාවක් පිළිබඳ තොරතුරු ගැන ද මෙනෙහි කර බලනු. එය එළදෙනකු කපා හරින්නැයි ඔවුනට මූසා අලය්හිස් සලාම් තුමා දන්වා සිටි විට, ඒ වෙනුවට ඔවුන් නොමනා ලෙස එතුමාගෙන් ප්රශ්න විමසා සිටි සිද්ධියයි. ඔවුහු එතුමාගෙන්: ‘ඔබ අප හාස්යයට ලක් කරන්නෙහුද!’ යැයි විමසා සිටියෝය. එවිට මූසා: ‘අල්ලාහ් වෙත බොරුවක් ගොත පවසන්නන් හා මිනිසුන් හාස්යයට ලක් කරන්නන් අතුරින් කෙනෙකු බවට පත්වීමෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි’ යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوا ادْعُ لَنَا رَبَّكَ یُبَیِّنْ لَّنَا مَا هِیَ ؕ— قَالَ اِنَّهٗ یَقُوْلُ اِنَّهَا بَقَرَةٌ لَّا فَارِضٌ وَّلَا بِكْرٌ ؕ— عَوَانٌ بَیْنَ ذٰلِكَ ؕ— فَافْعَلُوْا مَا تُؤْمَرُوْنَ ۟
ඔවුහු මූසා දෙස බලා: ‘ඔබේ පරමාධිපති කපා හරින්නැයි නියෝග කළ එම එළදෙනගේ ස්වරූපය අපට පැහැදිලි කර දෙන මෙන් අප වෙනුවෙන් ඔබ ඔබේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නැයි පැවසූහ. එවිට එතුමා: සැබැවින්ම එය වයසින් මුහුකුරා නොගිය ළපටිද නොවූ ඒ දෙක අතර මැදිවියේ පසුවන එළදෙනැකැයි අල්ලාහ් තමන්ට පවසා සිටි බව එතුමා ඔවුනට දන්වමින් ‘එහෙයින් නුඹලාට අණ කළ නියෝගය පිළිපදින්නට නුඹලා යුහුසුළු වන්නැයි පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوا ادْعُ لَنَا رَبَّكَ یُبَیِّنْ لَّنَا مَا لَوْنُهَا ؕ— قَالَ اِنَّهٗ یَقُوْلُ اِنَّهَا بَقَرَةٌ صَفْرَآءُ ۙ— فَاقِعٌ لَّوْنُهَا تَسُرُّ النّٰظِرِیْنَ ۟
ඔවුන්ගේ තර්කයේ හා මුරණ්ඩුකමේ දිගටම සිටිමින් මූසාතුමාගෙන් නැවත මෙසේ ප්රශ්න කළෝය. ‘උගේ වර්ණය කුමක්දැයි පැට පැහැදිලි කර දෙන මෙන් ඔබේ පරමාධිපතිගෙන් අසා අපහට දන්වන්නැ”යි පැවසූහ. එවිට මූසා ඔවුන් දෙස බලා සැබැවින්ම ‘එය තද කහ පැහැයෙන් යුත්, ඒ දෙස බලන්නන් පුදුමයට හා සතුටට පත් කරන එකකැ’යි පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الحُكم المذكور في الآية الأولى لِمَا قبل بعثة النبي صلى الله عليه وسلم، وأما بعد بعثته فإن الدين المَرْضِيَّ عند الله هو الإسلام، لا يقبل غيره، كما قال الله تعالى: ﴿ وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْه ﴾ (آل عمران: 85).
පාඨයේ සඳහන් නීති පිළිවෙත නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ට පෙර පැවති නීති පිළිවෙතකි. එතුමාගේ පැමිණීමෙන් පසුව අල්ලාහ් අබියස පිළිගැනීමට ලක්වූයේ ඉස්ලාමයි. ඒ හැර වෙනකක් පිළිගනු ලබන්නේ නැත. උත්තරීතර අල්ලාහ් සූරා ආලු ඉම්රාන් 85 වැනි වැකියේ මෙසේ පවසා සිටියි. “ඉස්ලාමය නොවන දහමක් කවරෙකු සොයන්නේද ඔහුගෙන් එය පිළිගන්නේම නැත.”

• قد يُعَجِّلُ الله العقوبة على بعض المعاصي في الدنيا قبل الآخرة؛ لتكون تذكرة يتعظ بها الناس فيحذروا مخالفة أمر الله تعالى.
• ඇතැම් පව්කාරයින් හට මතුලොව දඬුවම් පමුණුවීමට පෙරම මෙලොවෙහිම දඬුවම් ඉක්මන් කොට දෙනු ඇත. එය සෙසු ජනයා එමගින් උපදෙස් ලබා අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධව කටයුතු කිරීමෙන් වැළකී සිටින්නට පාඩමක් වනු පිණිසය.

• أنّ من ضيَّق على نفسه وشدّد عليها فيما ورد موسَّعًا في الشريعة، قد يُعاقَبُ بالتشديد عليه.
• ෂරීආවෙහි පුළුල් ලෙස පැමිණ ඇති යම් කරුණක්, එය තමන්හට දැඩි හා පීඩාව ගෙන දෙන කරුණක් බවට යමෙකු පත් කර ගත් විට, ඔහු එසේ පීඩාවක් බවට පත් කර දැයින් දඬුවම් කරනු ලබනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት